Powered by Blogger.


crimeමැතිවරණය පැවැති සෙනසුරාදා(
29) වෙනිදා බේරුවලදී එක්සත් ජනතා සංධාන අපේක්‍ෂකයෙකුගේ ආධාර කරුවන් පිරිසක් ගමන් ගත් රථ දෙකකට පහරදී සංධාන ආධාර කරුවන් තිදෙනෙකුට බරපතල තුවාල කිරීමක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන් 15 දෙනෙක් යතුරුපැදි 37 ක් සහ කඩුවක් සමග අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබූ එක්සත් ජනතා සංධාන ආධාර කරුවන් තිදෙනා නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය සදහන් කරයි.
එජාප ආධාරකරුවන් සියයක් පමණ තමන්ට වටකර කඩු සහ පොලූවලින් පහරදුන් බව තුවාල ලැබූවන් පොලිසියට පවසා තිබේ. එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවෙක් හොර ඡන්දයක් දැමීමට යාමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එසේ දුරදිගගොස් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. එම පහරදීම සම්බනධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීකෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.


ඔරුව පෙරැළී තුනක් බිලි


Gileema
වවුනියා මාමඩුව වැවේ ගිලි තිදෙනෙක් අද(30) ජීවිතක්ෂයට පත් වී තිබේ.මොවුන් සමග තවත් අයත් පැමිණ තිබේදැයි තවම සාක්ෂි නැත.මෙම පිරිස එම වැවේ ඔරු පඳින්නට ගොස් සිටියදී ඔරුව පෙරැළි තිබේ.අනතුරින් තරුණියන් දෙදෙනෙකු හා තරුණයෙක් මියගොස් තිබේ. සිරිරුතුන ගොඩ ගත් මාමඩුව පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.



ප්‍රසන්න, හිරුණිකා,ශාන්,සෙනාල් මනාප සටනේ දැනට මුඳු‍නට


prasannaමේ වනවිට මනාප ගනන් කිරීම පටන්ගෙන ඇත.ඒ අනුව ‍ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට මනාප ඡන්ද වලින් සන්ධානයේ ප්‍රසන්න රණතුංග මහතා ඡන්ද ලක්ෂ දෙක ඉක්මවා ඉදිරියෙන් සිටින බව පැවැසේ.කොළඹින් හිරුණිකා ඡන්ද ලක්ෂය ඉක්මවා පෙරට පැමිණ සිටින අතර කලුතරින් සෙනල් වෙල්ගම ඉදිරියෙන් සිටින
බවට තොරතුරු වාර්තා වෙයි.
දකුණු පළාතේ ගාල්ලෙන් ‍හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මේවනවිටත් මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි පැවැසේ. ගම්පහ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත. සන්ධානයේ ඡන්ද 41862 ක් අඩු වී ඇති අතර එජාපයට12964 ක් වැඩි වී ඇත.සන්ධානට2009ට වඩා ආසන 04ක් අහිමිවි ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 04ක් හිමිකැරගෙන ඇත.
උයන්වත්ත වැව මලක් බිලි ගනී
පානදුර බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලීමෙන් මිය ගොස් ඇත. බණ්ඩාරගමප්‍රදේශයේ දානමය කටයුත්තකට සහභාගී වී මිතුරන් පිරිසක් සමග සෙනසුරාදා(29) වැවට ගොස් දිය නාමින් සිටියදී  එම සිසුවා දියේ ගිලීමෙන් මිය ගොස් ඇත. මෙසේමිය ගොස් ඇත්තේ කළුතර නුගගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දාහත් හැවරිදි උසස්පෙළ හදාරන සිසුවෙකි.
මියගිය
සිසුවාගේ දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී ඉරිදා (30) පැවැත්වීමට නියමිතව තිබූ අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Oyanwatha-wawa1Oyanwatha-wawa2

528ට මරණ දඬුවම දෙයි

පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම හා මහජනතාවට හා ‍දේපොලවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මෝර්සි පාක්ෂිකයින් 528 දෙනෙකු සඳුදා (24) ඊජිප්තු අධිකරණයක් විසින් මරණ දඬුවම ලබා දී තිබේ. චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ මොවුහු සිය දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙති. මරණ දඬුවම් නියම වූ මොවුන්ද ඇතුළුව මෝර්සි පාක්ෂිකයින් 1500ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙමින් තිබෙන අතර ඊට මුස්ලිම් සහෝදරත්ව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ද ඇතුළත්ය.
මරණ තීන්දුව මුස්ලිම් සහෝදරත්ව පක්ෂය විසින් හෙළා දැක ඇති අතර ඇමරිකාවද ඒ පිළිබඳව සිය විමතිය පළ කොට තිබේ. බලයෙන් පහ කරනු ලැබූ ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මෝර්සිගේ මුස්ලිම් සහෝදරත්ව පක්ෂය මේ වනවිට ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරමින් ඊජිප්තුව තුළ තහනම් කොට තිබෙන්නකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය