Powered by Blogger.

ඒ 1906 වර්ෂයේ ජූලි මාසයයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ කෝටිපති බැංකුකරුවෙකු වූ චාල්ස් හෙන්රි මෝර්ග්ට වුවමනා වූයේ කරදරකාරී පරිසරයෙන් මිදී තම පවුල සමග මදක් විවේක ගැනීමටය.
ඔහු ඒ සඳහා තෝරා ගත්තේ සුන්දර පරිසරයක පිහිටි රඵබඥප ඡචර තධදඨ ඪඵතචදඤ නැමති නිවසයි. මෙම නිවසේ අයිතිකරු වන ජෝර්ජ් තොම්සන් මහතාගෙන් මෝර්ගන් මහතා ඉල්ලා සිටියේ තම නිවාඩුව හොඳින් ගත කිරීමට හොඳින් ඉවුම් පිහුම් දන්නා කාන්තාවක් ලබාදෙන ලෙසය. මේ අනුව කතාවේ කතා නායිකාව වන මේරි මැලොන් නමැති සුරූපී කාන්තාව මෙම නිවසේ මුළුතැන්ගෙයි භාරව කටයුතු කිරීමට පත් කරන ලදී. සියලු දෑ සපුරාගත් මෝර්ගන් මහතා තම ගිම්හාන විවේකය ගත කිරීම සඳහා ඔහුගේ බිරිඳ හා දියණියන් තිදෙනා හා ඔහුගේ ආවතේව කටයුතු සඳහා සේවක සේවිකාවන් සය දෙනෙකු ද සමග රඵබඥප ඡචර බලා පිටත් විය.
සති දෙක තුනක් ඉතා සතුටින්  මෙම නිවසේ කල්ගත කළ මෝර්ග් පවුලට අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එනම් තම බාල දියණියට උණසන්නිපාතය නමැති එකල ඉතා භයානක රෝගයක් ලෙස සැලකූ රෝගය වැළඳීමයි. මීට වසර 100  කට පමණ පෙර උණසන්නිපාත රෝගය සඳහා අද මෙන් ප්‍රතිජීවක සොයා නොතිබූ හෙයින් එය සැලකුවේ මාරාන්තික රෝගයක් ලෙසටය.
ළමුන්ට ඉතා ඇලුම් කළ මේරි  මැලොන් මේ රෝගි දියණියට තම නැගණියක මෙන් උපස්ථාන කළේය. එහෙත් ඇයගේ තත්ත්වය උග්‍ර අතට හැරුණු අතර අවසානයේ දී කුරිරු උණසන්නිපාත රෝගයෙන් ඇය සඳහටම නෙත් පියා ගත්තාය. මෝර්ග්  පවු‍ලේ බලා‍පොරොත්තු තවදුරටත් කඩකරමින් ඔහුගේ බිරිඳට සහ තවත් දියණියකටද භයානක උණසන්නිපාත රෝගය වැළඳුණි. එමෙන්ම ඔවුන් සමග ආවතේව කිරීම සඳහා පැමිණි සේවක සේවකයින් තිදෙනෙකුටද රෝගය බෝවිණි.
මෙම නිවසට මෝර්ග් පවුල පැමිණි පසු මොවුන් ආහාර පාන ලබා ගත්තේ මෙම නිවසින් පමණක් වීම නිසා නිවසේ හිමිකරු වන ජෝර්ජ් තොම්සන්  මහතා සිතුවේ නිවසේ බිමට ගන්නා ජලයට කෙසේ හෝ අසූචි මිශ්‍ර වී ඇති බවය. මේ වන විට උණසන්නිපාත රෝගය දූෂිත ජලයෙන් හා ආහාර මගින් බෝවන බව සොයා ගෙන තිබිණි. මෙසේ වුවහොත් තම නිවස කීයකටවත් කුලියට දීමට නොහැකි බැවින් මෙම වසංගතය
පිළිබඳව සොයා බැලීමටත්, උණසන්නිපාතය බෝවන ආකාරය පිළිබඳව පරීක්ෂා කිරීමටත්, එකල ඉංජිනේරුවකු වන ජෝර්ජ්  සොපර්ට පවරන ලදී.
සොපර් මහතා රඵබඥප ඡචර බංගලාවට ගොස් තම පරීක්ෂා කටයුතු ඇරඹීය. මොහු මුලින්ම බිමට ගන්නා ජලයට අසූචි මිශ්‍ර දැයි බැලීමට නිල් පැහැති දියරයක් වැසිකිළියට දමා ඒවා බිමට ගන්නා ජලය සමග මිශ්‍ර වනවාදැයි බැලීය. එනමුදු ඔහුට එවැනි දෙයක් සොයා ගැනීමට නොහැකි විය. දෙවනුව මෙම නිවසේ සිටි සියලුම අය පිළිබඳව හොඳින් සොයා බැලීමට සොපර් මහතා උනන්දු විය.
මෙලෙස පරීක්ෂා කරන අතරතුර ඔහුට ඉතා වැදගත් කරුණක්  අනාවරණය කර ගැනීමට හැකි විය. එනම් මෙම නිවසේ මුළුතැන්ගෙයි සේවය කළ මේරි මෙලන් සේවය කළ සෑම නිවසකින්ම උණසන්නිපාතය රෝගීන් වාර්තා වී ඇති බවයි. 1900-1907 කාලය තුළ ඇය ස්ථාන 7 ක සේවය කර ඇති බවත්  එම නිවෙස්වල නිවැසියන් 22 දෙනෙකුට උණසන්නිපාතය වැළඳී ඇති බවත්  ඒ අතරින් මරණ 1 ක්ද සිදු වී ඇති බවට තහවුරු විය.
මේ කාලයේදීම ඉතා ඉහළ පෙළේ සඟරාවක එවකට ලෝකයේ කීර්තිධර විද්‍යාඥයකු වන රොබට් කොච් (ක්ෂය රෝගය  සඳහා රෝග කාරකය සොයා ගත් විද්‍යාඥයා ඔහුය) විසින් රචිත  ලිපියක් කියවීමට  ජෝර්ජ් සොපර්ට අවස්ථාව ලැබිණි.
මෙම ලිපියෙන් දක්වා තිබුණේ උණසන්නිපාතයෙන් පෙළුණු අයෙකුට  අත්වන ඉරණම ගැනය. ඒ අනුව මෙම රෝගීන්ගෙන් වැඩි දෙනෙකු සුව වන අතර, ටික දෙනෙකු මිය යන බවද, ඉතාම සුළු කොටසක් තම ජීවිත කාලය පුරාම නිරෝගීව සිටින මුත් උණසන්නිපාතය බෝ කරන බැක්ටීරියාව මල මුත්‍රා මගින් පරිසරයට මුදා හරින බවද මොවුන්ට අන් අයට රෝගය බෝ කිරීමට හැකි බවද කොච් එම ලිපියෙන් දක්වා තිබුණි. අනෙක් විශේෂ කරුණ වූයේ මෙලෙස උණසන්නිපාත විෂබිජය පරිසරයට මුදාහරින අය සම්පූර්ණ නිරෝගී තත්ත්වයේ පසු වීමයි. මොවුන් නිරෝගී වාහක (ඩ්ඥචතබඩර ඛිචපපඪඥප) යනුවෙන් නම් කර ඇත. මේ නිරෝගී  වාහකයින් රෝගීන්ට වඩා භයානක වන්නේ මොවුන් රෝගය පතුරුවන බව කිසිවකු නොදන්නා හෙයිනි.
මෙම ලිපිය කියවූ ජෝර්ජ් සොපර්ට, මේරි මෙලන්ද නිරෝගී වාහකයෙක් දැයි යන සැකය මතු විය. මේ සැක කිරීමට පාදක වූ අනෙක් කරුණ නම්  මේරි වැසිකිළි ගොස් ආ විට දෙඅත් නොසේදීමය. එකල නිව්යෝර්ක්  නගරයේ විසූ මිනිසුන් මෙලෙස දෙඅත් සේදීමේ  වැදගත්කම අවබෝධ කර ගෙන නොතිබූ හෙයින් මේරි ද මෙලෙස කරන්නට ඇති බව සිතිය හැක.
තම පරීක්ෂණය නිම කිරීම සඳහා සොපර්ට අවශ්‍ය වූයේ තව එක් කරුණකි. එනම් මේරිගේ ‍ලේ මුත්‍රාවල සහ අසූචිවල උණසන්නිපාත රෝග කාරකය ඇත් දැයි බැලීමටය. මේ සඳහා ඔහු මේරි හමු වී මේ පිළිබඳව පවසා තම පරීක්ෂණය සඳහා නියැදි ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. නමුත් මෙයින් අධික ලෙස කෝපයට පත් මේරි දිගු ගෑරුප්පුවක් ගෙන සොපර්ට අනින්නට තැත් කළ අතර නියැදි ලබා දීම තරයේ
ප්‍රතික්ෂේප කළාය.
කෙසේ හෝ තම උත්සාහය අත් නොහළ සොපර් දෙවැනි වරටත්   වෛද්‍යවරයකුද කැටුව (ච්ප. ඕඥපබඪ අචරථධදඤ ඩ්ධධඡතඥප) ඈ හමුවට පැමිණි නමුත් එවරද  ඔහුට එම ඉරණම අත්වූ අතර හිස් අතින්ම ආපසු යෑමට සිදුවූ අතර, මේරිද තමා උණසන්නිපාතය රෝගය පතුරු වන බව තරයේම ප්‍රතික්ෂේප කළත්, පෞද්ගලිකව ගොස්  මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට නොහැකි බව අවබෝධ කර ගත් සොපර්  තමා අනාවරණය කරගත් දෑ හා තම උපකල්පනය එදා නිව්යෝර්ක් නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන්ට භාර දෙන ලදී.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම උපකල්පනය ඉතා සැලකිල්ලෙන් භාරගෙන පරික්ෂා කිරීමට වෛද්‍ය ජොසපින් බෙකර් මහත්මියට භාරදෙන ලදී. සොපර්ගෙන් සියලු කරුණු දැනගත් බෙකර් මහත්මිය මෙම කටයුත්ත සඳහා ‍පොලිස් නිලධාරීන් පස්දෙනෙකු  හා ගිලන් රථයක් ද රැගෙන මේරි හමුවීමට පිටත් විය.
සෞඛ්‍ය බලධාරීන් පිළිබඳව අධික කෝපයෙන් හා කළකිරීමෙන් සිටි මේරි නිරන්තරයෙන්ම ඔවුන්ව සැක කළාය. බෙකර් මහත්මිය මේරි හමු වී තමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් යැයි පැවසූ විගස ඇය වේගයෙන් දිවගොස් සැඟවුණාය. පැය 05 ක් පමණ වෙහෙස වී මුළු ගෙය පුරාම ඇයව සෙවූ පසු ඉතා කුඩා කුටියක සැඟවී සිටි මේරිව දැක ගැනීමට හැකිවිය. ඉතා ආරක්ෂාකාරී ලෙස ඇයව
එඪතතචපඤ චපඬඥප නමැති රෝහලට බලෙන්ම මෙන් ඇතුල් කළ බෙකර් මහත්මිය ඇයගෙන් රුධිර මුත්‍රා හා මල සාම්පල ලබාගෙන එමගින් උණසන්නිපාත රෝග කාරක ඇත්දැයි පරීක්ෂා කරන්නට විය. ඔවුන් බලා‍පොරොත්තු වූ පරිදිම මේරිගෙ මල සාම්පලවල රෝග කාරකය දැකගත හැකි වූ බැවින් ඇය නිරෝගී වාහකයෙක් ලෙස තහවුරු විය.
එකල තිබූ සම්ප්‍රදායට අනුව ඇයගේ  කැමැත්තෙන් තොරව බලෙන්ම මෙන් නිව්යෝර්ක් හි පිහිටි ව්ධපබඩ ඕපධබඩඥප නමැති දූපතට පිටුවහල් කරන ලදී. මෙම දූපතේ කුඩා රෝහලක් තිබූ අතර ඇයව කුඩා නිවෙසක බලෙන්ම ගාල් කර තබන ලදී. මෙහි වසර දෙකක් පමණ කනස්සල්ලෙන් විසූ මේරි මේ පිළිබඳව  මෙලෙස සඳහන් කර ඇත.
 ව්ඥමඥප ඩචඤ බරනඩධඪඤ ඪද ථර තඪටඥ. එඩර ඵඩධභතඤ  ඡඥ ඡචදඪඵඩඥඤ තඪඬඥ ච ඹ්ඥනඥප - ඉධතඪබචපර ජධදටඪදඥථඥදබ ඹඪබඩ ච ධදතර ච ඤධඨ ටධප ච ජධථනචදඪධද
මට ජීවිතයේ කිසිම දවසක උණසන්නිපාතය වැළඳිලා නැහැ. ඇයි මාව මේ විදිහට කොන්කරන්නේ, මාගේ තනි නොතනියට ඉන්නේ බල්ලෙකු  විතරයි.
ඉතා කළකිරීමෙන්  හා කෝපයෙන්  සිටි මේරි තමන්ට සිදුවූ අසාධාරණය
පිළිබඳ පුවත් පතකට පවසා එම පුවත්පතේ අයිතිකරුගේ සහයෝගයෙන් නිව්යෝර්ක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පැවරීය. මේරිගේ කතාව පුවත්පත් වලින් දැනගත් බොහෝ නිව්යෝර්ක් වැසියන් ඇයට අනුකම්පා කළහ.
තවද මේරි  රැකවලෙහි සිටි කාලය තුළ සෞඛ්‍ය නිලධාරීන් විසින් නිති පතා ඇගේ මළ සාම්පල පරීක්ෂා කිරීමට රසායනාගාරය වෙත යැවූ අතර, සාම්පල්  163 න් සාම්පල් 120 ක්ම උණසන්නිපාත බැක්ටීරියාව ඇති බවට තහවුරු විය. මේ අතර මේරි විසින්ද ඇයගේ  මළ සාම්පල පෞද්ගලික රසායනාගාරයක් වෙත යවා පරික්ෂා කළ අතර එකදු සාම්පලයකවත් බැක්ටීරියාව ඇති බවට තහවුරු වී නොමැති වීමද ගැටලුවක් ඇති කළේය. මේ සඳහා හේතු සොයා ගැනීමට නොහැකි වූ අතර, සමහර විට අද මෙන්ම එදාද පෞද්ගලික රසායනාගාර තුළ ගුණාත්මක භාවය නොතිබූ  බැවින් රෝගකාරකයන් හමුවීමට නොහැකි වන්නට ඇත. මෙම තහවුරු නොවූ සාම්පලද මේරි විසින් අධිකරණ කටයුතු සඳහා සාක්ෂි ලෙස ඉදිරිපත් කළහ.
මේ අනුව මේරි තමාට  උණසන්නිපාතය වැළඳුනු බව  කිසිසේත්ම පිළිගන්නේ නැත. මෙය සත්‍ය  වශයෙන්ම ඇය විසින් කළ දෙයක් විය හැකිය. මන්ද සමහර  අයට උණසන්නිපාතය වැළඳුනද එය එතරම් දරුණු  නොවී උණ ගතිය පමණක් තිබි පසුව එය ප්‍රතිකාර නොකරම  සුව වූවා විය හැකිය. මේරිට සැදුණු  උණසන්නිපාතය ද මෙලෙස වීමට ඉඩ ඇත. තත්ත්වය කුමක්  වුවද අධිකරණය ඇයට අවාසි ලෙස තීන්දුව ලබාදී,  නැවත කලින් සිටි දූපතටම යවන ලදී.
1910  දී නිව්යෝර්ක් නගරයේ සෞඛ්‍ය කොමසාරිස් ලෙස නව වෛද්‍යවරයෙකු පත් වූ අතර, ඔහු මේරිගේ ඉල්ලීම්වලට සාවධානව සවන් දී කොන්දේසි මත ඇයව මුදාහරින ලදී. ඇයට පැනවූ කොන්දේසිවලින් එක් කොන්දේසියක් වූයේ නැවත කිසි දිනක ඉවුම් පිහුම් කටයුතුවලට අදාළව රැකියාවක් නොකළ යුතුය යන්නයි.
මෙම දූපතෙන් පිටව ගිය මේරිට තමාට හුරු පුරුදු රැකියාව කිරීමට නොහැකි වූ  බැවින් ඉතා දුක් පීඩා විදීමට සිදුවිය. සෞඛ්‍ය බලධාරීන්  විසින් ඈ පිළිබඳ ව නිරතුරුවම විමසිල්ලෙන් සිටි අතර 1914 න් පසුව ඈ පිළිබඳව  තොරතුරක්  ලබාගැනීමට නොහැකි විය. සියලු දෙනාටම ඊරනඩධඪඤ මේරි අමතක විය.
මේ අතර 1915 දී නිව්යෝර්ක් නගරයේ ඉධතචද  මාතෘ රෝහ‍ලේ උණසන්නිපාත වසංගතය පැතිරී ගිය අතර, වෛද්‍යවරුන්ද ඇතුළුව 25 දෙනෙකු රෝගයට ගොදුරු විය. මින් දෙදෙනකු මරු වැළඳ ගත්හ. මේ පිළිබඳව විමර්ශනය සඳහා කලින් සඳහන් කළ ඉංජිනේරු ජෝර්ජ් සොපර්ට පවරන ලදී. ඔහු විමර්ශනය ආරම්භ කළ අතර කලින් ලද අත්දැකීම් අනුව රෝහ‍ලේ මුළුතැන්ගෙයි සේවය කරන අය පිළිබඳව  විශේෂ සැලකිල්ලක් දැක්වීය.
මෑතකදී සේවයට වාර්තා කළ බ්‍රවුන්  මහත්මියගේ අත් අකුරු ඔහුට ඉතා හුරු පුරුදු විය. අතීතය හාරා ඇවිස්සීමේදී සොපර් මහතාට යම් දෙයක් මතකයට නැගිණි. ඒ මෙම අත් අකුරු හා මේරි මැලොන්ගේ අත් අකුරු එකිනෙකට සෑම අතින්ම සමාන බවය. ඔහු බ්‍රවුන් මහත්මිය හමුවට ගියේය. ඔහු දුටු දර්ශනයෙන් පුදුම නොවීය. ඒ ඔහු දැනටමත් මෙම කාන්තාවන් දෙදෙනා දෙදෙනකු නොව එක් අයෙකු බවත්, ඇය ටයි‍ප්‍රොයිඩ් මේරි බව කලින්ම  දැන සිටි නිසාය. ඇය ව්‍යාජ නමකින් මෙම ස්ථානයේ මුළුතැන්ගෙයි රැකියාව  කරමින් උණසන්නිපාත රෝගය පැතිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වී සිටියාය. මෙය එකල පුවත්පත්වලින් විශේෂ ප්‍රතිචාරයක් ලැබුණු අතර කලින් වතාවේ මෙන් නොව මෙවර ඇයට සෑම දෙනකුගෙන්ම තර්ජන නින්දා අපහාස ලැබෙන්නට විය. ඇයට ඇමෙරිකාවේ මතෛක් බිහි වූ භයානකම ගැහැනිය ලෙස මාධ්‍ය මගින් හංවඩු ගසන්නට විය. නැවත තමන්ව සෞඛ්‍ය බලධාරීන්  විසින් ඇයට හුරු පුරුදු දූපතටම පිටුවහල් කළ අතර ඇය මිය යන තුරුම මෙම දූපතේ කල්ගත කළාය. වසර 1922 දී ඇය එම දූපතේ පිහිටි රෝහ‍ලේ හෙද නිලධාරිනියක් ලෙසද 1925 දී ඇය රසායනාගාර සහායිකාවක් ලෙසටද  කටයුතු කළ බව සඳහන් වේ.
1932 වසරේදී ඇයට අංශභාගය වැළඳුණ අතර 1938 නොවැම්බර් මස 11 වැනි දින තමාගේ වරදක් නොමැතිව අනේක වද වේදනා ගැරහුම් නින්දා අපහාස විඳ සදහටම නෙත් පියා ගත්තාය. නමුත් ඇයගේ මරණයට උණසන්නිපාත රෝගය කිසිසේත්ම  බලනොපෑ බව සඳහන් කළ යුතුය.
උණ සන්නිපාත රෝගයේ ලක්ෂණ දෙස බැලීමේදී  3 ක් පමණ නිරෝගි  වාහකයින් ඇතිවේ. එකල මෙවැනි රෝග වාහකයින් 3000 ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිටි  බවට වාර්තා  වේ. මේරි විසින් උණසන්නිපාත රෝගීන් 47 කටද මරණ 3 ට දායක වූ අතර ඊධදඥර ඹ්චඡඥතතච නමැති නිරෝගි වාහකයා විසින් මේරිට වඩා එනම් රෝගීන් 122 කටද මරණ 5 ට දායක වී ඇත. තවද එකල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්  කඩකළ එකම උණසන්නිපාත රෝගී වාහකයා මේරි පමණක් නොවේ. එකල විසූ ධනවත් ආපන ශාලා හා බේකරි හිමිකරුවන් වූ ඒතනඩධභඵඥ ඛිධබඪතඵ ද උණසන්නිපාත රෝගි  වාහකයෙකු වූ අතර සෞඛ්‍ය බලධාරීන්  ඔහුට ආහාර පාන පිළියෙල කිරීමේ රැකියාව නවතා දමන ලෙස අණ කරන ලදී. එනමුදු ඔහු මෙම අණ පිළිනොගත් අතර තම සුපුරුදු රැකියාව දිගටම කරගෙන ගියේය. එනමුදු සෞඛ්‍ය බලධාරීහු ඔහුට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්හ. එසේ නම් ඇයි මේරිට පමණක් මේ ආකාරයෙන් සැලකුවේ?
ඇය  ගැහැනියක් වීමත් පහත් සමාජ තත්ත්වයත් කාත් කවුරුවත් නොමැති වීමත්, ඇය අයිරිෂ් ජාතිකයෙකු වීමත් සෞඛ්‍ය බලධාරීන් සමග ගැටුනු නිසාත් හා ඇය නිරෝගී වාහකයෙක්  ලෙස කිසිවිටෙකත් පිළිනොගත්  නිසාත් ඇයට මෙම ඉරණම  අත් වූ බව සුප්‍රකට ටයි‍ප්‍රොයිඩ් මේරි ඊරනඩධඪඤ ර්චපර  නමැති  ග්‍රන්ථය රචනා කළ  බ්භඤඪබඩ ඹ්ඥචමඪබබ  සඳහන් කර ඇත.
වසර 100ට පමණ පෙර සිදුවූ  මෙම අවාසනාවන්ත ගැහැනියගේ කතා පුවත අදටද වෛද්‍ය ක්ෂේත්‍රයේ කතා බහට ලක් වන අතර උණසන්නිපාත රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධ අද තිබෙන බැවින් මෙම රෝගීන් කලාතුරකින් පමණක් දැකිය හැකිය. එනමුදු ආහාර පර්යේෂණ කරන ආයතනවල සේවය කරන සේවක මහත්ම මහත්මීන් ගේ මෙම රෝග කාරකය ඇත්දැයි පරීක්ෂා කරන අතර, එම පරීක්ෂණ මගින් උණසන්නිපාත නිරෝගී වාහකයෙක් යැයි සනාථ වුවහොත් මේරිට අත් වූ ඉරණම ඔවුනට අද අත්වන්නේ ද නැත. එනම් නවීන විද්‍යානුකූල ප්‍රතිජීවක ලබා දීමෙන්  ඔහු හෝ ඇයව මෙම තත්ත්වයෙන් මුදවා උණසන්නිපාත රෝගයෙන් අන් අයව ආරක්ෂා කරගත හැකි දියුණු වෛද්‍ය ක්‍රමයක් අද අප සතුව ඇති බැවිනි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය