Powered by Blogger.


thangallaතංගල්ල ප්‍රාදේශිය සභාපති වන සම්පත් චන්ද්‍රපුෂ්ප නැමැත්තා ඇතුලු පිරිස මියගිය බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ක්ෂෙක් මහතාට අතින් පයින් පහර දෙනු තමා දුටු බවත්, ඔහුගේ පෙම්වතිය වන වික්ටෝරියා මෙනෙවියට පිහිණුම් තටාකයෙන් එන්නට නොදී පහර දුන් බවත් ‘ද නේචර් රිසෝට්’ නිවාඩු නිකේතනයේ
හිටපු කළමනාකාරිනී ආර්.ඩී.තරංගා පීරිස් මහත්මිය සඳුදා (31) තංගල්ල නඩුව හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.
එය දැක තමන් පොලිසියට දුරකථන ඇමතුමක් දීමට පැමිණි විට එම පිරිස තුවක්කු එල්ල කොට තමන්ට තර්ජනය කළ බවද ඇය කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්‍ෂි මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.
සම්පත් චන්ද්‍ර පුෂ්ප නැමැත්තා මුලින්ම පහර දුන්නේ වෙනත් පුද්ගලයෙකුට බවත්, එම පහරදීම වැලැක්වීමට ගිය කුරාම්ට පසුව පහර දුන් බවත් මුලින් පහර කෑවේ ‘රයන්’ බව පසුව හඳුනාගත් බවත් ඇය කීවාය.
තුවාල ලබා වැටී සිටි කුරාම්ට වික්ටෝරියා විසින් කෘතිම ස්වසනය දීමට උත්සාහ කරනු දුටු බවත් කීවාය. ඇය විසින් 1,3,4,5 යන විත්තිකරුවන් හඳුනා ගන්නා ලදී.

බැංකු මැනේජර්ට පිහියෙන් ඇන ලක්ෂ 14ක් කොල්ල කති

com-bank-robber1පැය විසි හතර පුරා විවෘතව තබන සීදුවේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවට ඉරිදා (30) මධ්‍යම රාත‍්‍රියේ මුහුණූ ආවරණය වන පරිදි යතුරුපැදි හිස්වැසුම් පැළඳ කඩා වැදුණු කොල්ලකරුවන් සිව් දෙනෙක් රුපියල් ලක්‍ෂ 14 ක මෙරට මුදල් හා විදෙස් මුදල් තොගයක් පැහැර ගෙන ගොස් තිබේ. බැංකුවේ ඒ වනවිට සිටි කළමනාකරුටද කොල්ලකරුවන්පිහියකින් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි. කලමණාකරු රෝහල්ගත කර තිබේ. කොල්ලකන ලද විදෙස් මුදල් ප‍්‍රමාණය කොතරම්දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වන අවස්ථාවේ දී කළමනාකරු සමග අයකැමිවරයකු, ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකු එම බැංකුවේ සිට ඇත. ඒ අයට ගිනි අවි දෙකක් එල්ල කොට බිය ගන්නවා මෙම කොල්ලය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. සීදුව පොලිසියත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයත් එක්ව විමර්ශන පවත්වයි.
com-bank-robber2සීදුවේ කොමාර්ෂල් බැංකුවේ රුපියල් ලක්ෂ 14 මුදල් කොල්ලය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින් සහ පොලිස් නිල සුනඛයා මෙහි දැක්වේ.

පුස්සලවින්න වැවේ නෑමට ගිය 3ක් මරුට


Dethගම්‍පොල මානික්කාව ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය පුස්සලවින්න ගමේ වී මෝලක කම්කරුවන් ලෙස සේවයට පැමිණි තිදෙනකු 29දා සවස පුස්සලවින්න වැවේ දියනෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇත.
අලුත් අවුරුද්දට ගෙදර දොර වියදම් පියවා ගැනීම සඳහා රැකියාව වශයෙන් වී මෝලක වැඩට මීට දින 20කට පමණ පෙර මෙම තිදෙනා පැමිණ තිබේ. ඔවුන් එදින වැඩ අවසන් කර වැටුප්ද ලබාගෙන පසුදින ගම්බිම් බලා යාමට සූදානම්ව 29දා සවස තිදෙනා එක්ව මත්පැන් පානය කර වැවේ දිය නෑමට ගොස් ඇත. එහිදී තිදෙනා අඩි 25ක් පමණ ගැඹුරු වැවේ තිබූ වළක එරී මියගොස් තිබේ.
පසුව ඒ අසල සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් පිරිසක් තිදෙනා ගොඩ ගෙන ඇති අතර ඒ වනවිටත් ඔවුහු මියගොස් සිට ඇත.
සිද්ධියෙන් මියගියේ බඹරගහඇල, ගෝතාඩිකවත්ත, හෙක්ටයාර් 25 ජනපදයේ පදිංචි එම්.කේ. තිලකසිරි බණ්ඩාර (47), දෙදරු පියකු, මානික්කාව 252/1 පදිංචි එන්.පී.ජී. සුනිල් නමැති 42 හැවිරිදි එක්දරු පියකු හා ඇල්පිටිගම මානික්කාව පදිංචි ශිවලිංගම් තංගරාජ් නමැති 41 හැවිරිදි අවිවාහකයෙකි.
සිද්ධිය පිළිබඳ දෙහිඅත්තකණ්ඩිය ‍පොලීසිය පරීක්ෂණ සිදුකරන අතර 30දා දහවල් දෙහිඅත්තකණ්ඩිය හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මරණ පරීක්ෂණය පැවැත්වීට නියමිතව තිබිණ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය