Powered by Blogger.

වාලච්චේන, මුරුතාන ගම්මානයේ කැලෑ ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්ව කාන්තාවක මියගොස් තිබේ.

ඊයේ(28) පස්වරුවේ මෙම ජීවිත අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් මියගොස් ඇත්තේ 75 හැවිරිදි කිරාන්, අක්ක්‍රාන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මළ සිරුර වාලච්චේන රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(29) සිදුකිරීමට නියමිතය

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් වංචා කළ වි‍දේශිකයා කොටු

ව්‍යාජ ක්‍රෙඩිටි කාඩ් භාවිතා කර මුදල් වංචා කළ විදේශීය ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ(28)  මාලදිවයිනේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

ඔහු 30 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු බව පොලිසිය පවසයි

ටිපර් රථයක් හා බස් රථයක් ගැටී 3ක් මරුට - 9ක් රෝහලේ

කොළඹ - නුවර මාර්ගයේ වරකාපොළ, මාහේන පතාන හන්දිය අසළ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නුවර සිට කොළඹ දෙසට ධාවනය වු ටිපර් රථයක් , කොළඹ දෙස සිට පැමිණි සුඛෝපභෝගී මගී බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් රියදුරන් දෙදෙනා සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් තෝලංගමුව , කටුගස්තොට සහ තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් බව සඳහන් වෙයි.

තුවාලකරුවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය