Powered by Blogger.

එංගලන්ත කණ්ඩායම ලකුණු 3කින් පරාජය කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.
තරගයේ ප්‍රථමෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5කට ලකුණු 196ක් ලබා ගත්තේය.
ඊට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට ලබාගත හැකි වූයේ ලකුණු 193ක් පමණි.
චිතගොංහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කළේය.
දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේය.
හෂීම් අම්ලා ලබාගත් ලකුණු ගණන 56කි.
පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයේ ඇලෙක්ස් හේල් ලකුණු 38ක් ලබා ගත්තේය.
වේන් පාර්නේල් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය