Powered by Blogger.

ගම්පහ දිස්ත්‍රීක්කයේ පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරයක තිබී භූමිතෙල් මිශ්‍රවු ජලබෝතල් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබේ.

එහිදි භූමිතෙල් මිශ්‍රවී තිබු මිලිලීටර් 1500ක ධාරිතාවයෙන් යුත් පානීය ජල බෝතල් 12,000ක් සොයාගත් බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම එම ස්ථානයේ තිබී මිලිලීටර් 500 ක ධාරිතාවයෙන් යුත් ජල බෝතල් 25,000ක් සහ ජලය පිරවීමට රැගෙනවිත් තිබු හිස් බෝතල් ලක්ෂ 5ක් ද සොයාගෙන තිබේ.

එම ජල බෝතල්වල වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බව පාරිභෝගික අධිකාරිය කියා සිටියි.

වැටලීම සිදුකරන අවස්ථාව වන විටත් අදාළ ජල බෝතල් ප්‍රධාන පෙළේ අවන්හල්, විදේශීය අවන්හල් සහ සුපිරි වෙළෙඳසැල්වලට අලෙවි කර තිබේ.

මොනවා කරන්නද ඒ බඹරුනේ..?

http://sinhala.adaderana.lk/news_images/1344565673main-M.jpg

හැටන්, දික්ඔය- මැණික්වත්ත ප්‍රදේශයේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. තේ දළු නෙළමින් සිටි පුද්ගලයින් විසි දෙනෙකුට පමණ බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර තුවාල ලැබු කාන්තාවන් අට දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි. මේ බඹර ප්‍රහාරයට ලක්වූ පිරිසකගෙන් පොලීසිය විසින් කටඋත්තර ලබාගන්නා අවස්ථාවයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය