Powered by Blogger.

අවුරුදු සමයේ අංක 138 පෞද්ගලික බස් රථවල ගමන් කරමින් සිටි කාන්තාවන්ගේ මුදල් පසුම්බි හා දුරකතන සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර අහිගුණ්ඨික කාන්තාවන් තිදෙනකු අද (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා නියෝග කෙළේය.

පාදුක්ක ප්‍රදේශයේ කාන්තාවක් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන අතර ඇය සිය පවුලේ කිහිප දෙනකුද සමඟ මහරගම සිට පාදුක්ක බලා යන අතරතුරදී සැකකාර අහිගුණ්ඨික කාන්තාවන් තිදෙනා පන්නිපිටිය නගරය අසලදී රුපියල් දස දහසක් සහිත මුදල් පසුම්බිය සොරාගෙන පලායෑමට උත්සාහ දැරීමේදී බස් රථයේ ගමන්ගත් මගීන් පිරිසක් එම සැකකාර කාන්තාවන් තිදෙනා අල්ලා ගෙන මහරගම පොලිසියට භාරදී ඇත.

ස්ථීර වාසස්ථානයක් නොමැති බියගම ප්‍රදේශයේ නතරවී සිටින බව කියන එස්. සර්ධා, ඩබ්. ෂර්මිලා හා යූ.කේ. කාංචනා යන මේ සැකකාරියන් තිදෙනා විවිධ උත්සව කාලසීමාවන්වලදී මේ ආකාරයට බස් රථවලට නැඟ කාන්තාවන් සතු මුදල් පසුම්බි හා ජංගම දුරකතන සොරාගන්නා බවටද ලද පැමිණිලි අනුව පොලිසිය ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය කරගෙන තිබේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය