Powered by Blogger.

මොන්සැන්ටෝ සමාගම විසින් නිෂ්පාදිත රවුන්ඞ් අප් වල්නාශතය තුළ අඩංගු ප‍්‍රධාන රසායනික සංඝටකය වන ග්ලයිෆොසේට් තහනම් කිරීම සඳහා බ‍්‍රසීලයේ නීතිපතිවරයා විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මීට අමතරව 2,4ඞී, මෙතිල් පැරතියන්, ලැක්ටොෆෙම්, ෆෝරේට්, කාබොෆියුරාන්, ඇබමෙක්ටින්, ටිරාම් සහ පැරක්වාට් යන වල්නාශක සංඝටක 7ක් සඳහාද තහනම් නියෝග ගැනීම සඳහා අධිකරණය හමුවට ගොස් ඇතැයි පැවසේ.
මෙම විෂ රසායනිකයන් 8 මගින් පරිසරයට සහ මිනිස් සෞඛ්‍යයට සිදුවන හානිය පිළිබඳ යළි සොයා බැලීමක් සඳහා ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනය වෙත පැවරීම නීතිපතිවරයාගේ අරමුණයි.
ඒ විමර්ශනය අවසන් වන තුරු රසායිනකයන් ලියාපදිංචිය තහනම් කරන ලෙෂ කෘෂිකර්ම, පශුසම්පත් හා සේවා අමාත්‍යාංශය වෙත නියෝගයක් පැණවිය යුතු බවද එහි දක්වා තිබේ.
එමෙන්ම 2,4ඞී වෙත ප‍්‍රතිරෝධී ජාන වර්ධිත බීජ වර්ග මහා පරිමාණයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙෂ ජාතික ජෛව ආරක්ෂණ තාක්ෂණික කොමිසම වෙත පැවසිය යුතු බවද නීතිපතිවරයා අධිකරණය ඉදිරියේ ගොනුකළ පෙත්සමේ සඳහන් වේ.
පසුගිය කාලයේදී සිදුකළ නවතම පර්යේෂණයක් මගින් අනාවරණය වූයේ ග්ලයිෆොසේට් සමග බැර ජලය හෝ පොහොර මගින් පසට එක්වී ඇති ආසනික් හෝ කැඞ්මියම් වැනි ලෝහ සමග එක්වූ විට වකුගඩු වලට අතිශය හානිකර විෂ සංයෝගයක් ගොඩනගන බවයි.
මේ හේතුවෙන් ඇතිවන මාරාන්තික වකුගඩු රෝගය හේතුවෙන් ලංකාවේ සහ එල් සැල්වඩෝරයේ ජනතාව විශාල ප‍්‍රමාණයක් මේ වන විටත් මියගොස් තිබේ.

දෙපළාතම සන්ධානය දිණුම්.. තුන්වන බලවේගය ෆොන්සේකා

ඊයේ පැවති බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයෙන් පළාත් දෙකේම ජයග‍්‍රහණය ලබා ගන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.
බස්නාහිර පළාත් සභාව සඳහා සන්ධානයට ආසන 56ක්,  එජාපය 28ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 09ක්, ජවිපෙට 06ක්, ප‍්‍රජාපෙට 02ක්, මුස්ලිම් කොංග‍්‍රසයට 02ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.
දකුණු පළාත් සභාවේදී සන්ධානට ආසන 33ක්,  එජාපය 14ක්,  ජවිපෙට 05ක්, ප‍්‍රජපෙට 02ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 03ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.
නැවත වතාවක් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ආසන 12ක් දිනා ගනිමින් තුන්වන බලවේගය බවට පත්ව තිබේ. තුන්වන ස්ථානය සඳහා තියුණු සටනක් දුන් ජවිපෙට ෆොන්සේකාට පැරදී සිවුවන ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදුව ඇත.
south west
හදිසි ජනපතිවරණයක්.. රනිල් ගෙදර යයි..
හදිසි ජනපතිවරණයක්.. රනිල් ගෙදර යයි.. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහිව පැවැති ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීමත් සමඟ රටේ ජනතාව ආණ්ඩුව සමඟ සිටින බව පෙන්වීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.
බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණය ජිනීවා ඡන්දයට දින දෙකකට පසු පැවැත්වීමට ආණ්ඩුව විසින් තීරණය කරන ලද්දේ ද මෙලෙස රටේ ජනතාව ආණ්ඩුව සමඟ සිටින බව අන්තර්ජාතිකයට පෙන්වීමට බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
මේ මැතිවරණයේදී ආණ්ඩු බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉහළ ඡන්ද ප්‍රතිශතයක් හිමි වෙතැයි අපේක්ෂා කරන අතර, ඉන්පසු හදිසි ජනාධිපතිවරණයකට ගොස් ජනාධිපතිවරයා සමඟ රටේ ජනතාව සිටින බව පෙන්වීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබේ.
මේ අතර බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට තිහකට අඩු මට්ටමකට වැටෙතැයි සමීක්ෂණ මඟින් තහවුරු කර ඇත. මේ නිසා ඉදිරියේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත් වන ලෙසට කරන බලපෑම වඩාත් තීව්‍ර කිරීමට එම පක්ෂයේ ජේ‍යෂ්ඨයන් සැලැසුම් කර ඇති අතර, ඒ සඳහා එජාප පාක්ෂිකයන්ගේ වැඩි දායකත්වයක් ලබා ගැනීමට සැලැසුම් කර ඇතැයිද ඔවුහු සඳහන් කරති.

විදෙස් කිරිපිටි සමාගම් පැලවත්ත, මිල්කෝ වට්ටන කුමන්ත‍්‍රණයක
විදෙස් කිරිපිටි සමාගම් පැලවත්ත, මිල්කෝ වට්ටන කුමන්ත‍්‍රණයක විදේශීය කිරිපිටි සමාගම් තම කූට ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සදහා කිරි හිගයක් නිර්මාණය කිරීමට තැත් කරමින් සිටින බවත් කිසිදු කිරි හිගයක් නොමැති බවත් පැල්වත්ත කිරිපිටි සමාගමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පවසයි.
‘ලංකාව මේ වනවිට කිරි වලින් ස්වයං පෝෂිත රටක්, කිරි හිගයක් මවා පාමින් දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ට මඩ ගැසීමේ උවමනාවක් විදේශීය කිරිපිටි සමාගම් වලට තිබෙනවා. මෙරට සුපිරි වෙළදසලේ පටන් ගමේ සිල්ලර කඬේ දක්වා සෑම තැනකම කිරි මිලදී ගන්න තියෙනවා.
අනෙක් අතට කිරිපිටි වල සහ කිරි වල වෙනස හඳුනාගන්න ජනතාවට පුළුවන් වෙලා නැහැ.විෂ සහිත කිරිපිටි ගෙන්වනවා කියලා දැන ගත්තෙත් මෑතකදියි. අපි කවුරුත් කිරිපිටි නිකම් ආහාරයට ගන්නේ නැහැ. දියරයක් විදිහට තමයි ආහාරයට එක් කර ගන්නේ. දියර කිරි ගෙනැවිත් කිරිපිටි වෙනුවට ආදේශකයක් ලෙසට භාවිතා නොකරන්නේ ඇයි?
2011 සහ 2012 වර්ෂවලදී කිසිදු ගුණයක් නැති කිරිපිටි ටොන් 83,000ක් ආනයනය කරලා තිබුණා.ඒ ප‍්‍රමාණය මේ වනවිට ටොන් 40,000ට අඩුවෙලා. මේ දේ ඉවස ගන්න බැරිවුණ විදේශ සමාගම් උත්සාහ කරන්නේ මිල්කෝ සමාගමත් මගේ පැල්වත්ත සමාගමත් අපහසුතාවයට පත් කරමින් වාසියක් ලබා ගන්නයි’ යයිද ඒ මහතා සඳහන් කලේය.

පාර්ලිමේන්තුවේ ගණිකා මඩම්
පාර්ලිමේන්තුවේ ගණිකා මඩම් පාර්ලිමේන්තුවේ ගණිකා මඩම්, බූරු පොළවල් ඇත්තේ යයි ජවිපෙ හිටපු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.
‘ඉස්සර නම් දේශපාලඥයෝ පාර්ලිමේන්තු ගියේ මහජනයාට සේවය කරන්න හිතාගෙන. එහෙත් දැන් මෙයාලා පාර්ලිමේන්තු යන්නේ ව්‍යාපාරික අරමුණින්. ඇත්තටම මේකේ ඉන්නේ වෙළෙන්දෝ ටිකක්. කෙළින්ම මේක තොග වෙළදපළක්.
මනරම් භූමි භාගයක, සුන්දර වටපිටාවක බත්තරමුල්ලේ තමයි මේක පිහිටලා තියෙන්නේ. සුපිරි භෝජනාගාර 8ක් තියනවා, සම්බාහනාගාරය දෙවැනි තට්ටුවේ, ඉංග‍්‍රීසි ක‍්‍රමයට බෙහෙත් පහළ තට්ටුවේ, ක‍්‍රීඩාගාරයකුත් තියනවා, උණු වතුර නාලා නිදාගන්න සැප කාමර, බැංකු කටයුතුත් කරගන්න පුළුවන්, තොග හැටියට කුඩු, ගංජා, එතනෝල් ගන්න පුළුවන්, ගණිකා මඩම් පිටින්, බූරු පොළවලූත් තියනවා.
කාටහරි මේ ගැන වැඩි විස්තර දැනගන්න  ඕන නම් අරලියගහ මන්දිරය අමතලා විධායක මුදලාලිගෙන් අහන්න පුළුවන්’ යයිද මන්ත‍්‍රීවරයා සඳහන් කලේය.

 සූරියවැව රිලවු බෝල ගහනවා.. අලි බලන් ඉන්නවා..
සූරියවැව රිලවු බෝල ගහනවා.. අලි බලන් ඉන්නවා.. සූරියවැව ක‍්‍රිඩාංගණයේ රිලවු බෝල ගහද්දී අලි බලන් ඉන්නේ යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
පුවත් පතක් හා අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ මෙසේය.
‘ආණ්ඩුව සංවර්ධනය, සංවර්ධනය කියලා ණය අරගෙන වරායවල්, ගුවන්තොටුපළවල්, පාරවල්, ක‍්‍රීඩාපිට්ටනි හැදුවානේ.
ආණ්ඩුව කිව්වේ ණය ගන්නේ කන්න නෙවෙයි සංවර්ධනයට කියලා. වරාය හැදුවට එක නැවක් ආවේ නෑ. යාන්තම් හරි එකක් ආවොත් ඒක විශේෂ නිවේදනයයි කියලා ප‍්‍රවෘත්ති වලට දෙනවා.
ගුවන්තොටුපළක් හැදුවා ඒකේ  ඉන්නේ මොනරු,අලි. නොරොච්චෝලේ හැදුවා ඒකේ කියන්නේ කැඩුණු වාර ගණන අනන්තයි.
සූරියවැව ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයක් හැදුවා කැලයක් මැද. මොන මැච් එකක්වත් නැහැ. කැළේ ඉන්න රිළව් එකේ මැදට පැනලා බෝල ගහනවා. අලි ටික බලන් ඉන්නවා.
මේවා මේ ණය වෙලා හදපු දේවල්.ඒ ණය ගෙවන්නේ අපේ මහජනතාව මිසක් මැදමුලන පොල් විකුණලා හම්බවෙන සල්ලි වලින් නෙවෙයි’

අපේ කිතුලට ඇමරිකාව වහ වැටේ
අපේ කිතුලට ඇමරිකාව වහ වැටේ කිතුල් පැණි හා හකුරු අපනයන ආදායම 2013 වසරේ රුපියල් හත්කෝටියකැයි වාර්තා වේ.
ජපානය, මැලේසියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයට ද අපේ කිතුල් පැණිවල රස හොඳටම දැනී ඇත.
සීනි ආනයනය අඩු කර ගැනීමට ද  කිතුල් පැණි හා හකුරු කර්මාන්තය දියුණු කර ගැනීම හොඳ විසඳුමක් බව කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා කියයි.
එක් කිතුල් මලකින් ආදායම රුපියල් 15000 සිට 20000 අතර සාමාන්‍ය මාසික ආදායමක් ලැබිය හැකි බවද ලේකම්වරයා කීය.
සම්ප්‍රදායික කර්මාන්ත වර්ධනය කිරීම දේශීය වශයෙන් වඩා වැදගත් බව පැවැසූ ලේකම්වරයා මේ මඟින් දේශීය ආදායම වර්ධනය කරගත හැකි බව ද පැවැසීය.

2020 දී අපි ලොව හොඳම ඇඟලූම් නිපදවන රටවල් 10 ඇතුලේ
2020 දී අපි ලොව හොඳම ඇඟලූම් නිපදවන රටවල් 10 ඇතුලේ වසර 2020 වන විට අපේ රට ලෝකයේ හොදම ඇඟලූම් නිපදවන රටවල් 10 අතරට ගෙන ඒමට කටයුතු කරන බව කර්මාන්ත හා අමාත්‍ය වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශ කරයි.
රත්මලාන පේෂකර්ම ඇගලූම් ආයතනයේදී පළමුවන සම් භාණ්ඩ හා පුහුණු අංශය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.
‘2013 දී අපේ ඇගලූම් ක්ෂේත‍්‍රය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.2016 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඇගලූම් ක්ෂේත‍්‍රයට පිවිසෙන ආධුනිකයින් හට විශිෂ්ට සේවාවන් සපයන පේෂකර්ම ආයතනය 30 වසරක් කාලයක් සම්පූර්ණ කර තිබෙනවා.ඒ අතර වසර 185කට අධික පාඨමාලා ප‍්‍රමාණයකින් 3500ක් පමණ බිහිකර තිබෙනවා’ යයිද ඔහු එහිදී පැවසීය.

භයානක අපරාධකරුවෝ නිදැල්ලේ උසාවි යති
භයානක අපරාධකරුවෝ නිදැල්ලේ උසාවි යති බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් අධිකරණය වෙත රැගෙන යාමේදී බන්ධනාගාර බසයට පමණක් පොලිස් ආරක්ෂාව ලබා දීම නිසා එම රැඳවියන් දැඩි අනාරක්ෂිත තත්ත්වයෙන් ඉදිරිපත් කිරීමට සිදු වී ඇතැයි බන්ධනාගාර නිළධාරීහු පවසති.
පසුගිය වසරේ සිදු වූ වැලිකඩ කැරැල්ලෙන් පසු බන්ධනාගාරවල ස්වයංක‍්‍රීය අවි ආපසු භාර දීමත් සමඟම අධිකරණ වෙත රැඳවියන් ගෙන යාමේදී පොලිස් ආරක්ෂාව ලබා ගන්නා ලෙසට දී ඇති උපදෙස් මත දිනපතා රැඳවියන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට පෙර පොලිස් ආරක්ෂාව ඉල්ලා පොලිස් ස්ථාන අසළට වී රැදී සිටීමට සිදු වී ඇතැයි ද ඔවුහු කියා සිටිති.
මේ හේතුවෙන් නියමිත වේලාවට රැඳවියන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවට පත් වීමට සිදු වී ඇති බවද එම නිළධාරීහු පෙන්වා දෙති.

තුර්කිය You Tube තහනම් කල හේතුව හෙළිවේ
තුර්කිය You Tube තහනම් කල හේතුව හෙළිවේ සිරියාව ආක‍්‍රමණය කිරීම සඳහා තුර්කි රජය විසින් සිදුකළ කුමන්ත‍්‍රණයක් හෙළිදරව් වීම සමග තුර්කිය තුළ යූටියුබ් වෙබ් අඩවිය තහනම් කර ඇතැයි වාර්තා වේ.
තුර්කි රජයේ ඉහළම ඇමතිවරුන් සහ බුද්ධ අංශ ප‍්‍රධානීන් අතර සිදුවූ සංවාදයක හඬ පටය යූටියුබ්හි ප‍්‍රසිද්ධියට පත්කිරීම සමග මෙම කුමන්ත‍්‍රණය පිළිබඳ අනාවරණය වී ඇත.
සිරියාවට එරෙහි තුර්කි ආක‍්‍රමණයක් සඳහා තත්වයන් නිර්මාණය කරගැනීම මෙම සංවාදයේ අරමුණ වී ඇති අතර එහිදී තුර්කි බුද්ධි අංශ ප‍්‍රධානි හකාන් ෆිඩාන් පවසා ඇත්තේ අවශ්‍යනම් තමාට සිරියාවේ සිටින පුද්ගලයන් 4 දෙනෙකු සූදානම් කර සුලෙයිමාන් ෂා සොහොනට ප‍්‍රහාරයක් එල්ල කළ හැකි බවයි.
එය සිදුකළ හැකිනම් එය තුර්කියේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉස්මතු කළ හැකිවනු ඇති බවත් එය සෘජු ලෙසම යුද්ධයක් ප‍්‍රකාශයට පත්කිරීමට හේතුවක් වනු ඇතැයිද ඇමතිවරුන්ගේ අදහස වී තිබේ.
මේ අතර මතුවී ඇති තවත් අදහසක් වන්නේ තුර්කිය සිරියාව තුළට හමුදා යැවීම සමග එය ජාත්‍යන්තර දේශපාලනයේ දැඩි බලපෑමක් එල්ල කරනු ඇති නිසා කිසිවෙකුට එ් පිළිබඳව කලින් නොපැවසිය යුතු බවයි.
එමෙන්ම මෙම ආක‍්‍රමණය සිරියාවේ ක‍්‍රියාත්මකවන අන්තවාදී සටන්කාමී කණ්ඩායම් ඉලක්ක කර සිදුකළ හැකි නම් එය ජාත්‍යන්තර නීතියට ගැටළුවක් නොවනු ඇති බවද සාකච්ඡුාවට ගෙන තිබේ.
මෙවැනි උපක‍්‍රමික ප‍්‍රහාරයක් තුර්කිය විසින් අවස්ථාවක් ලෙස භාවිතා කරනු ඇති බව අගමැති එර්ඩෝගන්ද පැවසූ බව විදේශ අමාත්‍ය අහ්මට් ඩවුටොග්ලූ පවසා තිබේ.

අන්ත ජාතිකවාදී නායකයකු යුක්රේන හමුදාව විසින් ඝාතනය කෙරේ
අන්ත ජාතිකවාදී නායකයකු යුක්රේන හමුදාව විසින් ඝාතනය කෙරේ යුක්රේනයේ අන්ත ජාතිකවාදී ප‍්‍රවණතාවයේ නායකයකු වශයෙන් කටයුතු කළ ඇලෙක්සැන්ඩර් මුසිච්කෝ යුක්රේන විශේෂ හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
1962 වසරේදී යූරල් කඳුකර ප‍්‍රදේශයේදී උපත ලැබූ ඔහු පසුව සෝවියට් දේශය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයේ සටන් වැද ඇති අතර සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව යුක්රේනයේ UNA-UNSO නම් රැඩිකල් ජාතිකවාදී සංවිධානය සමග එක්වූ බව පැවසේ.
එහිදී ඔහු කෙටි කාලයකින්ම නව නාසි ප‍්‍රවණතාවයන්හි අතිශය ජනප‍්‍රිය පුද්ගලයකු බවට පත්වීමට සමත්වූ අතර පළමු චෙච්නියානු යුද්ධයේදී චෙච්නියානු බෙදුම්වාදීන්ට සහය දැක්වූ යුක්රේන සටන්කාමී කණ්ඩායමකට නායකත්වය දෙන ලදී.
එහිදී ඔහු රුසියානු භට පිරිස් වලට දැඩි හානි සිදුකර ඇති අතර 1994-95 කාලය තුළ රුසියානු සෙබළුන් 20ක් පමණ මරාදමා ඇති අතර අත්අඩංගුවට පත් සෙබළුන්ගේ ඇඟිලි කඩාදමා, ඇස් උගුල්ලා දරුණු වධ බන්ධන වලට ලක්කළ බව පැවසේ.
යුක්රේනයට නැවත පැමිණි පසු පාතාල නායකයකු ලෙස නමක් දිනාගෙන ඇති මුසිච්කෝ පසුගිය යුක්රේන විරෝධතා තුළ නැවත ජනප‍්‍රියත්වයට පත්ව තිබේ.
අතිශය සාහසික පුද්ගලයෙකු ලෙස සැලකෙන ඔහු රුසියාව විසින් ජාත්‍යන්තරව අවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවකට එක්කරනු ලැබිණි.
කෙසේවෙතත් යුක්රේන රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බල්ලකු මෙන් එල්ලා දමන බව පැවසීමෙන් පසු මුසිච්කෝ පසුපස යුක්රේන හමුදා පැමිණ ඇති අතර ඔහු සැඟව සිටි ස්ථානයට කඩා වැදුණු විශේෂ හමුදා එ්කකයක් විසින් ඔහු මරා දමා ඇතැයි වාර්තා වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය