Powered by Blogger.


Buddhistප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යයොත්සවය ඉරිදා (
30) පැවැත්වේ. මාස අටක් වැනි කෙටි කලකින් අංගසම්පූර්ණ විශාල විහාර මන්දිරයක් සංඝාවාසයත් ඇතුළු මෙම මන්දිරය ඉදිකර ඇත. විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර සංඝරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම විහාර මන්දිරය විවෘත කිරීමේ පුණේ‍යා්ත්සවය පැවැත්වේ. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පුණේ‍යා්ත්සවයට කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර, ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක මාපලගම බුද්ධසිරි, කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලදම්ම, හැඳල රජමහා විහාරාධිපති හිග්ගොඩ සද්ධානන්ද, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය තවලම ධම්මික යන නාහිමිවරු ඇතුළු මහා සඟරුවන සහභාගි වෙති.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය