Powered by Blogger.

මහනුවර - කුරුණෑගල මාර්ගයේ මාවතගම - දෙල්ගස් හන්දිය ප‍්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කාන්තාව පාර හරහා මාරු වන අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය මාස්වැව - පිලස්ස ප‍්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දීය මහමැතිවරණයට ජනපි‍්‍රය තරු.
ඉන්දීය මහමැතිවරණය සඳහා ජනපි‍්‍රය තරු රැසක් ඉදිරිපත්වීමට නියමිත බව වාර්තාවනවා. මහමැතිවරණයේ දී පාලක කොංග‍්‍රස් පක්ෂයෙන් සහ භාරතීය ජනතා පක්ෂයෙන් මෙලෙස ජනපි‍්‍රය තරු ලෙස බොලිවුඞ් නළු නිළියන් සහ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ. ඒ අතර හිටපු ඉන්දීය කි‍්‍රකට් වන රවී ශාස්ත‍්‍රි සහ ජාතික හොකී කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මීට අමතරව ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන අමිතාබ් භච්චන්ගේ බිරිඳ වන ප‍්‍රවීන නිළි ඡුායා භච්චන් ද මෙවර මැතිවරණය සඳහා කොංග‍්‍රස් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ. මීට පෙර අමිතාබ් භච්චන් 80 දශකයේ කොංග‍්‍රස් රජයේ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළා.

අද ශ‍්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක්. 
විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනීමේ තීරණාත්මක තරඟයක් අද (31) පැවැත්වෙනවා. ඒ නවසීලන්තය සමගයි. අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය අනිවාර්යෙන් ජයගත යුතු වනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පළමු කොටසේ තරඟ දෙකක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන ඇති අතර නවසීලන්තයද තරඟ දෙකක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන තිබෙනවා.

අද තරඟය මෙහෙයවීමේ වගකීම හිමිවී ඇත්තේ උප නායක ලසිත් මාලිංගටයි. එංගලන්තය සමග පසුගියදා පැවති තරඟයේදී නියමිත කාලයට පන්දු නොයැවීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනමක් පනවා තිබෙනවා. තරගාවලියේ පළමු කොටසෙන් දකුණු අප‍්‍රිකාව මේ වනවිටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර දෙවන කොටසෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා

රන් මිල පහළට.
මේ වසරේ දී ද ලෝක වෙළදපොළේ රන් මිල පහළ මට්ටමක පවතිනු ඇතැයි රන් වෙළදපොළ විශ්ලේෂකයන් පවසනවා. ඒ අනුව රන් අවුන්සයක මිලෙහි සාමාන්‍යය ඇමරිකානු ඩොලර් 1332ක් පමණ වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ රන් අවුන්සයක සාමාන්‍යය ඩොලර් 1409ක් වූ අතර මේ වසරේ දී එය සියයට 5.4කින් පමණ පහත වැටෙනු ඇති. රන් මිල වසර 12ක් අඛණ්ඩව වර්ධනය වූ අතර 2011 වසරේ සැප්තැම්බරයේ දී රන් අවුන්සියක මිල ඩොලර් 1923 දක්වා ඉහළ ගියා. එහෙත් පසුගිය වසරේ දී රන් මිල සියයට 28කින් පහත වැටුණු අතර මේ වසරේ දී යම් ප‍්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය