Powered by Blogger.

කුරුණැගල හා මාතර මහ නගරසභා බල ප්‍රදේශයන් තුල ව්‍යාජ අංක තහඩු යොදාගනිමින් රජයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගෙන ඇති බවට පැමිණිලි ලැබි ඇතැයි මැතිවරණ නිරික්ෂකයින් පවසයි.නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකොන් මහතා සදහන් කළේ  මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකොන් මහතා
Read More »

අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව දිගුකාලයක් බන්දනාගාරගතව සිටින රැදවියන් පිලිබදව සමීක්ෂණයක් කිරිමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවරගෙන තිබේ.එහි ලේකම නිතිඥ පුංචිහේවා මහතා සදහන් කළේ ඇතැම් රැදවියන් වසර 8ක් 10ක කාලයක් අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව බන්දනාගාරගතව සිටින බවයි.

ලේකම නිතිඥ පුංචිහේවා මහතා
Read More »

http://sinhala.adaderana.lk/news_images/212970063images.jpgකටුනායක ආයෝජන වෙළඳ කලාපයේ සේවකයින් පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

සේවකයින් 135 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් විසි දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීගමුව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

වමනය , ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඔවුන්ගෙන් දැකිය හැකි බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
Read More »

http://sinhala.adaderana.lk/news_images/461217016images.jpgකඩුවෙල,රණාල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී වැලිගොඩ දැමීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ.

අද දහවල් කරනු ලැබූ වැටලීමකදී කියුබ් 30 ක පමණ වැලි,වැලි ප්‍රවාහනයට යොදාගත් ලොරියක් සමග තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් කියා සිටියේය.
Read More »

ආණ්ඩුව තුළ සිටියදීත් තනිවම මැතිවරණවලට මුහුණ දී ජයග්‍රහණය කිරිමට තරම් තම පක්ෂයේ කොන්ද ශක්තිමත්ව ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි.


ඔහු ඒ බව පැවසුවේ කොළඹදී පැවති මැතිවරණ රැළියකදීය.

"අපි ඉතාම පැහැදිලිව සමහර දේවල් පිළිබඳව කිව්වා. විපක්ෂය බලහික කරන්න එපා. ලාංඡනය ගැන නොහිතා පොදු ලාංඡනය ගැන හිතා කටයුතු කරන්න කියලා කිව්වහම එය පිළිගත්තේ නැහැ. එහෙම බලහිත වුණා කුමක් කරන්නද? නමුත් අපි කෙළින්ම මෙවරත් අප මේ ආණ්ඩුවට කිව්වා අපි බුලත් කොලයට ආවේ නෑ. අපි තනියෙන් යන්න ශක්තිමත්ව ඉන්නවා ආණ්ඩුව තුළ ඉදගෙනත් තනියෙන් තරඟ කරන්න තරමට කොන්ද පන ඇති පක්ෂයක් අපේ පක්ෂය"
Read More »

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිද්ධියට සම්බන්ධ නඩුවක සාක්ෂිකාරියකට බලපෑම් කළ බවට සැකපිට කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.


සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අදාළ තීරණය ගනු ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස විනිසුරුවරයා කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 5 වැනිදා දුන් නියෝගයකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබිණි.

අපයෝජන සිද්ධියට අදාළ සැකකරුවන් එවැනි වරදක් සිදුනොකළ බවට පැමිණිලිකාර දැරිය ලවා බලහත්කාරයෙන් ලිපියක් ලියවා ගත් බවට අත්අඩංගුවට පත් උප පොලිස් පරික්ෂකවරයාට චෝදනා එල්ල වී තිබේ.
Read More »

මොණරාගල, ඔක්කම්පිටියට බල පෑ ටෝනාඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මොණරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ, නිවාස 20කට හානි සිදුව ඇති බවයි.

ඊයේ සන්ධ්‍යාවේ ඇති වු තද වර්ෂාවත් සමග ගස් කොළන් කඩා වැටීමෙන් එම නිවාසවලට අලාභහානි සිදුව ඇති බව ඔහු සදහන් කළේය.
Read More »

මොණරාගල, මඩුල්ල, මාගන්දාඔය ජනපදය හරහා හමා ගිය කෙටි තද සුළඟකින් නිවාස 20 කට පමණ හානි සිදුවී තිබේ.


දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කුමාර පැවසුවේ (8) පස්වරු 4.30 ට පමණ මාගන්දාඔය ජනපදයට එම සුළං තත්ත්වය බලපා ඇති බවයි.

මේ වනවිට එම ප්‍රදේශයේ ආපදා හානී පිළිබද තොරතුරු රැස්කරමින් සිටින බව ද ඔහු සදහන් කළේය.
Read More »

http://sinhala.adaderana.lk/news_images/2129479639Sep-9-L.jpg
Read More »

http://sinhala.adaderana.lk/news_images/91188856images.jpgතිස්සමාහාරාමය පොලිස් වසමේ"හවුල්ගම"හි කොහොඹගහපෑලැස්ස ප‍්‍රදේශයේ ඇළ කණ්ඩියේ සපත්තු පාලම අසල ඉඩමක තිබී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

අද දහවල් තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 ක් වූ වැලිහිඳ බඩල්ගේ ජයතිස්ස නැමැති කොහොඹගහපෑලැස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය කියා සිටියි.

මෙම ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්,මැණික් පතළක ආරවුලක් මෙම අපරාධයට හේතුවී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පෙන්වාදෙයි.

තිස්සමහාරාමය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
Read More »

http://sinhala.adaderana.lk/news_images/1978857946susilprem2.jpgඑජනිස පාර්ශ්වකරුවන් නොවන දේශපාලන පක්‍ෂ විසින් ජනාධිපතිවරයාගේ ඡායාරූපය මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විරෝධය පළකරන බව එහි මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනයේ මෙසේද සඳහන් වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත වී දේශපාලන පක්‍ෂ කිහිපයක් එළෙඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ඒ ඒ පළාත් පලාන ආයතන සඳහා තරඟ කරනු ලබයි.

මෙවර පළාත් පලාන මැතිවරණයේ දී විශේෂයෙන් ගාල්ල මහනගර සභාව සඳහා තරඟ කරනු ලබන සන්ධානයේ පාර්ශ්වකරුවකු නොවන එක්තරා දේශපාලන පක්‍ෂයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ඡායාරූපයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්‍ෂයක නායකයකුගේ ඡායාරූපයත් සමග මැතිවරණය ප‍්‍රචාරක දැන්වීමක් දිනපතා පුවත්පතක පළකර ඇති බව එක්සත් ජනනා නිදහස් සන්ධානය නිරීක්‍ෂණය කර ඇත.

මෙම පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විරෝධය ප‍්‍රකාශ කරන අතර මෙවනි ප‍්‍රචාරක කටයුතුවලින් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ගාල්ල මහනගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය සලකුණ යටතේ තරග කරන අපේක්‍ෂක කණ්ඩායම් වලට පමණක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්‍ෂවල සහාය හිමිවේ.
Read More »

http://sinhala.adaderana.lk/news_images/1477079281train-L.jpgනවදිල්ලි-හොව්රහානි රාජ්ධානි අධිවේගී සුඛෝපභෝගී දුම්රියකට එල්ල වූ ගල් ප්‍රහාරයකින් ශ්‍රී ලංකා මගියෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

නවදිල්ලියේ සිට කිලෝමීටර් 130 ක් දුරින් පිහිටි අලිගාහ් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් දුම්රියට මෙම ගල් මුල් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.

තුවාල ලබා ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන බෙන් මෙන්ඩිස් නමැති අයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රදේශයේදී දුම්රිය මෙවැනි ප්‍රහාරයන්ට නිරන්තරයෙන් ලක්වන බවත්,දුම්රියේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන් විසින් නිසි පියවර නොගන්නා බවටත් Times of India චෝදනා කරයි.
Read More »

කොටවෙහෙර-නුගන්නෝරුව ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

(7)රාත්‍රී 10.30ට පමණ මෙම පහර දීම සිදු වී ඇති බව කොටවෙහෙර පොලිසිය ප්‍රකාශ කරයි.

මිය ගිය පුද්ගලයා 65 හැවිරිදි නුගන්නෝරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘතශරීරාගාරයේ තබා තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ සිදු කිරීමට නියමිතය.
Read More »

http://sinhala.adaderana.lk/news_images/555011220anandasangari.jpgද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවතුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවට රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකුද සහභාගී වී තිබේ.

පසුගිය දිනවල උතුරු ප්‍රදේශයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හා ඊට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පිළිබඳ මෙහිදී ආනන්ද සංගරී මහතා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ බව කියැවේ.

මෙවැනි තත්ත්වයක් උද්ගත වූ පසු අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන් බව සඳහන් වේ.
Read More »

http://sinhala.adaderana.lk/news_images/208355749main-LL.jpgඋතුරේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල දී පුනරුත්ථාපනය කරන ලද අභ්‍යාසලාභීන් හා දකුණේ ජනතාව අතර සුහදතාවය , සහජීවනය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන" තල් රුප්පාවෙන් - පොල් රුප්පාවට" මිත්‍රත්ව චාරිකාව අද ආරම්භ විය.පුනරුත්ථාපන හා බන්ධනාගාර ‍ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. උතුරේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල දී පුනරුත්ථාපනය වූ තරුණයන් 475ක් සහ තරුණියන් 25ක් වව්නියාවේ සිට දකුණට විශේෂ දුම්රියකින් පැමිණි අයුරු.
Read More »

http://sinhala.adaderana.lk/news_images/1254345408images.jpgලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත සහ නොතාරිස් ආඥා පනත සංශෝධනයට ලක්කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මේවන විටත් ප්‍රකාශයට පත්කර ඇති බවත්,සංශෝධන සඳහා වන පනත් කෙටුම්පත් කැබිනට් අනුමැතිය සඳහා කඩිනමින් යොමු කරන බවත් පැවසෙයි.

මේවන විට ඔප්පු ලිවීමේ කටයුතුවලදී අදාළ බලප්‍රදේශ හැඳින්වීමට පත්තු,කෝරල ආදී පැරණි නාමයන් හා සීමා නීර්ණයන් භාවිතා කිරීම නිසා ඒවා ක්ෂණිකව හඳුනාගැනීමට අපහසුවීම නිසා මෙම පනත් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව නව සංශෝධිත පනත් කෙටුම්පත්වලින් පසු ඔප්පු ලිවීමේදී පැරණි ක්‍රමය වෙනුවට අදාළ ප්‍ර.ලේ කොට්ඨාසය,ග්‍රාම නිලධාරී වසම ආදී සීමා නීර්ණය තුළින් ඉකී ඉඩම හැඳින්වීම කළ යුතු බව සඳහන් වේ.
Read More »

http://www.thambapanne.net/wp-content/uploads/2011/09/foft-logic.jpgසොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම (Softlogic Finance) මූල්‍යමය වශයෙන් කඩා වැටීමේ අනතුරක් මතු වී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත.
එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ඉෆ්ටිකාර් අහමඞ් මහතාගේ මූල්‍යමය අවිධිමත්භාවය නිසා මෙම තත්ත්වය උදාවෙමින් පවතී. ඉෆ්ටිකාර් අහමඞ් මහතා එන්.ඞී.බී. බැංකුවේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති අතර, මූල්‍ය වංචාවක් හේතුවෙන් ඔහුව එම ආයතනයෙන් ඉවත් කර තිබේ.
මෙවැනි පුද්ගලයෙකු යළි මූල්‍ය ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩලයට හා පරිපාලනයට පත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පුලූල් පසුවිපරමක් සිදු කළ යුතු වුවද, එවැන්නක් මේ දක්වා සිදු වී නොමැත.සොෆ්ට්ලොජික් ආයතනයේ ප‍්‍රධානි අශෝක පතිරගේ මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අතර පවතින සමීප මිත‍්‍රත්වය මත මෙම ආයතනය පිළිබඳව නිසි විමර්ශනයන් සිදු නොවේ.තවද, අශෝක පතිරගේ මහතා ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කර අතර, ආණ්ඩුවේ ප‍්‍රධානියෙකුගේ ඉල්ලීම මත ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුට මොහු විසින් මාසිකව දීමනාද ලබා දේ.
මේ පිළිබඳව අප වෙත තොරතුරු මාධ්‍යට ලබා දුන් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත්තේ, මූල්‍ය අක‍්‍රමිකතා හේතුවෙන් සෙලින්කෝ ආයතනය බිඳ වැටුනු ආකාරයටම ශී‍්‍ර ලංකාවේ තවත් මූල්‍ය ආයතන 10 ක් පමණ ඉතා කෙටි කලක් තුළදී බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි.
Read More »

http://4.bp.blogspot.com/-mmv_A3WdrR8/TmkJnbNck3I/AAAAAAAAF-A/qoSd7gKH19I/s1600/laksala_06.jpgශ‍්‍රී ලංකාව තුළ සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ  දිරි ගැන්වීම හා ඔවුන්ගේ නිර්මාණ අලවි කිරීම සදහා පිහිටුවා ඇති ලක්සල ආයතනයේ, වටිනාම හා ලක්සල වෙත  වැඩිම ආදායමක් ලබාදුන් බම්බලපිටිය නිවාස ක‍්‍රමයේ අංක 08 දරණ ස්ථානය ආණ්ඩුව විසින් කරණවෑමියෙකු සදහා විකුණා දමා ඇති බවට තොරතුරු  අනාවරණය වේ.
මෙම විකිණීම  සදහා මිල ගණන් කැදවා ඇති අතර ඒ සදහා වැඩිම මිල ගණන් ඉදිරිපත් කැදවා ඇති අතර  ඒ සදහා වැඩිම මිල ඉදිරිපත් කළ  සරණපාල හේවාපතිරණ නම් පුදගලයෙකු වෙත රුපියල් 4,200,500 මුදලකට මෙය විකිණීමට තීරණය කර ඇත. ඉතිරි මුදල මේ වන තුරුත් ගෙවා නොමැති අතර අදාල පුද්ගලයා විසින්  ලක්සල බම්බල පිටිය  ශාඛාවේ තම සැලෝන් එකක් පවත්වාගෙන යනු ලබන අතර ඉතිරි මුදල ලබාගැනීම සදහා මේ වන තෙක්ම කටයුතු කර නොමැති බවද වාර්තාවේ. මේ අනුව රාජ්‍ය දේපල කුණු කොල්ලයට තම හිතවතුන්ට විකුණා දැමීම අරබා ඇති රජය එය සැලෝන් එකේ සිට අති දැවැන්ත හෝටල් දක්වා වන ලෙස එකින් එක සිදුකරමින් සිටී.
Read More »

http://www.thambapanne.net/plus/wp-content/uploads/2011/09/bodyguard-first-look-poster-201x300.jpg’බොඩිගාඩ්’ නම් බොලිවුඩ් චිත්‍රපටය සතියේ දිනක බ්‍රිතාන්‍යයේ ප්‍රදර්ශනය තුළින් වාර්තාගත ආදායමක් උපයා තිබේ.පසුගිය වසරේ තිරගත වු My Name is Khan චිත්‍රපටය තබා තිබු ආදායම් වාර්තාව අභිබවමින් ’බොඩිගාඩ්’ චිත්‍රපයට එක් දිනක් තුළ උපයා ඇති ආදායම පවුම් එක් ලක්ෂ අනුහතර දහසකි.’බොඩිගාඩ්’  චිත්‍රපටය මැද පෙරදිග රටවල ප්‍රදර්ශනය තුළින් ඩොලර් මිලියනයකට අධික ආදායමක් උපයා තිබේ.
Read More »



එක්‌ව විඳීම්, දැනීම් හා ඒ සමඟ හැසිරීම් රසිකයාගේ සිරුරෙහි ගමන් කරන ලෙය හා සම්බන්ධය. එහි උත්තේජන කාර්යාවලිය මනස විසින් සිදු කරනු ලබයි. අනෝමා ජනාදරීගේ පුනරුක්‌ති පොතේ ලියෑවෙන ඇගේ කතාව කියවන පාඨක බහුතරය,ස්‌ත්‍රී පක්‍ෂය යෑයි මම අනුමාන කරමි. එය කියවන විද්වත් පාඨක (පිරිමි) පක්‍ෂයට බොහෝ විට එය ප්‍රබන්ධයක්‌ම පමණි. (පිරිමි පාඨක බහුතරයේ අදහස්‌ අනුව පසුව සාකච්ඡාවට ගනිමි.)

අනෝමාගේ දත්ත අනුව ඇගේ පුනරුක්‌ති - මගේ කතාව කියවා ඇයට ප්‍රතිචාර දක්‌වන ස්‌ත්‍රී පක්‍ෂයේ ආකල්ප සාමාජීය ඇසකින් මෙලෙස බෙදා දැක්‌විය හැකිය.

1. මව තම කුසින් බිහි කළ දරුවාට අකටයුතුකම් කරන්නේ ඇයි?

2. පවුලට වක්‍රාකාරව සම්බන්ධ පුද්ගලයන්ගේ දරුවන්ට සිදුවන හිරිහැර, අතවර දෙමාපිය වැඩිහිටියන් දනිත්ද?

3. ළමුන් කුඩා කලදීම පවුලෙන් පිටමංව පාසල්, හොස්‌ටල්, බෝඩිං කාමර, නෑදෑයන්ගේ ආගන්තුකයන් බවට පත්වීමෙන් යහපතක්‌ සිදුවේද?

4. උසස්‌ අධ්‍යාපනය ලැබීමට ඇතුළු වන ශිෂ්‍ය පරම්පරාවන් තම සහෝදර ශිෂ්‍ය ප්‍රජාව වෙත දක්‌වන හිරිහැර, ප්‍රචණ්‌ඩකාරී හැසිරීම් ඇයි?

සෑම ආගමක්‌ම "මව" නමැති උත්තරීතර පදවිය දරන තැනැත්තිය හට විශේෂ සාමාජීය රැකවරණයක්‌, වටිනාකමක්‌ ලබා දී තිබේ. කලාවේ හා සාහිත්‍යයේ ද "මව" සලකන්නේ "ආදරයේ උල්පත" හැටියටයි. "සෙනෙහසේ ගඟුල" හැටියටයි. එහෙත් ජනමාධ්‍ය වාර්තා දිනපතාම හුවා දක්‌වන්නේ තැන තැන සිදුවන සැහැසි ක්‍රියාකාරකම්වලට "මව" සෘජුව සම්බන්ධ බවයි. වගකිවයුතු බවයි. අඩු වයසින් ගැබ් ගැනීම, දෙමාපිය වැඩිහිටියන්ගේ යෝජනා මත විවාහ දිවියට එළැඹීම, විවාහයට පෙර පෙම්වතා අතින් ඈ කෙළෙසීම, ලිංගික විපර්යාසය කෙරෙහි ඇයට ඇති අනවබෝධය, ගැහැනියක හැටියට ඇගේ අයිතිවාසිකම් (මානසික/ භෞතික) තුළ සමානාත්මතාව නොමැතිවීම වැනි කාරණා නිසා තමන් මුහුණ දිය යුතු අර කී උත්තරීතර පදවිය ගැන අවබෝධයක්‌, අධ්‍යාපනයක්‌, වටපිටාවක්‌ ලැබී ඇතැයි අපට සිතිය නොහැකිය.

දරුවන් වදන ගැහැනුන්ට දෙතනේ කිරි එරෙන්නේ දරු ප්‍රසූතියේ ශාරීරික හේතු ප්‍රත්‍ය සූත්‍රයට වුවත් තම දරුවා දැකීමෙන් තමන් අත්විඳිනා අප්‍රමාණ සන්තුෂ්ටිය පසුපස දීර්ඝ කාලාන්තරයක්‌ තිස්‌සේ විඳි දුක්‌ඛ දොaමනස්‌ස අනුභවය ද නිසාමය. එනමුත් වර්තමාන සමාජ දේශපාලනික විෂමතා චක්‍රයේ පීඩනයෙන් විනිර්මුක්‌ත වීමට ගැහැනියට කෙසේ හැකි වේද?

ආර්ථික හා සාමාජීය වටපිටාව හා ඔට්‌ටු වන පිරිමි සංහතිය උද්ධමනය හා තම අතමිට සරුකර ගැනීම නමැති ජීවන චක්‍රය ඉදිරියේ හෙම්බත්ව සිටිති. මංමුලාව හැසිරෙති. වංචනික ජීවිතවලට යොමුවෙති. තමුන්ගේ වර්ගයා බෝකිරීමේ අතිශය වැදගත් කාර්යභාරය හෙවත් ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක්‌ හෝ ඉන් ඵලය වන මාතෘත්වය හෝ පීතෘත්වය හෝ දෙමාපිය පදවි ගැන සාමාජාර්ථික උමතුවට පත්වූවන් දනිත්ද?

සමාජය නමැති සුවිශාල මිනිස්‌ සාමුහිකත්වය තුළ ගැහැනියගේ අධ්‍යාපනික පසුබිම, ඇගේ සියුමැලි මෘදු බව, සංවේදීකම, කුසලතා පරිපූර්ණ බව සමාජාර්ථික සංවර්ධනය සඳහා කෙලෙස යොදවා ගෙන ඇතිද? රටට උපයන විදේශ විනිමය ප්‍රතිශතයන්ගෙන් උපරිමයක්‌ ගෙන දෙන්නේ ගැහැනියයි. එහෙත් ඇයගේ මානසික දෘෂ්ඨිය පෝෂණයට බලධාරීන් සිදුකරන මෙහෙය කොතරම්ද? සමාජය ප්‍රවර්තනය කරන ප්‍රජනන කාර්යාවලිය ගැන ඇය දැනුවත් කරන්නේද? පිරිමි සමාජය තුළ ඇයට හිමි සමාජ දේශපාලනික සමානාත්මතාවය කෙතරම්ද?

ගෙදරින් පාසලට පිටවන ගැහැනු දරුවාට යළි ගෙදර දක්‌වා පියවර ගැන ගෙතුළට ඒමට නොහැකි අවස්‌ථා අප සමාජය ඇයට අත්කර දී තිබේ. මිශ්‍ර පාසලේ ඇයගේ ලැමට පිහි පහර පිට පහර දී ඇය මරා දැමූ අවස්‌ථා අප අසා තිබේ. උසස්‌ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල භූමියේ අනේකවිධ කුරිරු වධහිංසා විඳ ඝාතනයට ලක්‌ වූ සිසුවියන් ගැන ජනමාධ්‍ය හඬ නගා තිබේ. මේ සියලු අත්දැකීම් මාතෘත්වය ලබන ගැහැනු ළමයා, යෞවනිය, තරුණිය, ගැහැනිය අත්විඳින්නේ ඇයි?

පීතෘ මූලික සමාජය, වැඩිහිටි සමාජය, අනෝමාගේ පුනරුක්‌ති මගේ කතාව පිළිගන්නා අතරම එය ප්‍රබන්ධයක්‌ යෑයි කියමින් තම සාමාජීය දෑත් සංස්‌කෘතික කඩතුරාව මත පිසදාලීමට ද යත්න දරති. මෙවැනි උත්සාහයන්ට කදිම පිළිතුරක්‌ විද්වත් පියසිරි කුලරත්න විසින් දෙනු ලැබ තිබේ.

"....තමන්ගේ නියම ස්‌වභාවය මැන ගැනීමට ඇති හොඳම විදිහ තමන්ගේ ආත්මය නිර්වස්‌ත්‍ර කර ගැනීමයි. එමගින් තමාගේ පාප කඳ දෙස විදර්ශනාවෙන් බැලීමයි. එයට බෞද්ධයාට ධර්ම පදනමක්‌ තිබේ. ඒ සා ධෛර්ය සම්පන්න කාර්යභාරයකට අනෝමා ජනාදරී අප සමාජය ඉදිරියේ යළිත් වතාවක්‌ පෙරටුගාමීව සිටගෙන සිටින්නීය. සිංහල කාන්තාවක ලියූ නිර්භීත සේම නිර්ව්‍යාජම රචනාව මෙය විය හැකිය..."

අප සමාජයේ සාහිත්‍ය කලා නිර්මාණ හා කතිකා බොහෝ විට මනස්‌ගාත, පාර භෞතික, වියවුල් සහිත අනුභූති සංසරණයෝය. පොදු පාඨක රසික සමාජයෙන් වියුක්‌තව විවිධ පටු, ප්‍රචාරකවාදී ආකල්ප කරපින්නාගෙන පාඨක සමාජය වෙත දක්‌කාගෙන යැමට එකී අරමුණු ක්‍රියාත්මකය. සාහිත්‍ය හා කලා නිර්මාණ එකම පිරිසකගේ ක්‍ෂේත්‍ර දේපළක්‌ හැටියට ද පෙනෙන්නේ මේ නිසාය.

පුනරුක්‌ති - මගේ කතාවට ලැබෙන ප්‍රතිචාර අධම - මධ්‍යම උත්තම යන ආකාර තුනෙන්ම බව අනෝමා සඳහන් කරන්නීය. ඇගේ කතාව සත්‍යයක්‌ නම් සැබැවින්ම ඇගේ කතාව යථාර්ථවාදී ප්‍රබන්ධයකි. හේතුව පාඨකයා ඒ හා සමඟ තම සිරුරෙහි ගමන් කරන ලෙය හා මුසුවම ඊට ප්‍රතිචාර දක්‌වා ඇති බැවිනි. එහෙයින්ම ලේකාවක්‌, නිර්මාණකාරියක්‌ හැටියට අනෝමා තමාගේ කාර්යභාරය මෙවර ද ප්‍රශස්‌ථව ඉටු කළා යෑයි ඇයට මෙන්ම අපට ද සතුටු විය හැකිය. නැවතත් විද්වත් පියසිරි කුලරත්නගේ සඳහනක්‌ උපුටමි.

"....දියණිය, පුනරුක්‌ති ඉතිරිය අවසානය තෙක්‌ ලියන්න - බුදුසරණයි!....."

පියසිරි කුලරත්න මෙන්ම එය අප සැමගේ ද ප්‍රාර්ථනාවයි...
Read More »



සර්පිනා, තබ්ලා වැනි සංගීත භාණ්‌ඩ සහ ග්‍රැමෙµdaන් යන්ත්‍රය ද නිසා කුඩා කල සිටම සංගීතයේ චමත්කාරයෙන් නැළවෙමින් වැඩුණු විශාරද එස්‌. ඩබ්ලිව්. රන්දූව කොළඹ ඉන්දියානු සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ තබ්ලා පිළිබඳ උපදේශකයෙක්‌ ලෙස වසර 11 කට අධික කාලයක සිට කටයුතු කරයි.

පුරා වසර 45 කට අධික කාලයක්‌ ගුරුවරයකු ලෙසින් තම සේවය දැඩි කැපවීමකින් දරු පරපුර වෙනුවෙන් ඉටුකළ විශාරද රන්දූව මහතා ගුවන් විදුලියේ ස්‌ථිර වාදක මණ්‌ඩලයේ විශිෂ්ට ශ්‍රේණියේ තබ්ලා වාදකයකු ලෙස සේවය කොට දැන් විශ්‍රාම ලබා ඇත. කලක්‌ රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වී එකල බොහෝ විශිෂ්ට සංගීතඥයන්ගේ ශිල්ප හැදෑරීමේ භාග්‍යය ඒ මහතාට හිමි වූ අතර එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්‌ටර්, පී. පොඩිඅප්පුහාමි මාස්‌ටර් සහ වාද්‍ය නිපුන් පී. වී. නන්දසිරි යන මහත්වරු රන්දූව මහතාගේ ගුරුවරු වූහ. 2004 පෙබරවාරි 20 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී "රිද්ම රළ" නමින් තබ්ලා වාද්‍ය ප්‍රසංගයක්‌ ද පැවැත්විය. ඉන්දියානු සංස්‌කෘතික මධ්‍යස්‌ථානය වාර්ෂිකව එහි සංගීත, භාරත නාට්‍ය, නර්තනය අධ්‍යයනය කරන දරු දැරියන්ගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීමට ප්‍රසංගයක්‌ සංවිධානය කරන අතර විශාරද එස්‌. ඩබ්ලිව්. රන්දුනු මහතාගේ තබ්ලා වාද්‍ය සිසු සිසුවියන් එම ප්‍රසංගය පැවැත්වූ අයුරු මෙහි දැක්‌වේ.
Read More »



දකුණින් බිහිවූ මුල්ම දමිළ කෙටි චිත්‍රපටය හැදූ
මුම්තාස්‌ හෆීල් කියූ කතාවක්‌

වැලිගම දෙනිපිටියේ නුගරුක අසල වෙද පරපුරක ජන්ම ලාභය ලැබූ මුම්තාස්‌ හෆීල් දේශීය මුස්‌ලිම් කලාවන්ට නව මුහුණුවරක්‌ හා පිබිදීමක්‌ එක්‌ කිරීමට වෙහෙසෙන තරුණ කලාකරුවෙකි. කෙටිකතාකරුවකු, කවියෙකු මෙන්ම භාෂා ගුරු උපදේශකවරයකු ද වූ හෙතෙම වෘත්තියෙන් ගුරුවරයෙකි. ජාතික සාම සාහිත්‍ය සම්මානය, සාහිත්‍ය ප්‍රසාදිනී සම්මානය, රන්සළු සම්මානය ආදී ජාතික සම්මාන කිහිපයකින්ද පිදුම් ලැබූ හෙතෙම දකුණෙන් බිහිවූ මෙහ්රූන් මාස්‌ නවි කාව්‍ය ග්‍රන්ථයේ කතුවරයාද වේ. දකුණෙන් බිහිවූ මුල්ම දමිළ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන්නේද මුම්තාස්‌ය. කදවු (දොර) යනුවෙන් නම් කර ඇති එම කෙටි චිත්‍රපටය පිළිබඳව හා මුස්‌ලිම් ප්‍රජාව හා බැඳි කලාව පිළිබඳව "දිවයින සිනමා කලා" කළ සංවාද සටහනකි මේ.

පළමුව ඔබ නිර්මාණය කළ කදවූ (දොර) චිත්‍රපටය පිළිබඳව සඳහන් කළොත්...



කදවූ (දොර) නම් මෙම ද්‍රවිඩ කෙටි චිත්‍රපටය පැරැණි ආකල්පවාදී පවුලක අක්‌කා නංගී වටා ගෙතුනු කතාවක්‌ පසුබිම් කර ගත්තක්‌. පවුලේ සියලුම කටයුතු සිදුවෙන්නේ මෙම පවුලට සම්බන්ධවූ එක්‌තරා පැරැණි ග්‍රන්ථයක්‌ මතයි. එම ග්‍රන්ථය ආගමික ග්‍රන්ථයක්‌ද නොවේ. මෙය එක්‌තරා මූලධර්මවාදී සිද්ධාන්තයක්‌ ගොනුකරගත් කෘතියක්‌. එම පවුලේ අය පරම්පරා කිහිපයක්‌ තිස්‌සේ මෙම ග්‍රන්ථය දේවත්වයෙන් සැලකූ අතර වාර්ෂිකව පුද පූජාද පවත්වයි. නමුත් කෙසේ හෝ මෙහි අඩංගු කරුණු සියල්ලක්‌ම තමාගේ පවුලේ ශක්‌තිය හා දෛවය තීරණය කරන්නා යනුවෙන් මොවුන්ගේ මුතුන් මිත්තන් විසින් ඇති කළ තැති ගැන්වීමකින් යුතු විශ්වාසය නිසාදෝ එම පවුලේ සියලු කටයුතු එහි සඳහන් වූ ආකාරයෙන්ම සිදුකරන්නට වුණා. එම විශ්වාසයන් නිසා උද්ගත ගැටුම් නිසා වූ ග්‍රන්ථය අවසානයේ පුළුස්‌සා දැමීමට සිදුවුණා. ඉන්පසුව සිදුවන්නේ කුමක්‌ද යන්න මෙම කෙටි චිත්‍රපටයේ තේමාව වුණා.

දකුණු පළාතේ බිහිවූ මුල්ම ද්‍රවිඩ කෙටි චිත්‍රපටය වන "කදවූ" (දොර) හි කතාව, දෙබස්‌ තිර රචනය හා අධ්‍යක්‍ෂණය සිදුකළේ මුම්තාස්‌ හෆීල්ය. මෙහි සංස්‌කරණය මහේෂ්, සංගීත සංයෝජනය රම්සි මොහමඩ්. මෙය "විෂුවල් ඩිරීම්ස්‌" ආයතනයේ නිෂ්පාදනයක්‌.

සංගීතය නැටුම් විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණා කිහිපයක්‌ම ඇති නමුත් එක්‌තරා රූපවාහිනි සාකච්ඡාවකදීත් ඔබ මේ පිළිබඳව කතා කිරීමට උත්සාහ ගත්තත් එහි නිවේදකයා ඔබට අවස්‌ථාවක්‌ ලබා දුන්නේ නෑ. වෙන දිසාවකට ඔබේ කතාව යොමු කළා.

විශේෂයෙන්ම එක දෙයක්‌ සඳහන් කළ යුතුයි. අපි තුළ නිර්මාණය වූ ආගම ජාතිය කුලය යනාදිය කෙසේ වුවත් පළමුව අපි සියලුදෙනාම මිනිසුන් වශයෙන් සමානයි. සතුට වේදනාව වගේම සිතුම් පැතුම් යනාදිය එකයි. ඉස්‌ලාම් ධර්මයේ කෙහේවත් රසවින්දනයට බාධා එල්ල කරලා නැහැ. ලස්‌සන හා සුන්දරත්වය ගැන මුස්‌ලිම්වරුන්ගේ මූල ග්‍රන්ථය වූ අල්කුර්අනෙහි පවා කිහිපපළක සඳහන් කර තියෙනවා.

මුස්‌ලිම් ප්‍රජාව සංගීතය පිළිබඳව පොදුවේ උනන්දුවක්‌ දැක්‌වීම හා එය සඳහා අවස්‌ථාවක්‌ ලබාදීම ඉතා අඩුයි. නමුත් අද මේ සම්බන්aධව විශේෂ කථිකාවක්‌ ගොඩ නැගී තිබෙනවා. මක්‌ නිසාද මුස්‌ලිම්වරුන්ට ආවේණික සංගීත සම්ප්‍රදායක්‌ තිබෙනවා. ගසල්, කවාලි, කුම්රි වගේම කසීදා යනුවෙන් සංගීතයේ පෝෂණය වූ ගීතිකා සම්ප්‍රදායක්‌ තිබෙනවා නමුත් මූලධර්මවාදීන් හා අන්තවාදීන් මෙය මුස්‌ලිම්වරුන්ගෙන් ඈත් කර තිබෙනවා.

මුස්‌ලිම්වරුන්ගේ සංගීතය කියන්නේ ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ තියෙන දෙයක්‌ නේද?

ඔව්ෘ මියුසික්‌ කියන ඉංග්‍රීසි වචනය ඇති වෙලා තියෙන්නේ "මුසික්‌" කියන අරාබි වචනයෙන්. සංගීතය යනු සමහරුන්ට ආහාරයක්‌ ද තවත් සමහරුන්ට ඖෂධයක්‌ වගේම ග්‍රීස්‌මයේදී මඳ සුළඟක්‌ද වේ යනුවෙන් ARABIAN KNIGHT (අරාබි නිසොල්ලාසය) පවසනවා. මෙයින් පැහැදිලි වන්නේ සංගීතය මුස්‌ලිම්වරුන් සමග කොපමණ කිට්‌ටු සම්බන්ධතාවයක්‌ තිබෙන්නට ඇතිද කියලා.

නමුත් 1035 දී මුස්‌ලිම්වරුන් විසින් මේ සම්බන්ධව පොත්පත් කිහිපයක්‌ම ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම ඉබ්නු සීනා විසින් ලියන ලද කීතාබුස්‌ෂිµd, ඒ වාගේම ඉබ්නුෙෙµදම් විසින් ලියන ලද රිසාලිබිද කුරක්‌තීල් ලුහාන් යන ග්‍රන්ථ දෙක හොඳ නිදසුනකි. ශබ්දය හා දරුවා නාද මාලාවලට වෙනස පිළිබඳව අධ්‍යාපනික සිද්ධාන්තයක්‌ අපට ග්‍රන්ථයක්‌ වශයෙන් මුල්වරට ලැබෙන්නේ ජර්මානියානු සමාජ විද්‍යාඥයකු වූ හෙල්මිහෝට්‌ස්‌ගේ (ON The Sensations of
tone) නමැති ග්‍රන්ථය තුළින් නමුත් මෙයට අවුරුදු නවසියයකට පෙරම මෙය සම්බන්ධව ඉහ්මානුස්‌ ෂබා යන කණ්‌ඩායම පර්යේෂණ කිහිපයක්‌ම කර තිබෙනවා. ඔබ දන්නවා ඇති මුල්වරට සංගීතය පිළිබඳව අගනා ග්‍රන්ථයක්‌ ලියවුණේ ග්‍රීසියානුවන් විසින්. එය ක්‍රි. ව. 360 දී පමණ එය (Alpius) විසින් ලියවුනු (Introduction to Music) යන ග්‍රන්ථයයි. එම ග්‍රන්ථ පවා මුස්‌ලිම්වරුන් විසින් පරිවර්තනය කොට සංරක්‍ෂණය කර තබා ගත් බව කියවේ.

තර්තනය පිළිබඳවත් යමක්‌ කතා කළොත් ?

යම්කිසි ආගම ධර්මයක්‌ වෙනුවෙන් පෙනී සිsටින කෙනෙකුට ඇයි නැටුමක්‌ සංගීතයක්‌ රස විඳින්න බැරි. එහි සෞන්දර්ය පමණක්‌ රස විඳින්න බැරි?

මුස්‌ලිම් සමාජය තුළ විශේෂයෙන් කාන්තාවන්ගේ නර්තන නැති ද ?

තියෙනවා, අද මුස්‌ලිම්වරුන්ගේ අනන්‍යතාවයන් පිළිබිඹු වන සංස්‌කෘති දායාදයන් වැඩි වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා. මොරොක්‌කො වලින් එසේම තුර්කියෙන් හා ඊජිප්තුවෙන්. අදටත් මොරොක්‌කෝවේ දැල්වෙන ඉටිපන්දමක්‌ හිසේ දරාගෙන රඟන මුස්‌ලිම් කාන්තාවන් සිටිනවා. විවාහ උත්සව වල රඟන මුස්‌ලිම් කාන්තාවන් සිටිනවා. මෙහි "චික්‌කට්‌" කියන කුලයට අයත් කාන්තාවන් ගමින් ගමට ගොස්‌ නැටුම් සංදර්ශන ඉදිරිපත් කරනවා. විශේෂයෙන් මෙම පවුල් වල පිරිමි සහෝදරයන් ජීවත් වන්නේ මොවුන් උපයන මුදල් වලින් ඒ වාගේම පකිස්‌ථානයේ "මඡ්රා" යන නැටුම මඟුල් උත්සව වලදී ඉතා ප්‍රසිද්ධයි. අද රාක්‌ස්‌වර්කි යන නැටුම අරාබි රටවල්වල සියවස්‌ ගානක්‌ තිස්‌සේ පැවැතීගෙන එන නර්තන විශේෂයක්‌. ඔබට මතක ඇති මිලේනියම් වර්ෂය ඇති වෙනවාත් සමග ම ලෝකයේ තියෙන සියලුම රටවල් වල පාහේ නර්තන සංදර්ශන ඉදිරිපත් කළා. සවුදි අරාබියාවේ නැටුම් සංදර්ශනත් ඉදිරිපත් කළා. නමුත් පටිගත කිරීම් හෝ නැවත විකාශය කිරීමට තහනම් යන නියෝගය මත.

මෝගල් යුගය ගත්තොත් ඖරංගසීබ් හැර අනෙකුත් රජවරුන්ගේ කාල වකවානු වලදී තරුණ ගැහැනු ළමයින් ගෙන් යුත් නැටුම් කණ්‌ඩායම් කිහිපයක්‌ රාජ සභාවල සිටියා. මේ වාගේම ඊජිප්තුවේ නිෂ්පාදනය වන චිත්‍රපටි ඉතා ප්‍රසිද්ධයි. එම චිත්‍රපටවල නර්තන ශිල්පීන් වන ශුවාද් ආස්‌ති, ශාමිලා තමාල්, නියාෂි මුස්‌තාµd යන අය පසු කාලයේ ඉතාමත් ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියන් බවට නම් දරා තිබුණා.

අද භාරත නැටුම් වල විශේෂිත වූ පදම් යන අංකය ඒ වගේම කතක්‌ නර්තනය සඳහාද මොගල් යුගයේදී මුස්‌ලිම්වරුන්ගේ යම් කිසි නිර්මාණ දායකත්වයක්‌ ලබා දී තිබීම විශේෂයි.

ඒ නිසා අපි කොහොම කීවත් කොතෙක්‌ තහංචි පනවල තිබුණත් අදටත් මුස්‌ලිම්වරුන්ගේ නර්තනයන් තිබෙන බව අපිට අවිවාදයෙන් යුතුව පිළිගන්නම වෙනවා.

ඔබ රූපවාහිනී මුස්‌ලිම් අංශත් සමඟ ඉස්‌ලාමීය සංස්‌කෘතික වැඩසටහන් රාශියක්‌ නිර්මාණය කර තිබෙනවා නේද?

මට 1995 අවුරුද්දේ රූපවාහිනී සංස්‌ථාවේ මුස්‌ලිම් අංශයෙන් ආරාධනාවක්‌ ලැබුණා. මම එම සාම්ප්‍රදායික මුස්‌ලිම් වැඩසටහන් වලට වඩා දෙයක්‌ කිරීමට උත්සාහ ගත්තා. නමුත් එවකට මුස්‌ලිම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂකතුමාට කලාව සම්බන්ධයෙන් වැඩි අවබෝධයක්‌ තිබුණේ නැහැ. ඒ නිසා නිර්මාණ කරණයේදී විවිධ ගැටලු මතුවුණා. ඒ නිසා ළමා වැඩසටහන් සමග නිර්මාණකරණයේ සීමාකරන්නට සිදු වුණා. පසුව එවකට නාට්‍ය අංශය භාරව සිටි තිලක්‌ ගුණවර්ධන මහතාගෙන් සිංහල ටෙලි නාට්‍යයක්‌ සඳහා ආරාධනවක්‌ ලැබුණා. එය උතුරුකුරු සටන ටෙලි නාට්‍යය. ඊට පසුව මම ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. විශේෂ ජාතික සමගිය තේමා කරගත් ටෙලි නාට්‍ය වල රඟපෑවා. මුස්‌ලිම් අංශය සඳහා ළමා වැඩසටහන් රාශියක්‌ම නිර්මාණය කිරීම සඳහා උදවු වුණා. පිටපත දෙබස්‌ රචනය තනු නිර්මාණය කරා. විශේෂයෙන්ම රූපවාහිනි මුස්‌ලිම් අංශයේ තේමා ගීතය ඇතුළුව ගීත නැටුම් ඇතුළුව ටෙලි නාට්‍යයක්‌ කිරීමට මට අවශ්‍ය වුණා. ඒ සඳහා දැනට සිටින අධ්‍යක්‍ෂතුමා හා නිෂ්පාදකවරයා මට බෙහෙවින් උදව් උපකාර කළා. එය දේශීය මුස්‌ලිම් ටෙලිනාට්‍ය ඉතිහාසයේ සංධිස්‌ථානයක්‌ වුණා.

ඔබගේ අනෙකුත් කලා කටයුතු පිළිබඳව පැවසුවානම්. විශේෂයෙන් මුස්‌ලිම් කලාවේ උන්නතිය පිළිබඳවත් ?

මේ ගැන කියනවානම් ගොඩක්‌ දේවල් තිබෙනවා. විශේෂයෙන් මුස්‌ලිම් උත්සවයක්‌ ආරම්භ කිරීම සඳහා සංස්‌කෘතික වැඩපිළිවෙළක්‌ තිබුණේ නැහැ. ඒ සඳහාම විශේෂිත වූ පිළිගැනීම් ගීතයක්‌ ඇතුළුව සංස්‌කෘතික වැඩසටහන් නිර්මාණය කළා. අවුරුද්දේ රාමලාන් විශේෂ රූපවාහිනී වැඩසටහනේ දී එය මට විකාශනය කිරීමට පුළුවන් වුණා. ඊට අමතරව එවකට සංස්‌කෘතික අමාත්‍යාංශයේ මුස්‌ලිම් අංශයේ ඉල්ලීම මත පුත්තලම, නුවර, මාතර, දික්‌වැල්ල යන ප්‍රදේශවල විවිධ මුස්‌ලිම් සංස්‌කෘතික වැඩසටහන් නිර්මාණය කළා.
Read More »



ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සටන් කලාව වන අංගම්පොර පිළිබඳව නිෂ්පාදනය කෙරුණු වාර්තාමය සිනමා නිර්මාණයක්‌ වන "අංගම්" වාර්තා චිත්‍රපටය 2011 සැප්තැම්බර්Êමස කොළඹ 07 ශ්‍රී ලංකා ජර්මානු සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ දී පැවැත්වීමට නියමිතය. අංජුල රසාංග වීරසිංහගේ නිර්මාණයක්‌ වන අංගම්, 09 වන දින සවස 06 ට විවෘත මහජන දර්ශනය පැවැත්වෙනු ඇත. මෙම දර්ශන වාරය සඳහා සහභාගි වීමට කිසිදු ගාස්‌තුවක්‌ අය නොකෙරේ.

මෙරට ඓතිහාසික සිදුවීම් සහ ශිෂ්ටාචාරයේ ගොඩනැඟීම් බිඳවැටීම් පිළිබඳව ජන වහරේÊපවතින මත, පුරාවිද්‍යාත්මක සාධක සමග සසඳමින් කෙරෙන සිත් ගන්නා සුළුÊසංවාද සමගින් අංගම්පොර සටන් කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳව කෙරෙන විමංසාවකින්ද, දුලබව අංගම් සටන් ජවනිකාවලින්ද සමන්විත මෙම වාර්තා චිත්‍රපටය, පුරා පැයකුත් මිනිත්තු දහයක කාලයක්‌ තිස්‌සේ දිගහැරෙන සිව්හෙළ හටන් කලාවේ සංක්‍ෂිප්තයක්‌ ලෙස හඳුන්වාදිය හැකිය. මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයකු වන ආචාර්ය හිරාන් දැරණියගල මහතා විසින් මෙරට මානවයාගේ බිහිවීමේ සිට ශිෂ්ටාචාර ඇතිවීම දක්‌වාත්, රාජධානි බිහිවීම සහ බිඳවැටීම් පිළිබඳවත්, ඒ නිසා සිදුවූ සංස්‌කෘතික විපර්යාස ආදිය පිළිබඳවත් පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් සිදු කරනු ලබන පැහැදිලිකරදීමක්‌ මෙම චිත්‍රපටයේ අන්තර්ගතය. මෙයට අමතරව මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පාරම්පරික අංගම් පොර ශිල්පීන් වන ගුරු කරුණාපාල, වෛද්‍ය රියෙන්සි වික්‍රමසිංහ, අතුල නන්දසේන ආදීන් විසින් සිදු කරනු ලබන අංගම් සටන් කලාවේ ආරම්භය, එහි සාම්ප්‍රදායයන් සහ ඇදහිලි විශ්වාසයන් පිළිබඳ පැහැදිලි කිරීම්ද, අවි ආයුධ පිළිබඳ හඳුන්වාදීම් මෙන්ම දුලබ අංගම් සටන් ජවනිකාද මෙම සිනමා නිර්මාණය තුළදී දැකගත හැක. මීට පෙර කෙටි චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන් සහ වෙළෙඳ දැන්වීම් ආදී නිෂ්පාදන සඳහා දායකත්වය ලබාදී ඇති තරුණ කණ්‌ඩායමකින් සමන්විත අංගම් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්‌ඩායම, සිය පළමු වාර්තා චිත්‍රපටය වන අංගම් නිර්මාණය කිරීමේදී අංජුල රසාංගගේ අධ්‍යක්‍ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් ද එරංග හේමජිත්ගේ සහය අධ්‍යක්‍ෂණයෙන් ද, අමිල ආකල්ප පෙරේරාගේ සංස්‌කරණයෙන්ද, අනුරාධ ජයසූරියගේ කැමරාකරණයෙන්ද, ලලින්ද්‍ර අමරසේකරගේ සංගීතයෙන්ද නිමවා ඇත. තවද මෙම සිනමා කෘතිය අවම මූල්‍ය සහ තාක්‌ෂණික සම්පත් භාවිතයෙන් සිදු කරන ලද්දක්‌ බවද නිෂ්පාදක කණ්‌ඩායම ප්‍රකාශ කර සිටී.
Read More »



ජනිත මාරසිංහ නිපදවූ ලාල් ප්‍රියදේව අධ්‍යක්‍ෂණය කළ "කිව්වද නහී නොකිව්වද නහී" චිත්‍රපටය මෙම 15 වැනිදා සිට කොළඹ රීගල් ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ.

රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, අර්ජුන කමලනාත්, ආනන්ද වික්‍රමගේ, රෙක්‌ස්‌ කොඩිප්පිලි, මේනකා පීරිස්‌, චංචලා වර්ණසූරිය, නන්දන හෙට්‌ටිආරච්චි, චතුර පෙරේරා, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක්‌ රඟන "කිව්වද නහී නොකිව්වද නහී" ගී ගායනා නීල් වර්ණකුලසූරිය, ශානිකා වනිගසේකර, නෙල්සන් වාස්‌, විශාරද අභිෂේකා විමලවීර, කසුන් චාමිකර සහ තරංග ලක්‌මාල් විසිනි. චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ කලාකීර්ති සුනිල් විමලවීරගේ ගී පද මාලා සංගීතවත් කර තිබෙන්නේ සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරිය විසිනි.

පවුලේ සැමට නැරැඹිය හැකි "කිව්වද නහී නොකිව්වද නහී" චිත්‍රපටයේ නිෂ්පාදක ජනිත මාරසිංහ මීට පෙර තිරගත කළ "මගෝ ඩිගෝ ඩයි" චිත්‍රපටයේද අධ්‍යක්‍ෂවරයා විය.
Read More »



2006 වසරේ "කැප්රි රූ රැජිණ" ලෙසින් ද නැවතත් එම වසරේදීම ඡවි කළ්‍යාණිය ලෙසින් ද කිරුළු පලන් ඇය නමින් වත්සලා දියලගොඩ වන්නීය. රූප රාජිණී තරග 02 කින් ම එකපිට ජයග්‍රහණය කිරීමේ වාසනාව මතින් කලා ක්‌ෂේත්‍රයට පිවිසී ඇය රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍යය වුයේ නාලන් මෙන්ඩිස්‌ගේ "සෙනෙහසට ආදරෙයි" ටෙලිනාට්‍යයයි. මෙම ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ මේනකාගේ චරිතයට වඩා මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ නිරාෂාගේ චරිතය අතිශයින් ම ජනප්‍රිය වූ අතර ඇය වටා ලක්‌ෂ සංඛ්‍යාත ප්‍රේක්‌ෂක පිරිසක්‌ එක්‌ වන්නට විය. අද වන විට ඇය රංගන ශිල්පිනියක ලෙස ඉදිරියට යමින් නිවේදිකාවක ලෙසද දක්‌ෂතා පෙන්වයි. මේ වත්සලා සමඟ නවලිය කළ කතාබහයි.

¥ වත්සලා මේ දවස්‌ වල මොනවද කරන්නේ

මේ දවස්‌වල මම "අමා" ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධවෙනවා. ඔක්‌තෝම්බර් මාසයේ තවත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගන්නවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ "මනාලිය" වැඩසටහනේ සහ සියත නාලිකාවේ "ටොප් හිට්‌ස්‌" සහ ,ඊeaමඑහ ? 7, වැඩසටහන් වල නිවේදිකාව ලෙස කටයුතු කරනවා.

¥ නිවේදිකාවක්‌ ලෙස කටයුතු කරන්නට ලැබීම පිළිබඳව සතුටුද?

මුලින් ම නිවේදිකාවක්‌ ලෙස මට කිසිම අත්දැකීමක්‌ තිබුණේ නැහැ. මාව නිවේදිකාවක්‌ කළේ සියත නාලිකාවයි. සියත නාලිකාවේ හංසලී සහ සමෘද්ධි මගේ සැමියාගෙන් නිවේදිකාවක්‌ ලෙස කටයුතු කරන්න මම කැමති වේදැයි අසා තිබුණා. ඒ දවස්‌වල මම කලා කටයුතු වලින් තරමක්‌ ඈත් වෙලා සිටි නිසා ඒ ආරාධනාව පිළිගත්තා. මුලින් නිවේදන කටයුතු මට අසීරු වුණා. දැන් නම් ගාණක්‌ නැහැ.

¥ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවට වත්සලා මොනවද කරන්නේ.

මමත් ප්‍රසංගත් ගෙදර ඉන්න දවස්‌වලට කොහේ හරි ඇවිදින්න යනවා. විශේෂයෙන් ම ඈත පිහිටි ලස්‌සන හෝටල් වලට හෝ ලස්‌සන තැන් බලන්න යනවා. නැත්නම් ඩිනර් අවුට්‌ යනවා.

¥ ගෙදර වැඩ කටයුතු කරගන්නේ තනියමද?

ඔව්. අපේ ගෙදර ඉන්නේ මමයි ප්‍රසංගයි විතරයි. අපේ ගෙදර ලොකු වැඩක්‌ නැහැ. උයන පිහන ඒවා මම කරනවා. ප්‍රසංග කැමතියි මම හදන කෑම කන්න. එයා කොහොමටත් කඩෙන් කන්න අකමැති කෙනෙක්‌. ගෙදරට අවශ්‍ය දේවල් ගන්න අපි දෙන්න ම එළියට යනවා. නැත්නම් ඉඩ ලැබෙන විදිහට අපි දෙන්නා බෙදාගෙන වැඩ කර ගන්නවා.

¥ තවමත් වත්සලා නිතරම ඔයාගේ අම්මලාගේ ගෙදර යනවද?

ඔව්. මගේ අම්මලා පදිංචි වෙලා ඉන්නේ කඩුවෙල. පුළුවන් හැම වෙලාවක ම අම්මලා බලන්න යනවා. එයාලත් අපේ ගෙදර එනවා. නැත්නම් ප්‍රසංග ගේ අම්මලා ඉන්නේ එයාගේ නංගිලාගේ ගෙදර .එහෙ යනවා.

¥ ඔබේ සොහොයුරියත් නිවේදන කටයුතු කරනවා නේද?

බුවිනි තව ම අධ්‍යාපනය ලබනවා. ඒ අතරේ දී ඇය සියත නාලිකාවේ "සිත්මල් හැන්දෑව" සහ "ප්‍රයිඩේ රික්‌වෙස්‌ට්‌ ෂෝ" සජීවී වැඩසටහන ඉදිරිපත් කරනවා.

¥ වත්සලා සැමියාගේ කටයුතු වලට සහයෝගය ලබා දෙනවාද?

ඔව්. ප්‍රසංග කරන්නේ මියුසික්‌ වීඩියෝ සහ දැන්වීම් වලට සම්බන්ධ ආයතනයක්‌. මම එයාගේ රාජකාරි කටයුතු වලට සම්බන්ධ නොවුණත් එයාගේ වැඩකටයුතු හොඳින් කරගෙන යන්න අවශ්‍ය ගෙදර වටපිටාව හරිගස්‌සලා දෙනවා.

¥ ඔබ කාර්යය බහුල වෙනවාට සැමියා කැමතිද?

කොහෙත් ම නැහැ. එයා කැමතියි මම ගෙදර ඉන්නවට. ඒ නිසා මම වැඩ බාරගන්නේ දවස්‌ දෙක තුනක්‌වත් ගෙදර ඉන්න පුළුවන් විදිහට. පවුල් ජීවිතයට මුල් තැනක්‌ දෙනවා.

¥ වත්සලාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මේ ඉන්න විදිහට ම සතුටින් හොඳින් ජීවත් වෙන එක තමයි. විශේෂයෙන් ම ප්‍රසංග, මගේ දෙමව්පියන්, ප්‍රසංගගේ දෙමව්පියන් සමග සතුටින් ඉන්න තමයි කැමති. මම කොහොමටත් සරල කෙනෙක්‌ නිසා ලොකු ලොකු බලාපොරොත්තු කිසිවක්‌ මගේ නැහැ.
Read More »


ගයනා සුදර්ශනි දක්‌ෂ රංගන ශිල්පිනියක්‌. රිදී තිරය මෙන් ම පුංචි තිරයද එක ලෙස ජය ගෙන ඇති ගයනා මේ දවස්‌වල චිත්‍රපටවල නම් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒත් ඔබට ඇය මේ දිනවල විකාශය වන බොඳ මීදුම්, කප් සුවහස්‌ කල්, වන්දනා ආදි ටෙලිනාට්‍ය වලින් දැකිය හැකියි.

"ඇත්තට ම චිත්‍රපටයක නම් හොඳ චරිතයකට මට කතා කරලා නැහැ. ඒත් පසුගිය කාලයේ හොඳ ටෙලි නාට්‍යය කිහිපයක ම රඟපෑවා. වෘත්තිය නිළියක වුණාම හොඳ චරිතයක්‌ රඟපාන්න ආසයිනේ.... ඒ ආසාව මටත් තියෙනවා. ටෙලි නාට්‍යවල කොපමණ රඟපෑවත් අපේ දක්‌ෂතාවයක්‌ ඇත්නම් එය ප්‍රදර්ශනය කළ හැක්‌කේ රිදීතිරයේ ම තමයි..... "

සෑහෙන කාලයකට පස්‌සේ කොළඹින් බැහැරව රූපගත වුණු ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ප්‍රසන්න වනසිංහ අධ්‍යක්‌ෂණය කළ ඒ ටෙලියේ නම "සසර වසන තුරු" එහි නිෂ්පාදනය අනුර දයාන්ජිත්."

ඒ කොහොම වුණත් අපි ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු වෙනුවෙන් දවස්‌ දොළහක්‌ පමණ අනුරාධපුරයේ හිටියා. අපි ජයසිරිමා බෝධිය වඳින්නත් ගියා. අනුරාධපුරයේ ලස්‌සන ගැහැනු ළමයිනුත් හිටියා..."

ගයනා කියාගෙන ගියා. ගයනාගේ සැමියා සහන්a විඡේසිංහ ඔහු රංගන ශිල්පියෙක්‌. ඒ වගේ ම ටෙලි නාට්‍ය, චිත්‍රපට අධ්‍යක්‌ෂකවරයෙක්‌.

ගයනා ජයසිරිමා බෝධිය වැඳලා ප්‍රාර්ථනා කළේ මොනවාද කියලා නම් අපට කෙලින් ම කිව්වේ නැහැ. ඒත් තමන්ගේ සැමියා වගේම ගයනාත් මේ දවස්‌වල පුංචි දරු පැටියකුගේ කිරි සිනා හඬක්‌ අහන්න ආසාවෙන් ඉන්නවා කියලා නම් අපට දැන ගන්න ලැබුණා.

රවිsහාරි මොරගහකුඹුර


සාරංග සහ පබෝධා

පුංචි තිරයේ රංගන ශිල්පිනියක්‌ වුණාම රිදී තිරයේදී තමන්ගේ දක්‌ෂතා දක්‌වන්න ඕනෑම කෙනකු කැමතියි. පබෝධාටත් එහෙම ඇති. හැබැයි ඇය රිදීතිරයේ රඟපාන්න සිහින මවන කෙනකු ලෙස හඳුන්වන්නත් බැහැ. ඇය මීට පෙර පබෝධා රිදී තිරයේත් තම දක්‌ෂතා පෙන්වා තිබෙනවා.

පබාගේ රංගන කුසලතාවයන් හෙට අනිද්දා ප්‍රදර්ශනය කිරීමට නියමිත සුපර් සික්‌ස්‌ නම් චිත්‍රපටයෙන් ද දැක ගන්නට පුළුවන්. ඒ කොහොම වුණත් ඇය රඟපෑ තවත් චිත්‍රපටයක්‌ තමයි සුසීමා.

සුසීමා ටෙලිනාට්‍යයක්‌ ලෙස මීට පෙර විකාශය වූවා. එහි සුසීමා ලෙස රඟපෑවේ ප්‍රවීණ රංගන ශිල්පිනි මැණික්‌ කුලකුලසූරියයි. ඇගේ මෙන්ම ජැක්‌සන් ඇන්තනි රඟපෑ චරිතයත් එහි ගීතත් තවමත් රසිකයන්ගේ සිතින් බැහැරව ගොස්‌ නැති බව අපගේ විශ්වාසයයි. පබෝධා සුසීමා ලෙස රඟපාද්දී සාරංග දිසාසේකර, ජැක්‌සන් ඇන්තනි රඟපෑ චරිතය නිරූපණය කරන බව මෙරිගෝ රවුන්ඩ් වෙත වාර්තා වෙනවා. සුqසීමා ජනක රත්aනායකගේ චිත්‍රකතාවක්‌
Read More »


මෙවර මගේ මහත්තයා විශේෂාංගය තුළින් අප ඔබේ දෙනෙතට හසු කරන්නේ නන්දා කොරළගේ හා විශාරද අමරසිරි පීරිස්‌ යුවළයි.

එවකට රජයේ සංගීත විද්‍යාලයේ එනම් වර්තමාන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් වන මේ යුවළගෙන් අමරසිරි පීරිස්‌ මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ සුවිශේෂ ලකුණක්‌ ලෙස හැඳින්වීම වරදක්‌ නොවෙයි. ඒ කොහොම වුණත් පසුගිය දා අප අමරසිරි පිරීස්‌ යුවළගේ පිළියන්දල පිහිටි කැදැල්ලට ගොඩවුණා.

අමරසිරි පීරිස්‌ගේ දයාබර බිරිඳ වූ නන්දා කොරළගේ පිළිබඳව මෙරට බොහෝ දෙනෙක්‌ දන්නේ නැති ගානයි. ඒත් මේ ඇය ගැන කතා කිරීමේ උත්සහයක්‌ නොවේ. ඇය අමරසිරි පිරිස්‌ ගැන කියූ කතාවක සටහනකි.

මට අමරේ මුණගැසුනේ රජයේ සංගීත විද්‍යාලයේ මම ඉගෙන ගන්න කොට මම සංගීත විද්‍යාලයට යන කොට අමරේලා එතැනින් පිටවෙලා. ඒත් ගුරුවරුන් සමඟ තිබුණු සම්බන්ධයට ඔවුන් ආව ගියා. අපේ සම්බන්ධයට මූලිකව කටයුතු කළේ සේන වීරසේකර. පුණ්‍යසිරි අමරේගේ යෝජනාව ගෙනාවා. මම එකවරම කැමති වුණේ නැහැ. දුරදිග හිතලා බලලා තමයි තීරණය ගත්තේ.

අපි විවාහ වුණේ 1972 මැයි 22. මේ දිනේ තවත් මතක සටහනක්‌ තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති වූ විලියම් ගොපල්ලව මහතා දිවුරුම් දුන් දිනයවීම.

ගෙවුණු වසර හතලිහ දිහා බැලුවා ම දැන් හීනයක්‌ වගේ. ඒ කාලේ අමරේ වයලින් වාදකයෙක්‌. පස්‌සේ කාලෙක තමයි එයා ගායකයෙක්‌ වුණේ. කේමදාස මාස්‌ටර්ගේ ආරාධනයකට එයා ගීතයක්‌ ගායනා කළා.

මටත් රජයේ සංගීත විද්‍යාලයේ වාදනය පිළිබඳව උපාධියක්‌ තියෙනවා. මට ඒ දවස්‌වල ගුරුපත්වීමකුත් ලැබුණා. ඒත් අමරේ යන්න දුන්නේ නැහැ. මාතලේ පැත්තේ පාසලකට තමයි මුල්පත්වීම ලැබුණේ.

ඇයි ඔබ සංගීත ක්‍ෂේත්‍රයට නාවේ. ඒකටත් අමරසිරි මහතා විරුද්ධ වුණාද?

මම නන්දා මහත්මියට බාධාවක්‌ කළා.

බාධාවක්‌ කළාම නෙවෙයි මට දරුවන් ලැබුණා. මට ගෙදර වැටකටයුතු දරුවන්ගේ කටයුතු කරන්න සිද්ධ වුණා. කෙලින්ම එපා කිව්වේ නැහැ. ඒත් කවදාවත් මට එයාගේ සංගීත කටයුතුවලට දායක වෙන්න කියලා කතා කරලා නැහැ. මම ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක්‌ ගන්න බැරිවුණා. ඒක ගැන දුකයි. ඒත් මම අමරේගෙන් ඒ ගැන අහලා නැහැ.

ඒ දවස්‌වල මම අමරේට කතා කළේ අමරසිරි කියලා. ආදරේ වැඩි වෙනකොට සමීපත්වය වැඩිවෙන කොට අමරසිරි අමරේ විදිහට කෙටිවුණා.

වයලින් වාදකයෙක්‌ විදියට ජීවිතේ පටන් ගත්ත අමරේ ගුවන් විදුලියේ සංගීත අංශයේ විවිධ තනතුරු දැරුවා. ඇත්තට ම මට නම් අදටත් කැමති අමරසිරි පීරිස්‌ කියන වයලින් වාදකයාටයි. ඔහු මෙරට සංගීතය වෙනුවෙන් විශාල සේවයක්‌ කරලා තියෙනවා. ඒ ගැන එයාගේ බිරිඳ විදිහට සතුටුයි.

එක එල්ලේ කතා කරගෙන යන නන්දාට මම ආයෙත් පුංචි බාධාවක්‌ කළා. කොහොමද ගෙදර දොරේ වැඩ කටයුතුවලට දායකත්වය?

ඒ දවස්‌වලත් අද වගේ ම කාර්ය බහුලයි. එදා වයලින් වාදකයෙක්‌ විදිහට. අද ගායකයෙක්‌ විදිහට. ඒ දවස්‌වලත් දරුවෝ ගැන වුණත් ඒ තරම් හොයා බලන්න වෙලාවක්‌ තිබුණේ නැහැ. විවේකයක්‌ ලැබුණු වෙලාවට සොයා බැලූවා. දරුවන් සංගීත පැත්තට යොමු කරන්න උත්සාහ කළේ නැහැ. ඒත් පුතයි අපේ දෙවැනි දුවයි සංගීතයට දක්‌ෂයි. දෙවැනියා නම් සංගීත ගුරුවරියක්‌. ළමයි කැමති දේ කරන්න ඉඩ දුන්න තාත්තා කෙනෙක්‌. හරි වැරැද්ද කියලා දුන්නා විතරයි.

එයා හුඟාක්‌ තැන්පත් කෙනෙක්‌. මම සුදුයි. අමරේ කලූයි. හැබැයි මම අමරේගේ ගතිගුණ ගැනම තමයි හිතුවේ. පවුලට ගොඩක්‌ ආදරේ මොන තරම් කාර්ය බහුලවෙලා දුරඈතක හිටියත් අපි ගැන දුරකතනයෙන් හෝ කතා කරලා බලනවා.

ගෙදර හිටියොත් මට හුගාක්‌ උදව් තියෙනවා. ගෙදර අතුගාලා ලස්‌සනට අහුරනවා. ඒ වැඩ පිළිවෙළයි මටත් වඩා. උයන වෙලාවට පොල් ගාලා දෙනවා. මැල්ලුම් පලා කපලා දෙනවා. වෑංජනවලට තුනපහ දමලා දෙනවා. අමරේ මල්වලට. වටින පැලෑටිවලට හරිම ආදරෙයි. වේලාවකට මට හිතෙනවා ඒවාට මටත් වඩා ආදරේ ද කියලා.

කොහේ හරි ගියාම වටිනා මල්පැළ වෙනත් පැළෑටි ගෙනත් වත්තේ ඉන්දනවා. වදුල වෙන නිසා මම ඒවා ගලවලා දමනවා. එහෙම අහු වුණාම විසුමක්‌ නැහැ. හරියට තරහා යනවා. ඒත් ඉතිං ඉක්‌මනටම නිවෙනවා.

අපි බෞද්ධයෝ. අමරෙගේ කාර්ය බහුලත්වය නිසා පන්සල් යන්න ලැබෙනවා අඩුයි. ඒත් අමරේ ගෙදර හිටියොත් නොවරදවා ම උදේ හවස බුදුන් වඳිනවා. ආහාර පූජා කරනවා. වෙලාවකට භාවනා කරනවත් මම දකිනවා.

අමරේ කොයි තරම් ජනප්‍රිය කෙනෙක්‌ වුවත් එයාට යාළුවෝ ගොඩක්‌ නැහැ. ඒ නිසා එයාට විශේෂ වැඩක්‌ නැත්නම් ගෙදර ඉන්න පුළුවන්. හැබැයි ඒ හිටියා කියලා තේ එකක්‌වත් හදාගන්නේ නැහැ. මම හදලා දෙන්න ඕන. මම නැත්නම් තේ එකක්‌ හදාගෙන බොන්නේ නැහැ. ගෙදර හිටියොත් උදේ තේ එකනම් අනිවාර්යෙන්ම මගේ අතින් බොන්න ඕන. ඒක එදා ඉඳලා ම සිද්ධ වුණ දෙයක්‌. හැබැයි මම අකමැතිම දේ තමයි හයියෙන් කතා කරන එකට. ඒක සිංදු කියන නිසාද මන්දා එච්චරම කටහඬ ශබ්දයි. මම නිතරම කියනවා හෙමින් කතා කරන්න කියලා.

එයාගේ නිර්මාණ කටයුත්තකට ගීතයක යුග ගායනයට ආරාධනා කරයි කියලා බලාගෙන ඉන්නවා. ඒත් තවම එයාගෙන් ඒකට ආරාධනාවක්‌ ලැබුණේ නැහැ. මම ඉල්ලීමක්‌ කරලා නැහැ. මේක දැක්‌කාමවත් එයා එහෙම ආරාධනයක්‌ කරාවි. නන්දා ළෙන්ගතු සිනාවකින් මුව සරසා ගෙන අපට කිව්වා.

අමරසිරි - නන්දාගේ කැදැල්ලේ දරුවන් පස්‌ දෙනෙක්‌. අද ඔවුන් සමාජයේ වැඩදායි පුද්ගලයන් ලෙස ජීවත්වන බවත් දැනගන්න ලැබුණා.
Read More »

ප්‍රශ්නය

නීතිඥතුමියනි මා දරුවන් තුන්දෙනකු සිටින මවක්‌ වන අතර මගේ සැමියා මිය ගොසිනි. සැමියා මියගොස්‌ දැනට වසර තුනකි. සැමියාට සෑහෙන දේපලක්‌ හිමිව තිබූ අතර ඔහු උපයා ගත් දේ මෙන්ම දෙමාපිය උරුමයෙන් හිමි වූ දේපළද ඒ අතර වෙයි.

නීතිඥතුමියනි දැන් මේ දේපළවලට සැමියාගේ සහෝදරයකුද ඉදිරිපත් වී සිටියි. ඔහුට දේපළවලින් කොටසක්‌ නොපැරුවොත් නඩු මZඟට බසින බව පවසයි. මේ නිසා මා අසරණ තත්ත්වයට පත්ව සිටින අතර උඩරට නීති ප්‍රකාරව දේපළ බෙදී යන්නේ කෙසේද යන්න පිළිබඳව දන්වන්න.

නුවර - ඩී. දිසානායක


පිළිතුර

ඔබගේ දිගු ලිපිය කෙටි කර අප පුවත්පතේ පළකර ඇති අතර මෙවැනි ගැටලුවලට බොහෝ දෙනෙක්‌ ගොදුරුවන නිසා උඩරට නීති ප්‍රකාරව දේපළ බෙදීම පිළිබඳව විස්‌තරාත්මක පැහැදිලි කිරීමක්‌ කරන්නට අපි තීරණය කළෙමු.

නිශ්චල දේපළ විෂයෙහි පරවේණි දේපළ හා අත් කරගත් දේපළ ලෙස දෙයාකාරවෙයි. යම් අයකුට පාරම්පරික උරුමයෙන් හිමි වූ දේපළ පරවේණි දේපළ වේ.

මියගිය තැනැත්තා පිරිමියකු නම් ඔහු දීග විවාහයක්‌ කරගෙන සිටියේ නම් පරවේණි දේපළ බෙදී යන්නේ මෙයාකාරයට යි.

පුතුන් සිටීනම් ඔවුන්ටද බින්න විවාහක දියණියන්ටද අවිවාහක දියණියන්ට ද ඔවුන්ගෙන් පැවත එන්නන්ටද සමාන කොටස්‌ වලින් පරවේණි දේපළ හිමිවේ.

නමුත් දීග විවාහක දියණියන්ට පරවේණි දේපළ හිමි නොවෙයි. දරුවන් නොමැති අවස්‌ථාවක පියාට හෝ පියා ජීවත් නොවේ නම් පියාගේ සහෝදර සහෝදරියන්ටද ඔවුන් මිය ගොස්‌ නම් ඔවුන්ගේ දරුවන්ටද සමාන ලෙස පරවේණි දේපළ බෙදියයි. නමුත් එම සහෝදරියන් බින්න විවාහයකට හෝ අවිවාහකව සිටීනම් පමණක්‌ දේපළ උරුමවේ.

සහෝදරියන්ට පරවේණි දේපළ හිමි නොවේ. පිය පාර්ශවයේ කිසිවකු නැති විටක පරවේණි දේපළ මවට පැවැරේ.

මෙවන් අවස්‌ථාවක බිරිඳට හිමි වන්නේ පරවේණි දේපළවල ජීවිත භුක්‌තිය පමණක්‌ වේ. එසේ ජීවිත භුක්‌තිය පවා හිමි වන්නේ අත්පත් කරගත් දේපළ ඉතිරිව නැත්නම් හෝ ඉතිරිකර තිබුණත් එම දේපළ බිරිඳට ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ නම් පමණි. පරවේණි දේපළවල උරුමකම් කීමට කිසිවකු නොමැතිනම් බිරිඳට එම සියලු දේපළ හිමිවේ.

යම් විටක අවිවාහක දියණියකට ලැබුණු පරවේණි දේපළ ඇය දීග විවාහයක්‌ කරගෙන වසරක්‌ තුළ සාධාරණ මුදලකට සහෝදරයකුට හෝ බින්න විවාහක සහෝදරියකට පැවරිය යුතුය. "මාම්පිටිය එදිරිව වෑගොඩපොල" උඩරට නව නීති වාර්තා 129 හි දීග විවාහක දියණියකට පරවේණි දේපළ උරුම නොවන බව සාකච්ඡා කර ඇත.

ඒ අනුව විවාහක උඩරට කාන්තාවක්‌ නම් ඇය සතු පරවේණි දේපළ විවාහය දීග හෝ බින්න යන කුමක්‌ වුවත් දරුවන්ට හා පැවත එන්නන්ට සමාන ලෙස බෙදී යයි. දරුවන් නැත්නම් පියා ගෙන් ලද පරවේණි දේපළ පියාට හිමිවන අතර පියා නොමැතිනම් පියාගේ සහෝදර සහෝදරියන්ට හිමිවේ. මවගෙන් ලද පරවේණි දේපළ මවටද මව නොමැතිනම් මව් පාර්ශ්වයේ පැවත එන අයට ද අයිති වේ. එහෙත් බිරිඳ සතු පරවේණි දේපළ වැන්දඹු සැමියාට හිමි නොවෙයි.

දීග විවාහක සැමියකුගේ අත් කරගත් දේපළ ජීවිත භුක්‌තිය වැන්දඹු බිරිඳට හිමිවේ. උඩරට බිරිඳකගේ විවාහය දීග වුවත් බින්න වුවත් අත්කරගත් දේපළ දරුවන්ට හා පැවත එන අයට සමානව හිමිවේ. අත්කරගත් දේපළවල ජීවිත භුක්‌තිය ස්‌වාමියාට හිමිවන අතර දරුවන් හා පැවත එන්නන් නොමැතිනම් ඔහුට එම දේපළවල පූර්ණ අයිතිය හිමිවේ.

මේ අනුව ඔබට ඔබේ සැමියාගේ දේපළවල අයිතිය කෙබඳුද යන්න වැටහෙනවා ඇත.
Read More »


උපතින් ම ගැහැනියකගේ චරිතය තුළ නිර්මාණය වී ඇති සියුමැලි සංවේදීතාවය බිඳ දමමින් ඇය ලබන උසස්‌ අධ්‍යාපනික සහ සමාජමය අත්දැකීම් මත පන්නරය ලබා අභියෝග ජයගත් අයෝමය කාන්තා චරිත පිළිබඳව අපි අසා ඇත්තෙමු. එවන් චරිත අප ඉතිහාසයේ මෙන්ම වර්තමාන සමාජය තුළ ද දක්‌නට ලැබේ. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය ද දිනෙන් දින ජීවිතයේ අභියෝග ජය ගැනීමේ අරමුණෙන් කාර්යෙහි නියතව සිටින සැබෑ කාන්තා චරිතයකි. මේ ඇයගේ කතාවයි.

මම මුලික අධ්‍යාපනයේ සිට උසස්‌ පෙළ දක්‌වා ම ඉගෙනුම ලැබුqවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ, ඉන්පසු මම පේරාදෙණිය සරසවියේ ආර්ථික විද්‍යා පීඨයට ඇතුළත් වුණා. 1979 ජනවාරි 15 දා ආර්ථික සේවා විශේෂ උපාධිධාරිනියක්‌ ලෙස මම විශ්ව විද්‍යාලයෙන් පිටවුණා. එම වසරේම මාර්තු මාසයේදී ඇමරිකාවේ නිව්යෝක්‌ "කොනල්" විශ්වවිද්‍යාලයේ මහාචාර්ය "නෝමන් අප හොප් යටතේ සමාජ හා ආර්ථික සංවර්ධන පිළිබඳව මාස හයක විශේෂ පාඨමාලාවක්‌ හැදැරීමට අවස්‌ථාව ලැබුණා.

දිවයිනට නැවත පැමිණි ඇයට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ කෘෂිකර්ම සංවර්ධන අංශයේ ක්‍රම සම්පාදන නිලධාරිනියක්‌ ලෙස කටයුතු කිරීමට අවස්‌ථාවක්‌ ලැබුණි. අනතුරුව 1984 මුදල් අමාත්‍යංශය මගින් ඇයව ඔස්‌ටේ්‍රලියා කැන්බරා නැෂනල් යුනිවර්සිටියට (එම්.සීs) ඇතුළත් කරනු ලැබුවේ, කෘෂිකර්ම සංවර්ධන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක්‌ ලබා ගැනීම සඳහාය. එයද ඉතා සාර්ථකව ඉටු කරගත් ඇය 1985 දී මව් බිමට පැමිණීමෙන් පසුව ජාතික ක්‍රම සම්පාදන, දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‌ෂවරියක්‌ ලෙසටද ඉන් වසර හතරකට පසුව එහි නියෝජ්‍ය අධ්‍යක්‌ෂක තනතුරටද පත් කරනු ලැබුවාය.

1990 වසරේදී ඇයට රජයේ අනුග්‍රහය මත නැවත වරක්‌ ඇමරිකා එක්‌සත් ජනපදයට වැඩිදුර අධ්‍යාපනය සඳහා යැමට භාග්‍ය උදාවූවාය. එහිදී ඉතා සාර්ථක ලෙස තම අධ්‍යාපන කටයුතු නිමකළ ඇය කෘෂි ආර්ථික විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ද ලබා ගැනීමට සමත් වූවාය.

1999 දී මෙරට රාජ්‍ය සේවයේ පළමු ශේ්‍රණියේ නිලධාරිනියක්‌ ලෙස ක්‍රම සම්පාදන අධ්‍යක්‌ෂ වරියක වූ ඇය වසර 2005 දී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ද අධ්‍යක්‌ෂ ජනරාල් මූල්‍ය දෙපාර්තමේන්තුවේද අධ්‍යක්‌ෂ ජනරාල්වරිය ලෙස පත්කරනු ලැබුවේ එම විෂය ක්‍ෂේත්‍රයෙහි ඇය දක්‌වන ලද පරිනත භාවය නිසාමය.

ඇය මේ වනවිට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරියයි. මෙම තනතුර සඳහා කාන්තාවක්‌ පත් වූ ප්‍රථම අවස්‌ථාවද මෙය වේ.

මම මේ අමාත්‍යාංශයට පත් වෙන්න කළින් ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ කටයුතු කරද්දී මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ඉස්‌සන් වගා ව්‍යාපෘති සම්බන්ධයෙන් සැළසුම් සකස්‌කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටියා. එය වර්තමාන කටයුතුවලට විශාල පිටුවහලක්‌ වුණා. මෙහිදී විශේෂයෙන් යමක්‌ සඳහන් කළ යුතුයි. මෙම අමාත්‍යාංශය භාර වෛද්‍ය රාජිත සේනාරත්න ඇමතිතුමා මෙහි විෂය පථය පිළිබඳ පුළුල් අවබෝධයකින් යුතුව කටයුතු කිරීම මගේ සැළසුම් ක්‍රියාත්ම කිරීමට විශාල ධෛර්යයක්‌ වී තිබෙනවා.

එතුමා වෛද්‍යවරයෙක්‌. මත්ස්‍ය නිෂ්පාදනයේ පෝෂණ අගය පිළිබඳව මූලිකව අදහස්‌ දැක්‌වූවා. 21% මේ රටේ මන්ද පෝෂණයෙන් පෙළෙන්නන් සිටින බව වරක්‌ ඔහු සඳහන් කළා. මේ අනුව අප කළ නිරීක්‌ෂණයේදී පෙනී ගියා, ඒ පුද්ගල මත්ස්‍ය පරිභෝජනය වසරකට කි.ග්‍රෑම් 22 ක්‌ තිබිය යුතු වුවද එය කි.ග්‍රෑම් 11 දක්‌වා පහළ මට්‌ටමක පවතින බව. මෙයට හේතු සොයා බැලීමේදී අපට අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය නිසි ලෙස නෙළා නොගැනීම සහ අතරමැදියන් සහ මුදලාලි මාෆියාව හේතුකොට ගෙන මාළු මිල අධික ලෙස ඉහළ යැම ප්‍රධානතම හේතු බව පෙනී ගියා.

අප රට වටේටම ඇත්තේ මුහුද. ඒ වගේ ම රට මධ්‍යයේ විශාල වාරි කර්මාන්ත රැසක්‌ පවතිනවා. කරදිය මෙන්ම මිරිදිය මත්ස්‍ය සම්පතින් අපේ සෞඛ්‍ය පෝෂණයට විතරක්‌ නොවේ රටේ ආර්ථික වර්ධනයටත් යෝධ පිටුවහලක්‌ අපට ලබාදෙන්න පුළුවන්. මේවා කතාවට නොව ක්‍රියාවට නැංවීමයි දැන් අවශ්‍ය වී තිබෙන්නේ.

මෙතෙක්‌ කල් අයාලේ ගිය ගමනක්‌ නිසි මඟකට යොමු කිරීමේදී විශාල දුෂ්කරතාවලට මුහුණ පාන්න ඕනෑම කෙනෙකුට සිද්ධ වෙනවා. පෞද්ගලික න්‍යාය පත්‍ර හා දේශපාලන කාල සටහන් සම්ප්‍රදායන් ලෙස මූලික කරගත් තැන්වල මෙවැනි දුෂ්කරතා ඇතිවීම පුදුමයට කාරණයක්‌ නොවේ. අභියෝග ජය ගැනීම මගේ ඉලක්‌කයයි.

ධීවරයාවත් පාරිභෝගිකයාවත් අතර මැදියන්ගෙන් සහ මුදලාලි මාෆිsයාවෙන් ආරක්‌ෂා කර ගැනීමට අප ලෙල්ලමටම ගොස්‌ මාළු ලබා ගැනීමේ සැළසුමක්‌ දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. දිවයිනේ ප්‍රධාන නගර ඉලක්‌ක කරගනිමින් සංස්‌ථා මාළු අලෙවිසැල් දෙසිය පනහක්‌ පිහිටුවීම අපේ තවත් සැළසුමක්‌. ඒ වගේම තහනම් ධීවර අම්පන්න භාවිතය වහාම නවතා දැමීම සඳහා වැටලීම් අප දිගටම කරගෙන යනු ලබනවා. මේ සඳහා මගේ පෞද්ගලික මැදිහත්වීම යටතේ පසුගියදා බලලු වැව සහ කලා වැව ආශ්‍රිතව උදෑසන සිට රාත්‍රී හත වනතුරු වැටලීම් කරනු ලැබුවා. අමාත්‍යංශයක ලේකම්වරයෙක්‌ එවැනි අවස්‌ථාවකට සහභාගි වූ මුල් ම අවස්‌ථාවද එයයි.

ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ඔහුට අතදුන් දැවැන්ත හස්‌තයක්‌ ඇති බව අප අසා ඇත්තෙමු. යෞවනයේ අග්ගිස්‌සට පැමිණ සිටින මේ අයෝමය කාන්තාවට එම ශක්‌තිය ලබාදෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මා අවසන් වශයෙන් ඇයගෙන් විමසුවෙමි.

මගේ මේ හැම ජයග්‍රහණයකම පිටුපස ඉදන් ශක්‌තිය ආශිර්වාදය ලබාදුන්නේ විදුහල්පතිවරයෙක්‌ ලෙස කටයුතු කළ ඒ. විල්සන් ද සොයිසා වන මගේ පියා ඔහු අද ජීවතුන් අතර නැහැ. මගේ මව විශ්‍රාමික ඉංගී්‍රසි ගුරුවරියක්‌. මගේ හැම ජයග්‍රහණයකම ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුයි.
Read More »


¥ සම්පූර්ණ නම - කේ.එච්. ජනිතා ප්‍රියදර්ශණී ද සිල්වා

¥ උපන් දිනය - 1990 සැප්තැම්බර් 29

¥ ඉගෙන ගත්ත පාසල - හලාවත ආනන්ද ජාතික පාසල

¥ පාසලේදී වැඩි ම ලකුණු ලබාගත්ත විෂය - මම වැඩියෙන් ම ලකුණු ලබාගත්තේ නාට්‍ය සහ රංග කලාවට . ධරැඛ වලදිත් Aරැඛ වලදිත් මගේ කැමති ම විෂය වුණේ නාට්‍ය සහ රංග කලාව.

¥ පාසලේදී ක්‍රීඩාවලට සම්බන්ධ වුණාද? ඒ මොනවාද? ඔව්. මම ගොඩක්‌ ක්‍රීඩා වලට සම්බන්ධ වුණා. නෙට්‌බෝල් , වොලිබෝල්, පුට්‌ බෝල්, දුර , උස, මීටර් 400, මීටර් 400 සහය දිවීම අවුරුදු 18 න් පහළදී කවපෙත්ත සහ යගුලිය, හෙල්ල ක්‍රීඩා ද මම කළා.

¥ ඔබේ කැමති ම ක්‍රීඩාව කුමක්‌ද? මම කැමති ම ක්‍රීඩාවන් 02 ක්‌a තියෙනවා. නෙට්‌බෝල් සහ වොලිබෝල්

¥ ඒ ක්‍රීඩාව වෙනුවෙන් ඔබට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්

ගොඩක්‌ සතුටින් ඒ අවස්‌ථාව බාරගන්නවා. රට වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරනවා.

¥ මේ දවස්‌වල ඔබ මොනවද කරන්නේ ?

මේ දවස්‌ වල මම හලාවත ළමා සහ කාන්තා රක්‌ෂක දෙපාර්තමේන්තුවේ පරිවාස කාර්යාලයේ පරිගණක ක්‍රියාකරවන්නියක්‌ ලෙස සේවය කරනවා.

¥ ඇවිදින්න බලන්න යන්න කැමතිම රට

මම කැමතියි ජපානයට යන්න. ජපානය හරි ලස්‌සන රටක්‌ කියලා අහලා තියෙනවා. රූපවාහිනියෙන් දැකලත් තියෙනවා.

¥ විලාසිතා අනුගමනය කරන්න කැමති ද?

ඔව්. මට ඔබින විලාසිතා පමණක්‌ තෝරාගෙන අනුගමනය කරනවා. නමුත් කාලෙන් කාලයට එන විලාසිතා පසුපස හඹා යැමක්‌ නැහැ.

¥ ඔබ කැමතිම ගායිකාව සහ ගීතය

මගේ කැමති ම ගායිකාව දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌. ඇය ගායනා කරන කවිය නුඹ ගීතයට මම ගොඩක්‌ ආසයි.

¥ ඒ ගීතයට කැමති වෙන්න හේතුව

පදවැල හරි ම ලස්‌සනයි. අහගෙන ඉන්න ආසයි.

¥ ඔබ මහ මඟදී රිය අනතුරක්‌ දුටුවොත් එවැනි අවස්‌ථාවක මොකද කරන්නේ.

ගත යුතු නිවැරැදි, ක්‌ෂණික, පියවර ගන්නවා. තුවාල කරුවන් සිටියොත් ළඟම තියෙන රෝහලට ඇතුළත් කරලා ඔවුන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය කරනවා.

¥ ඔබට රඟපාන්න ආරාධනාවක්‌ ලැබුණොත් බාරගන්නවා ද ? - රඟපාන්න විශේෂ කැමැත්තකුත් අකමැත්තකුත් මට නැහැ. නමුත් හොඳ චරිතයක්‌ රඟපාන්න අවස්‌ථාව ලැබුණොත් ඒ පිළිබඳව සලකා බලනවා.

¥ පවුලේ තොරතුරු සහ පදිංචිය මගේ පවුලේ ඉන්නේ අම්මයි, අයියලා තුන්දෙනයි අක්‌කයි . ලොකු අයියා සහ අක්‌කා විවාහකයි. ඔවුන්ට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. මගේ තාත්තා මට අවු. 02 දී නැති වෙලා. අපි පදිංචි වෙලා ඉන්නේ හලාවත.

¥ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකුම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක්‌ වීමයි. මේ වෙනකොට මම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සූදානමින් සිටිනවා. ගුරුවරියක්‌ වීමේ ආසවකුත් තියෙනවා.
Read More »

වසර පහළොවක්‌ තමා සමග අනියම් ඇසුරක්‌ පවත්වා එම පෙමට පිටුපෑ හතළිස්‌ දෙහැවිරිදි අනියම් පෙම්වතිය සැලසුම් සහගතව මීගමුවට කැඳවාගෙනවිත් පිහියකින් ඇන මරා දැමූ 76 හැවිරිදි මහලු අනියම් පෙම්වතා මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව කඩොල් කැලේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට ආසන්න ජනශූන්‍ය ප්‍රදේශයකදී 7 වැනි බදාදා රාත්‍රි 8.30 ට පමණ පිහියකින් ඇන ඝාතනය කර ඇත්තේ කොච්චිකඩේ පදිංචිව සිටි කඩුපිටියේ චන්ද්‍රා ගුණවතී නමැති සිව්දරු මවකි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උ.පො. පරීක්‍ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතා විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනුව මෙම ඝාතනය සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වූයේ ගනේමුල්ල බොල්ලත පදිංචි බෝපේ ආරච්චිගේ දොන් ප්‍රැන්සිස්‌ නිකුලස්‌ නමැති 76 හැවිරිදි දෙදරු පියෙකි.

අනාවරණය වූ කරුණු අනුව මොහු සිය බිරිඳ අත්හැර මෙහි මරණ කාරිය සමග වසර 15 ක කාලයක්‌ කිරියි - පැණියි ලෙස නේවාසිකාගාරයක නැවතී අනියම් ඇසුර පවත්වා ඇත. මෑතකදී පටන් තම අනියම් පෙම්වතිය තමන්ට පිටුපාන බවට සැකකරු වන අනියම් පෙම්වතාට තදින් දැනී ඇත. තම අනියම් පෙමට පිටුනොපාන ලෙසට අනියම් පෙම්වතිය වූ මරණ කාරියගෙන් කොතෙක්‌ ඉල්ලීම් කළත් එය ගඟට කැපූ ඉනිමෙන් නිශ්පල වූ බව හෙළිදරව්වී ඇත.

මෙම කාන්තාව ජා-ඇල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක්‌ කරන අතර (7 දා) රාත්‍රි සේවය නිමවී ඇය දැන් පදිංචිව සිටින කොච්චිකඩේ ප්‍රදේශයේ සිය දියණියගේ නිවසට යැමට සූදානම්ව සිටි අවස්‌ථාවේ මෙහි සැකකරුවන අනියම් පෙම්වතා ඇයව කොච්චිකඩේ පදිංචි දියණියගේ නිවසට ඇරලවන බව පවසා ඇයව සිය යතුරුපැදියේ නංවාගෙන මීගමුව කඩොල් කැලේ ප්‍රදේශයට කැඳවාගෙන පැමිණ ඇත. ඊට ප්‍රථම අනියම් බිරිඳව මැරීම සඳහා රුපියල් 500 ගෙවා පිහියකුත් ජා-ඇල ප්‍රදේශයෙන් සැකකරු මිලදී ගෙන තිබේ.

ඉන් අනතුරුව ඇයට කඩොල් කැලේ ප්‍රදේශයේදී පිහියෙන් සිව්වරක්‌ ඇන බරපතළ තුවාල සිදුකළ සැකකරු පළායද්දී එම අවස්‌ථාවේ සංචාරක මුර සේවයේ යෙදී සිටි උ.පො. පරීක්‌ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිස යතුරු පැදිය මහමග දමා රේල්පාර ඔස්‌සේ පළායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. (8 දා) සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන්ත සිසිර ජයවර්ධන, උ.පො. පරීක්‌ෂක සුභාෂ් ප්‍රියදර්ශන සැරයන් (7770) ජයරත්න සිල්වා යන මහත්වරු විමර්ශන කටයුතු සිදුකළහ.
Read More »

වළගම්බා රජුගේ රන් ඔටුන්නක්‌ සහ තවත් නිධන් වස්‌තු සොයා ගල් ගෙයක නිධන් හෑරූ දෙදෙනකු කෑගල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල සියඹලාපිටිය ප්‍රදේශයේ විශාල කැලයක තිබෙන මෙම ගල් ගෙයහි ඇතුළත මීටර් 100 ක්‌ පමණ දුරට විහිදී ගිය ලෙනවල් ඇති අතර ඉන් දෙපැත්තකට යා හැකි ගල් ලෙන්ද ඇත. ඉතා පහසුවෙන් එම ලෙන තුළ ඇවිද යැමට හැකිවන අතර අඩි 7 ක්‌ පමණ උසට මෙම ගල්ලෙන තිබෙන අතර පනහකට පමණ පහසුවෙන් එම ලෙන තුළ සිටිය හැකිය.

වළගම්බා රජු මෙහි සැඟවී සිටි බවට ජනප්‍රවාද ඇති අතර රජුගේ බිසව ද මෙහි සිටි බවට ඔවුන් පවසයි. සිය අඹුව මෙහි තබා යුද්ධයට ගිය බව ද ඒ නිසා සියඹලාපිටිය වූ බව ද පැරැන්නෝ පැවසූහ.

මෙහි නිධන් ඇති බවට තොරතුරු සොයාගත් 15 දෙනකුගෙන් යුක්‌ත කණ්‌ඩායමක්‌ මාස දෙකක්‌ පමණ කාලයක සිට වෙඩි දමා ගල් පුපුරුවා ඇති බව පෙනේ. ලෙනෙහි එක්‌ පැත්තක කුට්‌ටි කරන ලද ගල් විශාල ප්‍රමාණයක්‌ ගොඩ ගසා ඇති අතර එම ගල් එසේ ගෙනැවිත් ගොඩ කිරීමට සෑහෙන කාලයක්‌ ගොස්‌ ඇති බවද පෙනේ.

ලෙන තුළ විශාල වළක්‌ හාරා පස්‌ අයින් කර ඇති අතර එහි ජලය පිරී ඇත. මෙහි සිටි පිරිසට දර කඩන්න යන මුවාවෙන් දිනපතා කෑම පාර්සල් ගෙන ගොස්‌ ඇති බවද අසල්වැසියන් පැවසීය.

ලෙන තුළ නිධන් කොල්ලකරුවන්ගේ ඇඳුම් සෙරෙප්පු යනාදිය තිබෙන අතර මේ සම්බන්ධව සැක සිතූ ගම්වැසියන් පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු එම ස්‌ථානය රාත්‍රියේම පරීක්‍ෂා කර ඇති අතර අසළ නිවසක සැඟවී සිටි හතරදෙනකු අත්අඩංගුවට ගැනීමේදී දෙදෙනකු පැනගොස්‌ ඇති අතර තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය එම ස්‌ථානය වටලද්දී එහි තිබූ යකඩ ඉනි, මල්, බුලත් තට්‌ටු, පොල් ගෙඩි හා බිත්තරද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ කෑගල්ල පොලිසියේ දූෂණ අපරාධ අංශය මගින් සිදු කෙරේ.
 
Read More »


බළන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ නිවසක්‌ තුළදී දෙදරු මවක්‌ ඝාතනයට ලක්‌ වී තිබුණේ 2010 වසරේ පෙබරවාරි මස 18 දා ය. එහෙත් මෙම ඝාතනය සිදු කළ ඝාතකයා කවුරුන් දැයි වසර එකහමාරක පමණ කාලයක්‌ අනාවරණය නොවීම නිසා මරණය අභිරහසක්‌ව පැවතුණි. එහෙත් මීට මාස හතකට පමණ පෙර අධිකරණ නියෝගයක්‌ ලබාගෙන බළන්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ නැවත පුළුල් විමර්ශනයක්‌ කිරීම ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ආර්. ඇම්. නන්දා රත්නායක නැමැති දෙදරු මවගේ මරණය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. මෙම ඝාතකයා සෙවීමේ පුළුල් මෙහෙයුම රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කුලරත්න, සහකාර පොලිස්‌ අධිකාරී ජී. ජී. ධනපාල යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත බළන්ගොඩ පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක ෂෙල්ටන් උඩුවකගේ මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමකට පැවරුණි. මේ අනුව ඝාතකයා අල්ලා ගත් අයුරු පැහැදිලි කළ පො. ප. ෂෙල්ටන් උඩුවකගේ මහතා(

මෙම කාන්තාවගේ මරණය පිළිබඳව නැවත විමර්ශනයක්‌ ආරම්භ කරන විට මෙම නිවසේ සේවකයකු ලෙස දිගු කලක්‌ කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා. එයට හේතු වුයේ ඝාතනය සිදු වු දිනෙන් පසුව මෙම තැනැත්තා වසන් වී සිටීම නිසයි. එම පුද්ගලයා කියා සිටියේ මෙම ඝාතනය සිදු නොකළ බවත් තමා නිවසට එන විට මෙම කාන්තාව ලේ විලක්‌ මැද මැරී සිටිනු දැක බියට පත්වී ප්‍රදේශයෙන් මග හැර සිටි බවයි. මෙම සිදුවීමට පසුව උඩකන්ද ප්‍රදේශයේ පුද්ගලයකු පිහියකින් කපා බරපතල තුවාල සිදු කර පලාගිය පුද්ගලයකු පොලිසියට අවශ්‍යව තිබුණා. මෙම තුවාලකරුවා තමන්ට පහර දුන් තැනැත්තා හඳුනාගෙන තිබුණා. මෙයින් පසුව ගෙවල් තුළට ඇතුල් වී භාණ්‌ඩ සොරා ගෙන නිවසේ සිටි අයට පහර දී හෝ තුවාල සිදු කර යැමක්‌ පිළිබඳවද අවස්‌ථා කීපයක්‌ පොලිසියට වාර්තා වී තිබුණා. මෙම සැකකරු පිළිබඳව පොලිසිය දැඩි විමසිල්ලකින් සිටියත් ඔහු සොයා ගැනීම අසීරු වී තිබුණා.

කාලය මෙසේ ගතවෙද්දී මේ මස පස්‌ වෙනිදා තොරතුරක්‌ ලැබුණා. පොලිසිය සොයන තැනැත්තා බළන්ගොඩ ප්‍රදේශයේ සැරිසරනවා කියා ඒ අනුව සැකපිට බී. රාධාක්‍රිෂ්ණන් නමැති තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවේ ගෙවල් බිඳීම් සොරකම් කිරීම් ආදියට මොහුට විරුද්ධව තිබූ චෝදනා මතයි. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කරන අතරේදී සැකකරුගේ මව පොලිසියට පැමිණ අනේ මහත්තයෝ මගේ පුතා සොරකම් නම් කරන්න ඇති. උඩකන්දේ නන්දා නෝනා මැරීමට නම් කිසිම සම්බන්ධයක්‌ නැතැයි හඬමින් පවසන්නට වුණා. මෙම කාන්තාවගේ ඝාතනය පිළිබඳව සැකකරුගේ මව හොරාට කලින් කෙසෙල්කැන වැට පැන්න කථාව වැනි ප්‍රකාශයක්‌ කිරීම ගැන සැක පහල වී ප්‍රශ්න කිරීම දිගින් දිගටම කරගෙන ගියා. ඒ අනුව සැකකරු සියල්ල හෙළි කළේ මෙසේයි.

මම මේ ගෙදරට එදා කුස්‌සිය පැත්තෙන් ඇතුල් වුණා. එවිට නෝනා කුස්‌සියේ උයමින් හිටියා. ගෙදර වෙනත් කිසිවෙක්‌ හිටියේ නැහැ. රං මාලයක්‌ වලලු කීපයක්‌ මුද්දත් උදුරා ගන්නට තැත් කළා. එවිට ඇය කෑ ගසන්නට සුදානම් වුණා. මම ඒ ගෙදර තිබූ පිහියක්‌ ඇරගෙන ගෙල කපා මරා දමා රත්රන් බඩු ටිකත් රැගෙන පලා ගියා. එදා රෑ වන තුරු සුසාන භූමියේ රැඳී සිට පසුව ප්‍රදේශයෙන් පලා ගියා. යනුවෙනි. මෙහිදී සොරාගනු ලැබූ රන් භාණ්‌ඩ වලින් එක්‌ රන් වලල්ලක්‌ සහ ඝාතනය සිදු කිරීමට යොදා ගත් පිහියද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සැකකරු බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත

කිරීමට නියෝග කරන ලදී.

මෙම පරීක්‍ෂණ සඳහා බලන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති යූ. ජී. සෙනෙවිරත්න, ප්‍ර. පො. ප අතුල පෙරේරා, පො. සැ. (20880) ගුණරත්න, පො. සැ. (21325) සමරවීර, පො. සැ. (30081) සමරතුංග, පො. සැ. (23844) ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්‌ එක්‌ වූහ.
Read More »

රදර්ශකයන් චිත්‍රපට සංස්‌ථාවට
රුපියල් කෝටි පහක්‌ විතර ණයයි



පෘථුල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන කුමාර් අබේසිංහ මහතා රාජ්‍ය ආයතන ගණනාවකම මුල් පුටුව හොබවා ඇත. දිසාපතිවරයකු ලෙස දිස්‌ත්‍රික්‌ක කිහිපයකම රාජකාරි කළ හෙතෙම රාජ්‍ය සංස්‌ථා සහ මණ්‌ඩල ගණනාවකම සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

සිනමාවට, කලාවට විශේෂ උනන්දුවක්‌ සහ ඇල්මක්‌ දක්‌වන කුමාර් අබේසිංහ මහතා ජාතික චිත්‍රපට සංස්‌ථාවේ වර්තමාන සභාපති තනතුරද හොබවයි. දේශීය සිනමා හා සිනමා කර්මාන්තය පිළිබඳ කුමාර් අබේසිංහ මහතා සමග සිනමා කලා සංග්‍රහය කළ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස ඔබ අපේ සිනමා කර්මාන්තයේ වර්තමාන තත්ත්වය දකින්නේ කෙබඳු ආකාරයෙන්ද?

හුඟ දෙනෙක්‌ කියනවා සිනමා කර්මාන්තය කඩාවැටිලා, ඔළුව උස්‌සන්නේ නැහැ කියලා. නමුත් මම ඉන්නේ ඊට වඩා වෙනස්‌ ස්‌ථාවරයක. සිනමා කර්මාන්තයේ පසුබෑමක්‌ වී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව අපේ රටේ පැවති සමාජ, දේශපාලන වාතාවරණයයි. අපි අමතක කළ යුතු නෑ වසර තිහක යුද්ධය, කලහකාරී තත්ත්වය වගේම ව්‍යසනයන් මේ හැම දේකින්ම සිනමා කර්මාන්තය හොඳට බැට කෑවා. මිනිසුන්ට රෑට නිදහසේ සිනමා ශාලාවකට ගිහිං චිත්‍රපටයක්‌ බලන්න සුදුසු වාතාවරණයක්‌ තිබුණේ නෑ. ඒනිසා තමුන්ට හැකි එකම වින්දනය වන රූපවාහිනිය වටේ සිටිමින් කාලය ගතකළා. ඒක එක ප්‍රශ්නයක්‌. ඒ වගේම අපි හැත්තෑවේ ස්‌වර්ණමය යුගයක්‌ ගැන කතා කරනවා. ඒ කාලේ තිබුණු එකම වින්දන මාධ්‍යය තමයි චිත්‍රපටය. අද තරගකාරී මාධ්‍ය වාතාවරණයක්‌ තියෙන්නේ. තාක්‌ෂණය මගින් මේ සියල්ල ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ අභියෝග මැද තමයි, සිනමා කර්මාන්තය නැවත නඟා සිටුවන්න සිදුව තිබෙන්නේ. වාසනාවකට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා රටේ ඇතිකළ දේශපාලන ස්‌ථාවරත්වය සහ සාමය නිසා ජනතාවට නැවත සැනසීමකින් යුක්‌තව නිදහසේ යන්න එන්න පුළුවන්. මේක චිත්‍රපට කර්මාන්තයේ ගමන් මඟ වෙනස්‌ කරන්න සුදුසු කාලයක්‌. එහි පෙරනිමිති දැන් පහළවෙලා. අවශ්‍ය වී තිබෙන්නේ හොඳ චිත්‍රපට නිපදවීමයි.

චිත්‍රපට අලුතින් හැදුණු පමණින් සෑහීමකට පත් වෙන්න පුළුවන්ද.... ප්‍රේක්‌ෂකයාගේ පැමිණීමත් වැදගත් නේද?

හැම අලුත් චිත්‍රපටයක්‌ම නොවේ සමහර චිත්‍රපට හදන එකනම් කර්මාන්තයට පහරක්‌. ප්‍රේක්‌ෂකයා ආකර්ෂණය නොවන චිත්‍රපට මුදාහැරීමෙන් සිනමා ශාලාවට සිදු වන්නේ අසාධාරණයක්‌. එමනිසා අලුත් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කිරීමට ණය මුදලක්‌ හෝ ආධාරයක්‌ කරනවා නම් එය කළ යුත්තේ තෝරා බේරාගෙන. අපි මේ ආධාර සඳහා තිර පිටපත් තෝරා ගැනීම ප්‍රබුද්ධ මණ්‌ඩලයක්‌ මගින් සිදු කරනවා. මේ මණ්‌ඩලයේ නිර්දේශ මත තමයි ණය දෙන්නේ. මේ අනුව අපි ණය දුන්නා. ඒ ණයවලින් හැදූ සමහර චිත්‍රපට මුදාහැරියා. තවත් චිත්‍රපට හැදෙමින් තිබෙනවා. ඒවා යම් ප්‍රමිතියකින් දෙන්න, ජනතාවට ආකර්ෂණය කරගත හැකි චිත්‍රපට. "මහින්දාගමනයට" අපි රුපියල් ලක්‌ෂ පනහක්‌ දුන්නා. පිටපත් මුද්‍රණයට තිර පිටපත ඉහළ නිසා කිසි බයක්‌ දැනුණේ නැහැ. අපි හිතුවා වගේම අද එය සාර්ථකයි. ජනතාව නැවත සිනමා ශාලාවලට ආකර්ෂණය කරගන්න මේ නිසා ලොකු නැම්මක්‌ ඇති වුණා. ඒ දුන් ණය මුදල පවා අපි අය කරගෙන ඉවරයි. "මහින්දාගමනය" අපට අද දෙවැනි වටය සඳහා ශාලාවලින් ගැලවීමත් ප්‍රශ්නයක්‌. මම හිතනවා ඉදිරියේ දී මාතා, ගාමනී, කුස පබා, විජය කුවේණි වැනි දැවැන්ත චිත්‍රපට සහ හාස්‌යෝත්පාදක චිත්‍රපට තිරගත වෙන්න සූදානම්. මේ සියලුම චිත්‍රපට නිසා ජනතාව යළි සිනමා ශාලාවලට ආකර්ෂණය කරගත හැකි වේවි. එවැනි ප්‍රවණතාවක්‌ අපිට පෙනෙනවා. පසුගිය වසරේ ලක්‌ෂ පනහක්‌ දක්‌වා පහත බැස තිබූ ප්‍රේක්‌ෂක සංඛ්‍යාව මේ වසරේ පළමු මාස හය තුළ ලක්‌ෂ හතළිහ දක්‌වා පැමිණ තිබෙනවා. ඉදිරි මාසවලත් එවැනි සංඛ්‍යාවක්‌ චිත්‍රපට නරඹයි. ඉතා ශීඝ්‍රයෙන් පහත ගිය ග්‍රාහක සංඛ්‍යාව නතර කරගන්න අපට හැකිවී තිබෙනවා. අපි මේ ගැන උදම් අනන්නේ නැහැ. ඒත් අපි ගත් යම් යම් ක්‍රියා නිසා මේ තත්ත්වයට පත්වුණා. 2012 දී මෙය ස්‌ථිර පදනමකට ගෙන එන්න හැකිවේවි.

ප්‍රේක්‌ෂකයන් ශාලාවලට කැඳවාගෙන එන්න නම් ඒ ශාලා ඉහළ තත්ත්වයකින් තිබිය යුතුයි. ඒත් අද එවැනි උසස්‌ සිනමා ශාලා තිබෙන්නේ අතළොස්‌සයි...?

ඒක ලොකු ප්‍රශ්නයක්‌ තමයි. ඒකටත් බලපෑවේ පසුගිය කාලේ රටේ පැවති තත්ත්වය. සිනමා ශාලාවල ආදායම පහත වැටුණා. සිනමා ශාලා සංඛ්‍යාව 356 සිට 149 දක්‌වා පහත බැස්‌සා. මේක තමයි පසුගිය වසර තිහ තුළ සිනමා කර්මාන්තයට වූ ව්‍යසනය. මේ තත්ත්වය එක වසරකදී අනෙක්‌ පැත්ත හරවන්න බැහැ. මම මේ කාර්යය භාරගෙන වසරකුත් මාස ගණනක්‌ ගතවෙලා. මේ කාලය තුළදී 149 ක්‌ව පැවති සිනමා ශාලා සංඛ්‍යාව 154 දක්‌වා වැඩිකර ගත හැකිවුණා. වසා තිබූ සිනමා ශාලා කීපයක්‌ විවෘත කළා. තිර තුනක්‌ සහිත අලුත් සිනමා ශාලා තුනක සංකීර්ණයක්‌ "සිනෙ වර්ල්ඩ්" නමින් කොටහේනේ විවෘත වුණා. වසා දැමීමට සූදානම්ව තිබූ සිනමා ශාලා විවෘත කරන්න කටයුතු කළා. ලබන වසරේ දී අපි සිනමා ශාලා දහයක්‌ ඩී.ටී.එස්‌. තාක්‍ෂණය සහිතව නවීකරණය කරනවා. දඹුල්ල නගරයට හොඳ සිනමා ශාලාවක්‌, මාතලේ සාප්පු සංකීර්ණය තුළ තවත් සිනමා ශාලාවක්‌ වගේම කැලණිය දළුගමට අලුත් සිනමා ශාලාවකුත් හදන්න අපි සාකච්ඡා කරමින් සිටිනවා. මේ කටයුත්ත ඉදිරියට ගෙන යන්න වසර දෙකක්‌වත් අවශ්‍යයි. ඒ වගේම තවත් අදහසක්‌ තමයි ආසන 150 ක්‌, 200 ක්‌ සහිත මිනි තියටර් සංකල්පය. බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටරය අපි මිනි සිනමා ශාලාවක්‌ බවට පත්කළා. මේ සංකල්පය අපි ව්‍යාප්ත කරනවා.

ජාතික චිත්‍රපට සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට බරක්‌ද?

සංස්‌ථා සේවකයන්ගේ වැටුප් ගෙවන්න සහ ප්‍රාග්ධන ආයෝජන සඳහා මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් ලබා දෙනවා. සෙසු වියදම් සඳහා අපි උපයා ගන්නවා.

චිත්‍රපට ප්‍රදර්ශකයන්ගෙන් සංස්‌ථාවට කලක පටන් විශාල මුදලක්‌ ලැබෙන්න තියෙනවා. මේ හිඟ මුදල් අයකර ගන්න සංස්‌ථාව ගෙන තිබෙන පියවරයන් මොනවාද?

සංස්‌ථාවට විශාල මුදලක්‌ අය වෙන්න තියෙනවා. චිත්‍රපට බෙදාහැරීම සහ ප්‍රදර්ශනය 2001 දී පුද්ගලීකරණය කරන්න කලින් ශාලාවලින් ලැබිය යුතු සංස්‌ථා අධිභාරය අයවී නැහැ. මම හිතන විදිහට රුපියල් කෝටි පහක්‌ විතර තියෙනවා අයකර ගන්න. මේ වසරේදී රුපියල් ලක්‌ෂ 90 ක්‌ අයකර ගෙන ඒ මුදල අපි ස්‌ථාවර තැන්පතුවක දැමුවා. ඒක ජයග්‍රහණයක්‌. මේ සඳහා අපි දැන් එක්‌තරා ක්‍රමවේදයක්‌ අනුගමනය කරනවා. චිත්‍රපට පෙළගැස්‌වෙන්නේ නැති නිසායි ශාලාවලට මේ මුදල් ගෙවන්න අපහසු. දැන් අපි සිංහල, දමිළ චිත්‍රපට හැකිතාක්‌ දුරට මේ ශාලාවල පෙළගස්‌වනවා. ඒ අනුව ලැබෙන ආදායමෙන් පරණ ණය අයකර ගන්නවා. නමුත් මගේ පාලනය යටතේ සංස්‌ථාවට ලැබිය යුතු සියලුම අධිභාරයන් අයකරගෙන නිෂ්පාදකයන්ට ගෙවිය යුතු සියලුම මුදලුත් ගෙවා අවසන්. කළමනාකරණය තුළ අප කළ වෙනස එයයි. ආයතනයක කළමනාකරණ හැකියාව මෙවැනි ප්‍රශ්නවලට බලපානවා. මම ව්‍යාපාරික සැලැස්‌මක්‌ සකස්‌ කර ඒ අනුව කටයුතු කරනවා. අද සිනමා ශාලාවල දිගට හරහට ඩී.වී.ඩී. තාක්‌ෂණයෙන් චිත්‍රපට පෙන්වනවා. මෙය නීති විරෝධීයි. එක්‌කෝ සංස්‌ථා පනත වෙනස්‌ කර මීට ඉඩදිය යුතුයි. නැතිනම් නතර කළ යුතුයි. මොකක්‌ද මේ සඳහා ගන්නා පියවර?

ඔය ප්‍රශ්නය අහපු එක හොඳයි. අද තියෙන චිත්‍රපට සංස්‌ථා පනත අනුව ඔය කියපු ආකාරයට චිත්‍රපට පෙන්වීම නීති විරෝධීයි. 1971 දී මේ පනත සම්මත වන කාලේ මෙවැනි තාක්‌ෂණ වර්ධනයක්‌ තිබුණේ නෑ. යම් කර්මාන්තයක්‌ ඉදිරියට ගෙන යන්න නම් පවතින නීති රාමුව ඉදිරියට ගෙන යා හැකි සේ එය වෙනස්‌ කළ යුතුයි. ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා සමග මා සාකච්ඡා කළා. මේ ගැන සොයා බලන්න ජනාධිපතිතුමා මගේ සභාපතිත්වයෙන් සහ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, රවීන්ද්‍ර රන්දෙනිය, සෝමරත්න දිසානායක, නීතිඥ නිහාල් ජයවර්ධන යන මහත්වරුන් සහ සුමිත්‍රා පීරිස්‌ මහත්මියගේ සාමාජිකත්වයෙන් යුක්‌ත කමිටුවක්‌ පත්කළා. අපි නිරන්තරයෙන් රැස්‌වී නව තාක්‌ෂණය ග්‍රහණය කරගැනීම සඳහා පනතට ගෙන ආ යුතු සංශෝධන සියල්ල හඳුනාගන්නවා. ඉදිරි සතියේ මේ සංශෝධන ඇමැති මණ්‌ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ගෙන එන්න කටයුතු කරනවා. ඩිජිටල් තාක්‌ෂණයට අපි සංක්‍රමණය වූ පසුව චිත්‍රපට නිෂ්පාදනය, චිත්‍රපට හැදීම සහ ප්‍රදර්ශනයට යන අධික පිරිවැය සියයට 50 කින් විතර අඩුකර ගත හැකි වේවි. එය සිනමා කර්මාන්තයේ දියුණුවට විශාල තල්ලුවක්‌.

ඔබ ප්‍රවීන පරිපාලන නිලධාරියෙක්‌. අපේ සිනමාව ගැන ඔබට ඇති වන්නේ කිනම් ආකාරයේ හැඟීමක්‌ද?

මම හිතනවා ශ්‍රී ලංකාවේ දේශීය සිනමාවක්‌ ඇති කිරීම අත්‍යවශ්‍යයි. සිනමා කර්මාන්තය දියුණු කළ හැකියි කියා හිතන අය සිටිනවා. පිටරට චිත්‍රපට ආනයනය කර පෙන්වනවා. ලාබෙට ගත හැකි පිටරට දේ ගෙනැල්ල රටේ ජනතාවට ඒවා පෙන්වමින් ව්‍යාපාරයක්‌ කළ හැකියි. ඒත් රටක සිනමාව කියන්නේ ඊට වඩා වෙනස්‌ දෙයක්‌. රටේ ජන සංස්‌කෘතිය, සිතුම් - පැතුම්, ඒ රටේ ජීවන රටාව, අනන්‍යතාව රටේ ජනතාවටත්, ලෝකයටත්, කියාපාන මාධ්‍යයක්‌ තමයි සිනමාව කියන්නේ. එනිසා දේශීය සිනමාවට රැකවරණය දීලා එතුළින් සිනමාව පෝෂණය කරන්න අපට සිද්ධ වෙනවා. 1971 දී චිත්‍රපට සංස්‌ථා පනත සම්මත කිරීමේ අරමුණ තවමත් වලංගුයි. අද තියෙන්නේ දේශසීමා බාධක නොමැතිව විවිධ සංස්‌කෘතික නිර්මාණයක්‌ රටට ගලා එන තත්ත්වයක්‌. මේ වෙලාවේ දේශීය සිනමාව රැක නොගත්තොත් අපට පෙන්වන්න දෙයක්‌ ඉතිරි වන්නේ නැහැ. සිනමාව සමහරු ව්‍යාපාරයක්‌ ලෙස දුටුවත් මම එය දකින්නේ සුවිශේෂී ලෙසින්. සිනමාව කියන්නේ මුදල් උපයන්නට කරන දෙයක්‌ නොවේ. එමනිසා අපිට සිදු වෙනවා තිබෙන බාහිර පීඩාවලින් සිනමා කර්මාන්තය රැකගෙන අපේ ජීවන පැවැත්ම, අපේ අනන්‍යතාව සහ අපේ උරුමයන් ලොවට කියාපාන මේ මාධ්‍යය ආරක්‌ෂා කර ගැනීමට. ජාතික චිත්‍රපට සංස්‌ථාවේ ප්‍රධානම කාර්යභාරය සහ වගකීම වන්නේත් එයයි.
Read More »

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය ලැබෙන තෙක්‌ ජාතික සමුපකාර මණ්‌ඩලයේ ගබඩාවල ගබඩාකර තැබීමට පමණක්‌ අවසර දුන් ජාතික සමුපකාර මණ්‌ඩලය පකිස්‌තානයෙන් ගෙන්වන ලද සිමෙන්ති තොගය රේගු ආඥ පනත උල්ලංඝණය කර වෙළෙඳපොළට නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රේගුව පෙරේදා (07 වැනිදා) පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

රේගුව යටතේ පැවැති සිමෙන්ති කන්ටේනර් 25 න් කන්ටේනර් 3ක්‌ රේගුව භාරයේ තබාගෙන ඉතිරි කන්ටේනර් 22 ක්‌ ජාතික සමුපකාර මණ්‌ඩලයේ ගබඩාවල ගබඩා කර තැබීමට පමණක්‌ ප්‍රමිති ආයතනයේ අනුමැතිය මත ශ්‍රී ලංකා රේගුව විසින් අවසර ලබාදී තිබිණි.

එසේ තිබියදී එම කන්ටේනර්වල තිබූ සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කර ඇති නිසා මෙසේ පරීක්‍ෂණ පවත්වන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ භාණ්‌ඩ සමීක්‍ෂණ අධ්‍යක්‍ෂ එස්‌. ඩී. එස්‌. ගුණතුංග මහතා ඊයේ (08 වැනිදා) දිවයිනට පැවසීය.

රේගු නිලධාරීන් පරීක්‍ෂා කිරීමට ප්‍රථම සීල් කඩා කන්ටේනර් විවෘත කර ඒවායේ තිබූ සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීමත් ප්‍රමිති සහතිකය නොමැතිව මෙම සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීමත් රේගු ආඥාපනත සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කිරීමක්‌ බවත් කී ගුණතුංග මහතා ඒ යටතේ මෙම පරීක්‍ෂණ පවත්වන බවත් කියා සිටියේය.

මෙම සිමෙන්ති කන්ටේනර්වලින් රේගුව භාරයේ පැවති සිමෙන්ති කන්ටේනර් 3 ද ඉකුත් අඟහරුවාදා (07 වැනිදා) ප්‍රමිති සහතිකය ලැබෙන තෙක්‌, ජාතික සමුපකාර මණ්‌ඩලයේ ගබඩාවලට යවන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය රේගුවට දැනුම් දුන් බවද ගුණතුංග මහතා කියා සිටියේය.

මෙම පරීක්‍ෂණ වාර්තා ලැබීමෙන් පසු ජාතික සමුපකාර මණ්‌ඩලයට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
Read More »

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විෂය ධාරා පහක්‌ යටතේ වර්ග කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ගණිත, විද්‍යා, කලා, වානිජ හා තාක්‍ෂණික වශයෙන් විෂය ධාරා වෙන් කෙරෙන අතර 9 වැනි ශ්‍රේණියේදී පැවැත්වෙන විශේෂ විභාගයකින් පසුව තමන් 10 හා 11 ශ්‍රේණිවලදී අධ්‍යයනය කිරීමට අපේක්‍ෂා කරන විෂය ධාරාව තෝරාගත යුතුය. ලබන වසරේ හය වැනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ගෙන් මෙම ක්‍රමය ආරම්භ කෙරේ. ඒ සඳහා ලබන වසරේදී හය සිට නව වැනි ශ්‍රේණිය දක්‌වා වන විෂය නිර්දේශයන් වෙනස්‌ කිරීමට ද නියමිතය. නව වැනි ශ්‍රේණියේදී පවත්වන විභාගයෙන් අනතුරුව තමන් තෝරා ගන්නා විෂය ධාරාවට අනුව අමතර විෂයන් 3 ක්‌ හැදෑරීමට සිසුන්ට සිදුවනු ඇත. මව්බස, ගණිතය, ඉංගී්‍රසි, විද්‍යාව, බෞද්ධ ධර්මය, ආගම වැනි ප්‍රධාන විෂයයන් හයට අමතරව මෙම විෂයන් තුන හැදැරිය යුතු වෙයි.

මීට අදාළව අධ්‍යාපන ලේකම් එච්. එම්. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගියදා සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ එකඟතාව ඊට ලැබී ඇත. මෙම මාසයේ මැද භාගයේදී පැවැත්වෙන අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාවට ද මෙම නව ක්‍රමය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

1977 වසරට පෙර ද මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ බව එම ආරංචි මාර්ග සඳහන් කෙළේය.

 
Read More »

http://www.thambapanne.net/wp-content/uploads/2011/09/images-150x105.jpgකොළඹ මාලිගාවත්ත පාතාලයේ කල්ලියක් සහ පොලිසිය අතර ග‍්‍රෑන්ඞ්පාස් හිදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත පාතාලයේ කළු තුෂාර මැරම් කෑ  බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි. පොලිසිය එන විට ගෝලයන් පැන ගිය බවත් ඔහු ළඟ ටී.56ක්, මිලිමීටර් නවයේ පිස්තෝලයක් ද තුබූ බවත් පොලිසිය පවසයි.

Read More »

http://2.bp.blogspot.com/-8sO2U3r18Aw/TmjuPJqgNWI/AAAAAAAAF9g/iN-e9mx53Sk/s1600/DSC_3041.jpgවව්නියාවේදි පුනරුත්ථාපනවන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් අද දකුණේ සංචාරයක නිරත විය.ල්රුප්පාවෙන් පොල්රුප්පාවට සහෝදරත්වයේ චාරිකාව ලෙස එය නම් කර තිබුණි.ව්නියාවේ පුනරුත්ථාපනයවන එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 525 දෙනෙකු මෙම සංචාරයට එක්විය.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව එය සංවිධානය කර තිබුණි.සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව අද අලුයම රජරට රැජිණ දුම්රියෙන් මේ පිරිස වව්නියාවෙන් පිටත් විය.පසුව වව්නියාවෙන් පැමිණි මේ පිරිස කොළඹ, කොටුවේදි උණුසුම් ලෙස පිළගනු ලැබිණි.මෙම පිරිස ඉදිරි දින 5 තුළ දකුණේ ස්ථාන ගණනාවක සංචාරය කිරිමට නියමිතය.



Read More »

http://www.thambapanne.net/wp-content/uploads/2011/08/images11.jpegපසුගියදා රාත‍්‍රි නුගේගොඩ ගණිකා නිවසක් වටදා අත්අඩංගුවටගත් කාන්තාවක් වන කාංචනා නැමැතිය මිරිහාන පොලීසියේ රදවාගෙන සිටි අතර එදින රාත‍්‍රි මිරිහාන පොලීසියට පැමිණි දේශබන්දු තෙන්නකෝන් විසින් අදාළ කාන්තාව ජීප් රථයක නංවාගෙන රැගෙන ගොස් ඇත. එදිනට පසු දින නීතිඥයෙකු සමග පොලීසිය වෙත පැමිණි අදාළ කාන්තාවගේ දෙමාපියන් ඇය සෙවූ නමුත් පොලිසිය විසින් එවැන්නියක අත්අඩංගුවට ගෙන නොමැති බව දන්වා ඇත. කෙසේ නමුත් පසුදින රාත‍්‍රී කාලය වන විට මැය නිවසට පැමින ඇති අතර අප වෙත වාර්තා වන අන්දමට මිරිහාන පොලීසියේ ප‍්‍රසාද් රත්නායක නැමැති පොලිස් නිලධාරියා අදාළ කටයුතු තෙන්නකොන් සමග එක්ව සිදුකරන බවට අදාළ තොරතුරු අනාවරණය කරයි.
Read More »

සිරිපා හිමේදී මිනිසුන් අතරමං කරන බලවේග සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ.
සමන් දෙවිදුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල ඊට දඩුවම් විදි අවස්ථාද ඇති බව ගම්මුන්ගේ කතා අතර තිබේ.
සිරිපා අඩවියේ ආශ්චර්යයන් ගැන කතා ඇත්තේ පැරැණ්නන් තුළය. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ.
එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් අතරින් වගේම අවට ගම් වලින් කුරුදු, වල් එනසාල්, දුම්මල, හම්බුලූ හතු, අගුරු හතු, ඉදලෝලූ, ලේනපලා, කටුඅල, ගෝනල, කිරිතල, බෙරලිය, තිත්තඇට, හල්, දොරණතෙල් (විහාරවල චිත‍්‍ර කර්මාන්තය ස`දහා අවශ්‍ය වේ) සොයා යන ගම්වැසියන්ද  ඉදහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝ  ද තවමත් ජීවතුන් අතර සිටිති.
සිරිපා කරුණාකරන ප‍්‍රධාන මාවත් හතෙන් එකක් වැටී ඇති දැරණියගල මාලිබොඩ ගමේ එවැනි සිදුවීම් මතක ඇති බොහෝ දෙනෙක් සිටිති.
උඩමාලිබොඩ ගමේ කලකට ඉහත රතු අප්පුහාමි නම් තැනැත්තෙක් වාසයකර තිබේ. ඔහුට සී.ජී.ආර්. රතුඅප්පුහාමි යැයි කියති. ශරිරය කුඩා වුවත් රතු අප්පුහාමි නිරෝගී ශක්තිමත් තැනැත්තෙකි. හොද කාය ශක්තියක් තිබු ඔහුට  සිමෙන්ති මිටි දෙකක්, භූමිතෙල් කෑන් එකක්, හාල් සේරු දහයක් එකවර ගෙනයා හැකි තරම් හැකියාවක් තිබු බව පැරැුන්නෝ කියති. මේ නිසාම ගම්මු ඔහුව යෝධයෙකු ලෙස හැදින්විය.
හිමේ ඇති මුවන්පැන්නගලට ගොස් එහි ඇති වල්එනසාල් නෙළාගෙන එන්නට කුරුදු ටිකක් තලාගෙන එන්නට ඔහු සමතෙකි. හිමේ මේ අඩවියට සැමදෙනාටම යා නොහැකි බවට මතයක් ගම්මුතුළ  පැලපදියම්ව තිබිණි. ඒ නිසා එවැනි තැනකට තනිව යනෙන තැනැත්තා ගම්මුන්ගේ වීරත්වයට පාත‍්‍රවන්නෙකි. රතුඅප්පුහාමිත් මෙවැනි ගමන්වලට හපනෙක් නිසා ගමේ හැමෝටම ඔහු වීරයෙක් ද විය.
හිරු නැග එද්දී හිමේට යන ඔහු අතුරු ආන්තරාවක් නැතිව ගිය කාරණය ඉටුකරගෙන බිම් කරුවල වැටෙද්දි ආපහු ගමට එන්නට සමතෙක් බව කාගේත් පිළිගැනීම විය. දිනක් සුපුරුදු පරිදි වල් එනසාල් ටිකක් හොයාගෙන එන්නට රතු අප්පුහාමි පාන්දරින්ම ‘‘සමනල අඩවියේ මුවාපැන්නගල පැත්තට සේන්දුවිය. වෙනදා බිම් කරුවල වැටෙද්දී ගෙදරට එන රතු අප්පුහාමි එදා ඒ වනවිට පැමිණියේ නැත. ගමේ හැමෝම කලබල වූහ.
‘‘රතු අප්පුහාමි හිමේ නවතිනවානම් කියලා යන්නේ. මොකද අද පරක්කු.’’ හැමදෙනාගෙම හිත්වල සැකයකි. ‘‘සමන්දෙවි අඩවිය රතුඅප්පුට අලූත් තැනක්යැ. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් උන්දෑ එයි’’ සුසුම්හෙල ගම්වැසියන් අස්වසන්නට වැඩිහිටියෙක් කියනු ඇසේ. ඒත් ගමේ තරුණයන් අතර ඇතිව තිබුණේ යම් භීතියකි. රතු අප්පුහාමිගේ නොපැමිණීම ආරංචි වූ ගමේ හැම නිවෙසකම එදින කිසිවෙකුත් නිදි නැත.
අද මෙන් විදුලි ආලෝකය නොතිබුණත් කුප්පි ලාම්පුවකින් හෝ අඳුර මැකිනි. ගෙදරකට දෙකකට එකතුවී වැඩිහිටියෝ රතුඅප්පුහාමිගේ නොපැමිණිම ගැන මුලින් කතා වුවත් ටික වෙලාවක් යනවිට ඒ කතාවන් සිරිපා හිමේ අද්භූත කතා මණ්ඩපයක් වන්නට පටන් ගත්තේය.
අත්දැකීම් ඇති තලතුනා වැඩිහිටියන්ගේ මේ අද්භූත කතා ඇසූ ළමෝ ලපටිහූ වැඩිහිටියන්ට වඩවඩාත් ලංවූයේ ඒවායේ බිය ජනක කරුනු වලින් යම් තැතිගැම්මකට පත්වු නිසාවෙනි.
‘‘ඔය හිමේ වෙනිවැල්, වල්දෙහි, පුස්ඇට, නගාමැරු අල, මලසුදු මහ හැඩයා, කුඩා හැඩයා, වනරාජ, ඉරරාජ, උඩවැඩියා, වෙල්ලංගිරිය, කොකුන් වගේ සිංහල වෙදකමට ගන්න ඖෂධ එහෙම බොහෝ සුලබයි’’ වැඩිහිටියෙක් අලූත් කතාවකට මුල පිරීය. කටුමැටි බිත්තියේ එල්ලූ කුප්පි ලාම්පුවේ දැල්ල ගෙනෙන්නේ සිහින් එළියකි. කෙනෙකු යන්තම් අදුනාගත හැකි එළියක් මිස  ඉන් වැඩි දෙයක් ඒ එළියෙන් පැහැදිලිව නොපෙනේ. සිරිපා හිමේ සැගවුණ කතාවක් අහන්නට සැවෝම මේ වැඩිහිටියා වටකොට හි`දගත්තේ පැදුරු කඩමාලූ එලාගෙනය.
මේ කතාවට සවන්දි සිටි ගැටවරයෙකු කතාවට බාධාකරමින් ‘‘මොනවද ඔය න`ගාමැරූ අල ’’ කියන්නේ යැයි පැනයක් යොමු කළේය. එය ඔහුට පමණක් ගැටලූවක්ව තිබූවක් නොවු බව තේරුණේ අනික් අයද ඊට ලැබෙන පිළිතුර සම්බන්ධව දැක්වූ උනන්‍ දුව නිසාය.
‘‘මේක වුණ ඉසව්ව කොහේද කියලා හරියටම මම කියන්න දන්නෙ නෑ. නමුත් අහලා තියන විදියට මේ හිමේට මායිම්වූ ගමක වෙච්ච දෙයක්. එක ගෙදරක හිටපු අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිමේ ගිහිං තියනවා. බේත් අඩුමකුඩුම ටිකක් හොයාගෙන එන්න. ඉතින් පැයගාණක් ඇවිදපු මේ අයට කුසගිනි දැනිලා වාඩිවෙන්න පහසු තැනක වාඩිවෙලා ගෙනිච්ච සැහැල්ලූවෙන් (ගමන් මල්ලට කියන නමකි) තිබුණ දෙයක් කාලා තියනවා. ඊට පස්සේ මේ දෙන්නා බුලත් විටක් කාලා. බුලත් විටට  ඕනෑ හුනුටික කාලා තියෙන්නේ ඒ අය ගෙනිච්ච පිහියෙ තලේ හුණු ටිකේ ගාලා. ඒ පිහිතලේ අග  දිවේ ගාගෙන. ඉස්සරවෙලා නගා තමා එහෙම හුනු කාලා තියෙන්නේ. ඒ එක්කම මේ නගාගෙ රාගය ඇවිස්සිලා අමුතු විදියට හැසිරෙන්න පටන් අරං. අයියා කියන දේ අහන්නෙම නෑලූ. පස්සේ නංගි ගැන කලකිරුණ අයියා අර පිහියෙන්ම ඇනලා නගාව මැරුවලූ.
ඉතිං මේ විදියට නගා රාගාධිකව හැසිරුණේ ඇයි කියන එක ඒ අයියටත් ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. පස්සේ බලද්දි මොකද දන්නවාද වෙලා තියෙන්නේ. මේ දෙන්නා නතරවුණ තැන පොළොවෙ තමයි අර පිහිය ඇනලා තිබුණේ. බුලත්විට කාලා හුනුටික ගන්න පිහිය එතනින් අරගෙන හුණුඑකේ ගාලා ඒක දිවේගාගෙන තිබුණනේ. පිහිය පොළොවේ වැදිලා තිබුණේ පොළොව යට තිබුණ අලයක. ඒ අලේ තිබුණ මොනවා හරි අර නංගිගෙ ශරීර ගත වුණා. ඒක රාගය මතුකරන ඖෂධයක්. එදා ඉදලා ඒ අල ජාතියට කියන්නේ ‘‘නගා මැරූ අල කියලා.’’ වැඩිහිටියා කතාව අවසන් කරන විට අසා සිටියවූවෝ දිග සුසුමක් හෙළා සිත සැහැල්ලූ කරගත්හ.
රැුස්ව සිටියෝ මේ ආකාරයට විවිධ කතාවලට සවන් දෙමින් රැය පහන් කරමින් සිටියහ. නිදිවරන පිරිසට කහට පොල්කට්ටකින් සංග‍්‍රහ කළයුතු නිසා වතුර මුට්ටිය ළිප තබන්නැයි වැඩිහිටි කාන්තාවක් තරුණියකට සන් කළාය. එහෙත් ඇය ‘‘සිරිපා හිමේ’’ අත්භූත කතා අසා යම් බියකට පත්ව සිටි නිසා තනිවම කුස්සියට යන්නට මැලිවූවාය.
මෙසේ ආගිය කතා කියමින් සිටින අතරතුර මැදියම් රැය ඉක්මගොස් ඇති බව අහසේ දිස්වෙමින් තිබූ හද දෙස බලා වැඩිහිටියෙක් කීවේය. ‘‘ඉරපායන්න තව හෝරා හතරක් විතර ඇති. හෙට පාන්දරින්ම අපි කිහිප දෙනෙක් රතු අප්පු ගිය ඉසව්වට ගියොත් හොදා. සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් රතුඅප්පු කරදරයක් නැතුව ඉදී’’ ඔහු විශ්වාසයෙන් යුතුව කා තුළත් බලාපොරොත්තු ඇති කෙළේය.
මේ අතර කන්ද පහළ පාර දෙසින් හුළු අත්තක එළියක් පැතිර තිබු ඝනදුර මැදින් දිස්වනු පෙනිණි. නිදි වර්ජිතව සිටි සැවොගේම උකුසු ඇස් එදෙසටය. ‘‘මෙකක්ද මේ එළිය.’’ මේ මැදියමේ අමුත්තෙක් නම් විය නොහැක. ගමේ කෙනෙක්ද විය නොහැක. මෙවන් මහ මෙවන් මහරක මේ ආකාරයට යන්නෙ එන්නේ කිහිප දෙනෙක් පමණක් නිසාත් වරෙක මතුවෙමින් තවත් වරෙක නොපෙනියමින් ගම මැද්දෙන් එන එළිය කාගේත් අවධානයට හේතුවක් විය.
වැඩිහිටියන් ඉදිරියට අවුත් විපරමෙන් බලද්දි තරුණයෝ ද එය අනුගමනය කළහ. නිදිවර්ජිතව සිටි කොල්ලො කුරුට්ටෝ බියෙන් වැඩිහිටි කාන්තාවන්ගේ ඇග දැවටෙද්දී තරුණියෝද ඔවුන් අනුගමනය කළහ. වැඩිහිටි කතුන් තුරුණුවන් සිහිපත් කරමින් සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්‍ෂාව හිතින් පැතීය.
ඈතීන් පෙනී නොපෙනී මතු වූ එළිය දැන් තමන් ආසන්නයට පැමිණ ඇත. එය හුලූ අත්තක් අතින්ගෙන එන පුද්ගලයෙකු බව කාටත් දැන් පැහැදිලිය.
‘‘කවුද මේ රැ එන්නේ’’ කාටත් ප‍්‍රහෙළිකාවකි. දෙනෙත් නොපියවා සැවෝම ඒදෙස බලා සිටිති.
පැවති දිගු නියැඩිතාව බිදලමින් ‘‘මේ රතු අප්පුහාමි නේද?’’ වැඩිහිටියෙක් හිමින් කීවේය. කවුරුත් ඉතා  ඕනැකමින් ඒ දෙස බලන්නට විය.
කුරුදු ටිකකුත් කරතියාගෙන හුලූ අත්තකුත් අතැතිව එන්නේ හිමේට ගිය රතුඅප්පුහාමිය. ඔහුට කිසිදු මහන්සියක් නැතුව සේය. ගමේ වැඩිදෙනෙක් තමන්ගේ ගැන සෙවිල්ලෙන් සිටි බව රතු අප්පුහාමිට අවබෝධ විය. ඔහුට සියුම් සතුටක් ද දැනිණ.
‘‘ඈ රතු අප්පුහාමි මොකදෑ වුණේ?’’ වැඩිහිටියෙක් විමසීය.
‘‘මම කුරු`දු ටිකක් තලාගන්න කියලා මුවාපැන්්නගලට ගියා. යන පාරේ වල් එනසාල් පිරිලා. ඒවා ටිකක් කඩාගෙන මල්ලෙ දාගෙන මම කුරුදු තැළුවා. වෙලාව යනවා දැනුණේ නෑ. එන්න පිටත්වෙලා ටික වෙලාවකින් අදුර වැටුණා. මතක තියන විදියට මම පාරවල් වලින් බැස්සා. තරු එළිය තමයි එළියකට තිබුණේ. මට පාර වැරදිලා. මම බැස්සේ එරත්නේ පොල්කොටුවෙ කඬේ ළගට. කඬේ දැක්කා විතරයි මගේ සාගින්දර ඉහවහා ගියා. කඬේ තිබුණ විස්කිරිඤ්ඤ බෝතලෙන් බාගයක් විතර කාලා සුදහගින්න නිවාගෙනයි මම මේ ආවේ.’’‘‘බොලන්ලා එකක් මතක තියාගත්තොත් හොදා. මේ සමන් දෙයියන්ගේ අඩවියේ වැඩි තණ්හාවට යන එක එච්චර හොද නෑ. රතුඅප්පුහාමි ගමේ එකා හින්දා ආපහු ගමට එව්වා. නැත්නම් ඉතින් මහවනේ තමයි ඉන්න වෙන්නේ.’’ ‘‘හිමේ අත්භූත’’ බව ගැන වැඩිහිටියෙක් අවවාද දුන්නේය.
- ලංතාදීප පුවත්පතෙනි-
Read More »

අපි අනිවාර්යෙන්ම නේටෝව පරාද කරනවා – ගඩාෆි සිරියානු රුපවාහීනි නාලිකාවක් වන අල්-රායි (Al-Rai) නාලිකාවම විසින් අද දින නැවතත් ලිබියානු නායක කර්නල් මුවාමර් ගඩාෆීගේ දුරකථන සංවාදයක් විසුරුවා හැර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
ලිබියානු නායකයා ඊයේ දින ආරක්‍ෂක රථ පෙළහැරකින් නයිජර් (Niger) රටට පළා ගිය බවට පළ වූ වාර්තාවන් කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒවා හුදු බොරු ප්‍රචාරයන් බවත් මෙම දුරකථන සංවාදයේදී ඔහු පවසා ඇත.
“ඒවා මානෂික යුද්ධය සඳහා භාවිතා කරන ප්‍රචාරක උපායන් මිස කිසිදු සත්‍යයතාවක් ඇති පුවත් නොවේ.” යැයි යුධ වැඳී සිටින ලිබියානු නායකයා ඉහත රුපවාහිනිය වෙත දුරකථනයෙන් පවසා ඇත. ‍ඉහත අල්-රායි රුපවාහිනි සේවාව “ලිබියානු නායකයා ලිබියාවේ සිට නැවත තම ආධාරකරුවන් අමතයි” යන තේමාව යටතේ ගඩාෆී‍ගේ මෙම දූරකථන සංවාදය විසුරුවා හැර ඇත.
ලිබියානු නායකයා ඇතුලු පිරිසක් ඊයේ දින ආරක්‍ෂක රථ පෙළහැරකින් නයිජර් රටට පළා ගිය බවා පළ වූ පුවත් මීට පෙරද තමා පිළිබඳව දූෂමාන ආරංචි ලෙස තමාගේ සතුරන් පතුරුවා හරිනු ලැබූ බව ගඩාෆී විසින් පවසමින් තමා ඇතුලු පිරසක් නයිජර් රටට පැනගිය පුවත තරයේ ප්‍රතික්‍ෂෙප කරමින් පවසා ඇත.
“ඔවුන් අපගේ චිත්ත ධෛර්යය බාල කිරීමට උත්සහා කරනවා.” ඔහු තම ආධාර කරුවන්ට මෙහිදි පවසා ඇති ගඩාෆී “කාලය නාස්ති නොකර මෙම අධම දුර්වල සතුරන්ව පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස ඉල්ලමි.” යනුවෙන් පැවසු බව චීන ෂින්හුවා වාර්තාවේ සඳහන් වේ.
මෙහිදී ඔහු, ට්‍රිපොලි හී සිටින ‍කුලීහේවායින් (කැරලිකරුවන්) පන්නා දමා ඔහුන්ගෙන් රට නිදහස් කරගැනීම සඳහා “ලිබියානු තරණ කැළ” දැඩි සූදානමිකින් සිටින බවද පවසා ඇත‍.
“අපි ස්ථීර ලෙසම නේටෝව පරාද කරනවා. නේටෝව ලිබියානු ජනතාව ප්‍රතික්‍ෂේප කරන සංවිධානයක්.” යැයි ද පවසමින් “නේටොවට මෙම යුද්ධය පවත්වාගෙන යාම සඳහා අවශ්‍යය ප්‍රවර්ධන තවදුරටත් ඔවුන්ගේ සමාජිකයිනගෙන් නොලැබෙන” බවද පැවසූවේ යැයි ෂින්හුවා කියා සිටියි.‍
ට්‍රිපොලියේ විශාල කොටසක් අත්පත් කරගෙන සිටින ලිබියානු කැරලිකරුවන් විසින් ‘ගඩාෆී ඊයේ දින ඔහුගේ හමුදා රථ පෙළහැරකින් ලිබියාවේ අල්ලපු රටක් වන නයිජර් රටට පැනගිය’ බව පවසා තිබින.
පසුගිය අගෝස්තු 29 ‍වැනි දින ගඩාෆීගේ බිරිඳ සෆියා, දියණිය අයිෂා සහ පුතුන් දෙදෙනෙකු වන අනිබාල් සහ මොහාම්මෙඩ් ඔවුන්ගේ ළමුන් සමඟ අල්ජේරියාවට දේශපාලන රැකවරණ පතා පැමිනිය බව අල්ජේරියානු විදේශ අමාත්‍යවරයා සඳහන්කර තිබින.
කෙසේ හෝ ලිබියානු නායකයා කොහේ සැඟව සිටින්නේ දැයි ලිබියානු කැරලිකරුවන් ස්ථීර වශයෙන්ම තවම නොදන්නා බව මෙම සෑම වාර්තාවකින්ම සනාථ වේ.
“තම මුතුන්මිත්තන්ගේ දේශය කිසිදා හැරනොයන බව” ගඩාෆීගේ අද දින දූරකතන පනිවිඩයෙන් නැවතත් පවසා ඇතැයි මේ පිළිබඳව පළවූ ඇසෝයියෙටඩ් ප්‍රෙස් වාර්තාවේ සඳහන් වේ.
Read More »

පලස්තීනය ස්වාධීන රටක් වන ලකුණු නිව්යෝර්ක් නගරයේ මේ මාසයේ පැවැත්වීමට නියමිත ජගත් මහ සමුලුවේ දී තම රට ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කර ගැනීමට පලස්තීනය සුදානම් වේ.
ඊට සමගාමීව පලස්තීනුවන් රැළි සහ විරෝධතා පැවැත්වීමට අර අඳින බව ඊශ්‍රායල නායකයන් සහ ඇතැම් හමුදා නිලධාරීන් අනතුරු අඟවා ඇත. මේ අතරවාරයේ දී යළිත් වරක් ලේ වැගිරීමක් සිදුවිය හැකි බවට ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැති ඇවිග්ඩෝ ලයිබර්මෑන් පවසයි.
එහෙත් තම සියලුම ක්‍රියා මාර්ග සාමකාමී ඒවා වනු ඇතැයි පලස්තීනුවෝ අවධාරණය කරති. මේ නිසා මැද පෙරදිග කලාපයේ යළිත් වරක් යුද්ධයක් ඇවිලී යාමේ අවදානමක් පැනනැඟී තිබේ.
Read More »

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්‌ මෙරට විශ්වවිද්‍යාල හයක්‌ කඩිමුඩියේම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීමට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන් කර ඇති බව ද ඒ සමග පැවැසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්‌ථාවෙහි මට මතක්‌ වූයේ අවුරුදු හතළිස්‌ අටකට පෙර මා බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බටහිර විද්‍යාපීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුළු වී වැඩි කල් නොගොස්‌ අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක්‌ මෙසේය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ෙත්‍රෙලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රි ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නොසිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක්‌ උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරවම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු-බීපු වෙලාවට කී අමන බයිලාවක්‌ ලෙස අමතක කළ හැකි නොවේ. සමස්‌ත සරසවි ජීවිතයම එහි ගැබ්වී තිබිණි යෑයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක්‌ බවය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්‌ඩප දෙකක්‌ විය. එකක්‌ පේරාදෙණියේ හන්තාන කඳු පාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහිම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්‌ථාව ලැබිණි.
නාලන්දා විශ්ව විද්‍යාලය
නාලන්දා විශ්ව විද්‍යාලය
ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක්‌ නොවූ බව මම වැඩි කල් නොගොස්‌ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්‌, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්‌, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නොවේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහි කර ඇත. එහෙත් අනෙක්‌ විෂයයන් සම්බන්ධයෙන් එවැන්නක්‌ ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික්‌ සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොනතරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇති වූවක්‌ නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටුවූ අවධියේ සිට ම දක්‌නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයයක වුවත් නව සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ බිහි කළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවැති සමුළුවකදී සංකර යන්නට නව අර්ථකථනයක්‌ දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්නය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම එකතු කිරීමට නොවේ. යම් කරුණක්‌ පිළිබඳව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතු කර සංග්‍රහයක්‌ ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක්‌ යෑයි මම කිසිසේත් නොකියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහි කරගත හැකි නොවේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහි නොවන බව උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමාට මතක්‌ කළ යුතුය. ඇදුරන්ගේ වැටුප් වැඩි කිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහි කළ හැකි නොවේ. ඇල්බට්‌ අයින්ස්‌ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට්‌ කාර්යාලයක සේවය කළ අයකු ලෙසය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්ත්වයට පැමිණ සිටියේ සුළු වැටුපකට පේටන්ට්‌ කාර්යාලයෙහි සේවය කරමින් සිටියදීය. අයින්ස්‌ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක්‌ නොවේ. පහසුකම් පිළිබඳ තත්ත්වය ද එසේමය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක්‌ වැය වන බව සැබෑය. එහෙත් ලෝක පූජිත අදහස්‌ බිහි කිරීමට ලෝක මට්‌ටමේ පහසුකම් අවශ්‍ය නොවේ.
අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස්‌ (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහි කරන්නන් නොවීමය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකිය. එක්‌ කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක්‌ ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැඟීමටය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දෑලා යෑයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින්ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලූහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා එය අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්‌වරයකු (අද මේ තනතුරු නැත.) ලෙස ගත කළ ආටෝපසහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයෝ කොටසක්‌ ශාස්‌ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිටම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමටය. ඔවුන් සියලු දෙනාම අයින්ස්‌ටයින්ලා වී යෑයි මම නොකියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්‌වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වීය යනු මගේ මතකය වෙයි. ශාස්‌ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙකම කෙරෙහි අවධානය යොමු කළ අය ද සිටියහ. අනෙක්‌ අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස්‌ පරිසරයට ද ඇතැම්හු ඇලුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින්ම වලංගු නොවේ.
මට ද අවුරුදු පහළොවේ සිටම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකුවීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්ත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස්‌ ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිටම මට විය. එය ආචාර්ය උපාධියක්‌ ලබාගැනීමෙන් ඔබ්බට ගියේය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස්‌ තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක්‌ නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස්‌ ඉදිරිපත් කෙරී නැත. අනෙක්‌ බොහෝ අයගේ නම් බිත්තිවල නොලියෑවුණ ද ශාස්‌ත්‍රීය ගවේෂණය සඳහා යොමුවූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස්‌ බිහිවී නැත. මෙයට හේතු දෙකක්‌ වෙයි. 1921 සිටම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස්‌ ඉදිරිපත් කිරීමක්‌ නොවේ. අප නව අදහසක්‌ ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්‌ත අදහසක්‌ විය. සඳකඩපහණ ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස්‌ මේ ගණයට නිදසුන් වෙයි. අප කිසිවිටෙකත් වියුක්‌ත අදහස්‌ ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්‌කෘතියෙන් ද පිටිවහලක්‌ නොලැබෙන බවය. දෙවැනි කරුණ ඒ නිසාම පැන නඟින්නක්‌ විය හැකිය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්‌ත නව අදහස්‌ ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකිය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්‌ටමේ අනුකරණ පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නොහැකිය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීහු, ටින්කර් බාසුන්නැහැලා පමණක්‌ වෙමු. ගුණදාස අමරසේකර මහතා වුවද මේ ශාස්‌ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්‌පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක්‌ නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසාය.
අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්‌ටමේ ඇදුරන් බිහි කරගත හැකි යෑයි මම විශ්වාස නොකරමි. ඒ නිසාම ඊනියා ජාත්‍යන්තර මට්‌ට්‌මේ විශ්වවිද්‍යාල ද බිහි කරගත නොහැකිය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්‌ටමක ජාතික විශ්වවිද්‍යාලයක්‌ ඇති කරගැනීමට කටයුතු කිරීමය. ලෝකයේ විශ්වවිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල්ම ආයතන වී ඇත්තේ මහා විහාරය හා අභයගිරියය. නාලන්දා, තක්‍ෂිලා ද ඉන්පසු ඇති විය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්‌ටමේ නව අදහස්‌ එකල අනුරාධපුරයෙන් බිහිවී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තුම නව අදහස්‌ ඉදිරිපත් කළ විට එය ඇත්තේ කිනම් පොතකදැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොරබැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහි කළ හැකි තරුණයන් පිරිසක්‌ අපට අපේ සංස්‌කෘතිය පසුබිම් කරගෙන බිහි කළ හැකි යෑයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක්‌ නිරූපණය නොවන බව දැන දැනමය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක්‌ බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහිවූ සාර්ථකම කතාවක්‌ බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශුන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන්ම යම් යම් දෑ පැහැදිලි කරගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්‌කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතුය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත් නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වාදීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත් කළ හෝ තැත් කරන හෝ පුස්‌සන් අපට අනවශ්‍යය.
Read More »

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය