Powered by Blogger.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේ දී ලක්ෂ 25කට ආසන්න පිරිසක් සිරිපා කරුණා කළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.
නල්ලතන්නිය පූජා නගර සැලැස්ම මෙම වසර තුළ ආරම්භ කරන බව ද උන්වහන්සේ පැවැසූහ. මෙවර ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කිරීම නිමිත්තෙන් ඊයේ (23) රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් නල්ලතන්නියේදී පැවැති සාකච්ඡාවක දී ධම්මදින්න හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
මෙවර සිරිපා වන්දනාවාරය වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වන බවත් ඒ නිමිත්තෙන් මැයි මස 15 දින දිවාකාලයේ නල්ලතන්නියේ දී දන්සැලක් පවත්වන බවත් මෙහිදී උන්වහන්සේ පැවැසූහ.
ප්‍රදේශයේ තෝරාගත් විහාරස්ථාන හා හින්දු කෝවිල් කිහිපයකටත් සිංහල හා දෙමළ විදුහල්වලටත් භාණ්ඩ පරිත්‍යාග කිරීම ද මෙදින සිදුකිරීමට නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය