Powered by Blogger.


දෙපිරිසක් අතර බේරුවලදී ඇති වු ගැටුමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ගැටුමේදී වාහන කිහිපයකට අලාභ හානී සිදු වී ඇත.
එහිදී ඇති වු තත්ත්වය පාලනය කළ බවත් ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.




කැනියොන් උමගේ ලොකු සිදුරක්
කැනියොන් බලාගාරයේ සිට නෝර්ටන් බ්‍රිජ්  කිරිවන්එළිය දක්වා වු උමං මාර්ගයේ ලොකු ජල කාන්දුවක් හේතුවෙන් උමං මාර්ගය වසා ජල කාන්දුවට පිළියම් යෙදීමට ඇරැඹු බව ප්‍රධාන ඉංජිනේරු එඩ් ඒ එම් හේරත් මහතා පවසයි.
ගිය පෙබරවාරියේදි මේ උමං මාර්ගය සඳහා වසා දැමිණි.
මාවුස්සා කැලේ ජලාශයෙන් කිලෝමීටර් හයක් දිග මෙම උමග තප්පරයට ඝන අඩි 928 ක ජලය ලක්ෂපාන බලාගාරයට යැවේ.
උමං මග කෙළවරේ මීටර් සියයක් ඉහලින් අඩි 160 ක් දිගට මීටර් දෙකක් උසට හුණු ගල් තට්ටුවක් දිය වී අඩි හයක් ගැඹූරු උමගක් පෑදී තත්පරයට ඝන අඩි 300 ක් වේගයෙන් ජලය කාන්දු වන බවත් දිනකට මෙගවොඩ් 1 ක් ජාතික විදුලි බල පද්ධදතියට අහිමි වේ.
 


අනර්කලීත් නදීෂාත් පරාද වන ලකුණු
මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළීයන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු  නොවු ආරංචි කියයි.
 මාතරින් සන්ධානයට මන්ත්‍රීහු  10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.

තිදෙනකුගේ මරුවා කොල්ලෑවේ එයි
වව්නියා මාමඩුව වැවේ ඔරු පදින්නට ගිය කතුන් දෙදනකු හා තරුණයකු ඔරුවේ කොල්ලෑව කැඩී වැවට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
මොවුන් වව්නියාව කුරුමංකඩුවේ පදිංචිකරුවෝ බව කියති.

බබා අටදාහකට විකුණයි
මාස හතරක දැරියක රුපියල් අටදහසකට විකුණා යළි රට යෑමට සුදානමින් සිටි කතක,බ්‍රෝකර්වරයකු  හා  දරුවා මිලට ගත් කත ද කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.
කිරි වැරීම සදහා ඇය මරදානෙන් බෙහෙත් ද ලබා ගෙන ඇතැයි පොලීසිය කියයි.

හත් දෙනාගේ රංචුව මහවැලි ගගේ
මහියංගනයේ මහවැලි පාළමට කිලෝමීටරයක් පහළින් ගගේ යාය ගමට වල් අලි හත් දෙනකු අද පැමිණි බව ගැමියෝ හසලක පොලිසියට හා රන්දෙනිගල වනජීවී කාර්යාලයට දැනුම් දුන්හ.
ගම වටා ඇති විදුලි වැට ද අක්‍රීය වී ඇත.

ඡන්දය ප්‍රතිඵල අහන්න නම් හරිම උනන්දුවක්
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය දැමීමේ උනන්දුව රට පුරාම අඩු වී තිබුණත් ඡන්ද ප්‍රතිඵල ඇසීමට ජනතාව ලොකු උනන්දුවක් දැක්වුහ.


පොලිස් සංදේශය
  • කඹුරුපිටිය
කඹුරුපිටියේ ලේනබටුවේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි
  • ග්‍රෑන්ඩ්පාස්
ග්‍රෑන්ඩ්පාස් මහවත්තේ පුද්ගලයකු කපා කොටා මරාදමා ඇතැයි පොලීසිය කියයි.


ෆොන්සේකාගේ ඡන්දය වලංගුයි
හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත වී සිටි නමුත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා ඡන්දයක දී ඔහු ඡන්දය දීමට නුසුදුස්සෙක් නොවේ.
එවැනි සිරදඬුවමක් ගත කළ අයකුට ජනපතිවරණයක දී, පාර්ලිමේන්තු මැතිවරණයකදී හා ජනමත විචාරණයක දී ඡන්දය දිය නොහැකි බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියයි.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 88 වගන්තියේ ඈ ඡේදය මසේය.
‘යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතෙහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණෙයන් ම විඳ සිටිෙය් නම් නැතෙහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතෙහොත් එවැනි දණ්ඩන නියමයක් කියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීෙම් දඬුවමක් විඳිමින් සිටී නම් නැතෙහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණෙයන් විඳ සිටිෙය් නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝ පත් කිරීෙම් ඡන්ද විමසීමක දී ෙහෝ පාර්ලිෙම්න්තු මන්තීවරයන් ෙතෝරා පත් කිරීෙම් මැතිවරණයක දී ෙහෝ ඡන්ද හිමියකු වීමට ෙහෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට ෙහෝ සුදුස්ෙසක් ෙනොවන්ෙන් ය:‘

බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ
ෆොන්සේකාට 9ක් එයි
බස්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56
එක්සත් ජාතික පක්ෂය - 28
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09
ජනතා විමුක්ති පෙරමුණ - 06
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02
2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.
අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.









0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය