Powered by Blogger.


Kaludiya-pokunaදියනෑම සඳහා ඓතිහාසික කලුදිය පොකුණට ගිය රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන පීඨයේ සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වු බව මිහින්තලය පොලීසිය පවසයි. 30 වැනිදා සවස 05.30 ට පමණ සිසුවා දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත. පොකුණෙහි ගැඹුරුම ස්ථානයක ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ
මිහින්තලය පිහිටි ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන පීඨයේ පළමු වැනි වසරේ ඉගනුම ලැබු අලපලාවල, කෑගල්ල ලිපිනයේ පදිංචි එම්.ජී ගයාන් ප්‍රදිප් ජයතිස්ස (22) යන විශ්ව විද්‍යාල සිසුවායි.
මේ දිනවල ජල හිඟයක් පවතින නිසා මිහින්තලා රජරට විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් අධ්‍යයන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මිහින්තලා පුජා භූමියේ පිහිටි ඓතිහාසික කලුදිය පොකුණ වෙත ගොස් දිය නෑමට පුරුදු වී සිටින බව පොලීසිය පවසයි.එසේ පැමිණි සිසුන් පස් දෙනකු අතරේ සිටි මෙම සිසුවා කළුදිය පොකුණ හරහා පිහිනීමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය කියයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය