Powered by Blogger.

සෙවණපිටියේ දී ඉසෙඩ් ඇළට ට්‍රැක්ටරය පෙරළිලා

* මියගිය අය අතර කුඩා ළමයි තිදෙනෙක්
 
අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි පිරිසක් රැගත් අත්ට්‍රැක්ටරයක් ඊයේ (18) දහවල් පොළොන්නරුව, අරලගංවිලදී ඇළකට පෙරැළීමෙන් ට්‍රැක්ටරයේ ගමන්ගත් කුඩා දැරියක හා පිරිමි ළමයි දෙදෙනකු ඇතුළු 10 දෙනකු මරණයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම අත්ට්‍රැක්ටරයේ ගමන්ගත් තවත් අටදෙනකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් අරලගංවිල රෝහලට ඇතුළත් කැර ඇති බව අරලගංවිල පොලිසිය පවසයි. අරලගංවිල, නිකවතලන්ද සිට සෙවනපිටිය දක්වා ගමන් කැර ඇති මෙම පිරිස අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙම මියගිය පිරිස බණ්ඩාරගම, බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුහු සෙවනපිටිය ප්‍රදේශයේ ඥාතීන්ගේ නිවෙස්වලට නෑගම් පැමිණි අය වෙති. මියගිය පුද්ගලයින් 10දෙනා අතර පිරිමි ළමුන් 2ක් කාන්තාවන් 4 දෙනෙක් සහ පිරිමි 2ක් ද සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඉසෙඩ් ඩී ඇළට පෙරළී ඇති ට්‍රැක්ටරයේ 20 දෙනකු ගමන් කැර ඇති අතර 07 දෙනකු ඇළේ ගිලී සිටියදී බේරාගෙන අරලගංවිල රෝහලට ඇතුළත් කැර ඇත. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු දැනට අරලගංවිල රෝ‍හලේ තැන්පත් කැර ඇති බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කෙළේය. අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


පිරිස ගමන්ගත් ට්‍රැක්ටරය
සොවින් තැවෙන ඥාතීන්

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය