Powered by Blogger.

නාවල ජනාධිපති බාළිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් සිසුවියකට පිජාමා ඇඳුම වෙනුවට පාසලේ නිල ඇඳුම ඇඳගෙන එන්නැයි එහි විදුහල්පතිනිය විසින් කළ බව කියන ඉල්ලීමක් නිසා එම ළමයාගේ මව්පියන් මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. එම සිද්ධිය මුල් කර ගනිමින් පාසල සුරැකීමේ සංවිධානය විසින් අද එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. එම පාසලේ සිසුවියන් තුන්දහසක් පමණ අධ්‍යාපනය ලබන බව පැවසෙන අතර ඒ අතරින් ළමුන් 30ක් පමණ මුස්ලිම් බව කියැවේ. එම ළමුන්ගෙන් අයෙකු මෙලෙස පිජාමා ඇඳුම පැළඳ පාසලට පැමිණි සිද්ධියක් අද විරෝධතාවය පැවැත්වීමට මූලික වී ඇතැයි පැවසේ.

බලංගොඩ මැණික් ඉල්ලම ජනතාවටම දෙයි

බලංගොඩ, වැලිහරනාව ප්‍රදේශයේ තිබී බලංගොඩ ප්‍රාදේශීය සභා භූමියට රැගෙනවිත් තිබු මැණික් ඉල්ලම් තොගය ජනතාවට රැගෙනයාම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව දහස් ගණන් පිරිසක් ප්‍රාදේශීය සභා භූමියට පැමිණ මේ වන විට මැණික් ඉල්ලම් තොගය රැගෙන යමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

වැලිහරනාව ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සිදුකරන අතර තුර දී මැණික් සහිත බවට සැක කෙරෙන ඉල්ලම් තොගය හමුවීමත් සමඟ ප්‍රදේශවාසීන් ඒවා ලබාගැනීම සඳහා ඉදිරිපත් වුණි.

පසුව ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් අදාළ ඉල්ලම් තොගය ප්‍රාදේශීය සභා භූමිය වෙත රැගෙන විත් තිබු අතර ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත ඉල්ලම් තොගය බෙදාගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ

දිවිහම ගනුදෙනුව නවතී - කතක් අතේ මාට්ටු

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී වෙඩි තබා මරන්නට ඇතැයි සැක කෙරෙන දිවියෙකුගේ හමක් රුපියල් එක්ලක්ෂ 50,000ට විකිණීමට ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේ දී එම දිවි සම විකිණීමට ගිය අවස්ථාවේ සැකකාර කාන්තාව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඇය සතුව තිබූ දිවි සම පොලිස් භාරයට ගෙන ඇති අතර එහි දිග අඩි 6යි අඟල් තුනක් පමණ වන බව වාර්තා වේ.

සැකකාරිය දේවාරූඩයෙන් ශාස්ත්‍ර කියන බවට ප්‍රසිද්ධියට පත්ව සිටි කාන්තාවක් බවට ද සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පවතින විශේෂ වැටලීම් ඒකකයක් මගින් උපාය දූතයින් යොදවා කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් වලදී ඇය පවසා ඇත්තේ එම දිවි සම දඩයම්කරුවෙකු විසින් තමාට ලබාදුන් බවයි

වාහනයකින් ඇවිත් හිටපු මන්ත්‍රීවරයෙක් පැහැරගෙනලු

තිස්සමහාරාම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දී තිස්සමහාරාම මහසෙන්පුර දේශයේ නිවසක සිටිය දී අදාළ පුද්ගලයා පැහැර ගැනීමට ලක්ව ඇති බවයි.

ඔහු මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක සේවකයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේ වුවද පැහැරගැනිමට ලක්වු පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකු වන අතර ඔහු තිස්සමහාරාම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු බව ද අනාවරණය වී ඇත

එංගලන්තයට එරෙහිව නෙදර්ලන්තයට විශිෂ්ට ජයක්

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 45ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5කට ලකුණු 133ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 17යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි.

සරත් ‍ෆොන්සේකා ඡන්ද දායකයින්ට තුති පුදයි (Video)

https://www.youtube.com/watch?v=QAiS2Ujc8IQ&feature=player_embedded







0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය