Powered by Blogger.

හැරී කුමරු හා ඔහුගේ පෙම්වතිය වන කේ‍රසිඩා බෝනාස් ඉතා ප්‍රේමණීය අයුරින් මේ දිනවල එකිනෙකා සමග ගත කරන අයුරු දුටු බොහෝ දෙනෙක් පවසන්නේ ඒ දෙපළගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඉතා ආසන්න බවක් දක්නට ඇති බවයි.
හැරී හා කේ‍රසිඩා පසුගිය සතියේ දෙවන වරටත් මහජනයා හමුවේ පෙනී සිට තිබුණා. ඔවුන් දෙදෙනා මෙවර එකිනෙකා සමග දින තුනක් එකම නවාතැන් පලක ගත කොට තිබුණා.
මෙම දින තුනෙන් පළමු දින බෝනාස් හැරී කුමරු සමග රාජකාරී උත්සවයකට සහභාගි වී තිබුණා. ඒ අවස්ථාවේදී මේ දෙපළ ඉතා උණුසුම්ව හැසිරෙන අයුරු බොහෝ දෙනෙකුගේ නෙත් පැහැර ගැනීමට සමත් වූ දසුනක් වූ බවයි සඳහන් වන්නේ. පසුදින හැරී කුමරු හා පෙම්වතිය රග්බි තරගයක් නැරඹීමට ගිය බවත් සඳහන්. හැරී කුමරු 29 වන වියේ පසුවන අතර කේ‍රසිඩා නම් තවම 25වන වියේයි පසුවන්නේ. හැරී හා බෝනාස් මේ වන විට තමන්ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා වැඩ කටයුතු කරමින් සිටින ආකාරයක් පෙනෙන්න තිබෙන බව එරට මාධ්‍ය අනාවරණය කොට තිබුණා.
මේ අතර කේට් මිඩ්ල්ටන්ද සිය අනාගත නෑනට අවවාද අනුශාසනා දෙන බවට තවත් පුවතකින් කියවුණා. කේට් කුමරිය රජ පවුලට එක්වන අලුත් සාමාජිකාවට බකින්හැම් මාලිගයේ සාමාජිකාවන් පිළිපැදිය යුතුවත් පිළිවෙත් හා මාධ්‍ය සමග ගනුදෙනු කිරීමේදී කෙසේ හැසිරිය යුතුද යන්න පිළිබඳව ගුරුහරුකම් දෙමින් සිටින බව සඳහන්. එමෙන්ම ඇය ඉතාමත් කැමැත්තෙන් පසුවෙන්නේ කේ‍රසිඩාට මෙහි ඇති යථා ස්වරූපය පහදා දීමටයි. නමුත් කේට් කුමරියනම් රජකීය පවුලකට එකතුවීට ජීවත් විය යුතු පිළිවෙළ හරියාකාරවම ඉගෙන ගත්තා. ඒ වගේම ඇය අදටත් රජ පවුලට අගෞරවයක් නොවන ආකාරයට ජීවත්වීමට තම ජීවිතය හැඩ ගසා ගෙන තිබෙනවා. නමුත් කේ‍රසිඩාට නම් මේ ජීවිතයට හැඩ ගැසීමට ටිකක් අමාරු වනු ඇති බවයි. පැවසෙන්නේ.
කේ‍රසිඩා සහ හැරී කුමරුගේ විවාහ ගිවිස ගැනීම මෙසේ උණුසුම් පුවතක් ලෙස ලොව පුරා ප්‍රචලිත වන අතරතුර එයට ඉඳුරාම වෙනස් පුවතක්ද මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවක් දක්නට ලැබෙනවා. ඉන් කියවෙන්නේ බෝනාස් තම
යෙහෙළියන්ට ඇය තවමත් හැරී කුමරුගේ අත ගැනීමට සූදානමක් නැතිබව පවසා ඇති බවයි.
කේ‍රසිඩා තම මිතුරියන් සමග පවසා ඇත්තේ ඇයගේ ජීවිතයේ මූලික ඉලක්කය වී ඇත්තේ සාර්ථක නර්තන ශිල්පිනයක් වීම බවයි. බෝනාස් තවදුරටත් පවසා තිබුණේ ඇය රාජකීය පවුලට එකතු වුවහොත් මේ සියලු නැටුම් අතහැරීමට සිදුවන නිසා තමන් හැරී කුමරු සමග විවාහ ගිවිස ගැනීමට මහත් චකිතයකින් පසුවන බවයි.
මේ අතර එරට ඔට්ටු අල්ලන පුද්ගලයින් මේ වසරේ (2014) හැරී කුමරු හා කේ‍රසිඩා අතර විවාහ ගිවිස ගැනීමට තිබෙන හැකියාව 8/13 වශයෙන් ඔට්ටු අල්ලා ඇති බවත් සඳහන්. ඒ වගේම කේ‍රසිඩාගේ මිතුරියක් “ඩේලි මිරර්”හට “මොනවටද ඇය හැමෝටම මේ ගැන කිව්වේ. මම දන්නවා මේ වසරේ බෝනාස්ට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවේවි මේ නිසා” යනුවෙන් පැවසූ බව සඳහන් වෙනවා.
ආරංචියේ හැටියට නම් හැරී කුමරු විවාහ ගිවිස ගැනීමේ උත්සවය අප්‍රසිද්ධියේ සිදුකිරීමට තිබෙන ඉඩකඩ වැඩියි. එසේ ගිවිස ගෙන මසකට පමණ පසුව විලියම කුමරු මෙන් එම රහස ප්‍රසිද්ධ කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බව ලන්ඩන් නුවරින් වාර්තා වෙනවා.
හැරී කුමරුට ඔහුගේ පෙම්වතිය ඉතා ඉක්මනින් විවාහ කර ගැනීමට අවශ්‍ය වුවත් ඔහු ඉතා සංවේදී පුද්ගලයෙකු බැවින් මෙවැනි පුවත් මාධ්‍යයට පිටවීම පිළිබඳව සියුම්ලෙස සොයා බලමින්ලු සිටින්නේ. හැරී කුමරු තම පෙම්වතියට පවසා ඇත්තේ ඔහු තම පෙම්වතිය ලැබෙන තුරු කෙතරම් කලක් හෝ බලා සිටින බවයි.
මේ අතර බෝනාස්ගේ මිතුරියන් පවසන්නේ ඇය තමන් හා තම පෙම්වතාගේ එකට සිට ගන්නා ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බවයි. ඒ වගේම පසුගිය අවස්ථා කිහිපයේදී ඇය තම පෙම්වතා වන හැරී කුමරු සමග තිබෙන ආදරය තවත් ශක්තිමත් වන ආකාරයට කටයුතු කළ ආකාරය හරි පුදුම සහගත බවත් ඔවුන් පවසා තිබුණා.
මේ සුරූපිනිය මීට පෙර මෝස්තර නිරූපණයේ යෙදී මුදල් උපයාගෙන තිබුණත් රාජකීය පෙම්වතා මුණ ගැසීම නිසා ඇයගේ එම රැකියාවට සමුදී තිබුණේ ඒ තුළින් හැරී කුමරුගේ කීර්ති නාමයට පළුද්දක් ඇති වේවි කියායි.
කේ‍රසිඩා බෝනාස් රජ පවුලට ගැළපෙන තරුණියක් බව එක් මාධ්‍යයක් පවසද්දී තවත් මාධ්‍යයක් පවසන්නේ ඇය ඉතා නරක විදිහට නර්තනයේ යෙදෙන “රම්” නම් මත්පැන් වර්ගයට ඉතා ගිජු බවක් දක්වන නරක චරිතයක් විදිහටයි.
හැරී කුමරුගේ පෙම්වතියගේ සුරතල් නම වන්නේ කේ‍රසී. කේ‍රසී උපත ලබා ඇත්තේ 1989 පෙබරවාරී මස 18 වන දිනයි. ඇගේ දෙමාපියන් වන්නේ ජෙෆ්රි බෝනාස් සහ මේරි ගායේ ගර්සන්. ඇයගේ පියා තම මව සමග වසර හයක් විවාහ දිවියක් ගත කර ඇගෙන් වෙන් වෙලා. පසුව කේ‍රසීගේ මව තුන්වරක් වෙනත් පුද්ගලයන් සමග විවාහ වී තිබෙන අතර ඔවුන්ට දාව ඇයට තවත් දරුවන් හතර දෙනෙකු සිටිනවා. කේ‍රසිඩාගේ පරම්පරාව පැවැත එන්නේ දෙවන චාල්ස් රජ පරම්පරාවෙන්. කේ‍රසිඩාගේ පවු‍ලේ වැඩිමහල්ම සහෝදරිය මේ වන විට 40 වන වියේ පසුවන්නේ. ඇය කේ‍රසිඩාගේ මවගේ පළමු විවාහයේ සැමියා වූ ජ්ඵථධදඤ ඛිධධනඥප - ම්ඥරට දාව උපත ලබා තිබෙනවා.
කේ‍රසිඩාගේ සොයුරියක් වන ඉසබෙලා කැල්තේ‍රාප් සමග විලියම් කුමරුගේ ආදර සම්බන්ධයක් තිබූ අතර කුමරු කේට් සමග විවාහ වීමෙන් මේ සම්බන්ධය බිඳ වැටී තිබුණා. එම වකවානුවේ විලියම් කුමරුගේ හා ඉසබෙලා කැල්තේ‍රාප්ගේ සම්බන්ධයටද විශාල ප්‍රචාරයක් මාධ්‍ය හරහා ලැබි තිබුණා. පසුව ඉසබෙලා සෑම් බ්‍රැන්සන් සමග විවාහ දිවියට ඇතුළු වුණා. එම සම්බන්ධය නිසා කේට් කුමරිය හැරී කුමරුගේ පෙම්වතිය වන කේ‍රසිඩා බෝනාස්ට මුල් කාලයේ අකමැති වී තිබුණා. හැරී කුමරු හා ඔහුගේ පෙම්වතිය මුලින්ම මුණ ගැසී තිබුණේ ලන්ඩන් නුවර පැවැති උත්සවයකදී. මේ දෙපළ මුණ ගැසීමට මගපාදා දී තිබුණේ යෝක් හී එයුජින් කුමරිය විසිනුයි. එයුජින් කුමරිය හා කේ‍රසිඩා අතර හොඳ මිත්‍රත්වයක් තිබෙන නිසා ඇය විසින් හැරී කුමරුට බෝනාස්ව හඳුන්වා දී තිබුණා. ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසී තිබුණේ මීට වසරකට පෙර ජුනි මසකදීයි. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය මුල් වසරේ හැලහැප්පීම් මැද ඉදිරියටම ගොස් තිබුණා.
කේ‍රසිඩා අධ්‍යාපනය ලබා තිබුණේ බකිංහැම් හි පිහිටි පාසලක. එම පාසලට වසරකට ඇය ස්ටලින් පවුම් 30,000 (තිස්දාහක්) වැයකොට තිබෙනවා. පසුව කේ‍රසිඩා ලීඩ්ස්  විශ්වවිද්‍යාලයට ඇතුළුව නර්තනය පිළිබඳව අධ්‍යාපනය හදාරලා. මුලින්ම හැරී කුමරු හා කේ‍රසිඩා ප්‍රසිද්ධියේ ඡායාරූපයකට පෙනී සිට තිබුණේ පසුගිය වසරේ “ඩාර්ක් නයිට් රයිසස්” ප්‍රීමියර් තරගාවලිය නැරඹීමට ගිය අවස්ථාවේදීයි. පසුව මේ දෙපළ ඔවුන්ගේ මිතුරු මිතුරියන් විශාල පිරිසක් සමග කැරිබියන් දූපත්වල පිහිටි ව්ඥජඬඥප ඵතචදඤ වෙත විනෝද චාරිකාවක් ගොස් තිබුණා. එසේ ගොස් පැමිණ කුමරු ඊට සති කිහිපයකට පසුව ලාස් වේගාස් හිදී උත්සවයකදී නිරුවත්ව නර්තනයේ යෙදුන වීඩියෝ පටයක් ලොව පුරාම ප්‍රසිද්ධ කර තිබුණා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය