Powered by Blogger.

http://sinhala.adaderana.lk/news_images/1243033773L.jpg රක්ෂිතය ගින්නෙන් විනාශ වී ඇති අයුරු ඉහත ඡායා රූප පෙළේ වේ. (ඡායා රූ - රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය, පිදුරුතලාගල රක්‍ෂිතයට මායිම්ව පිහිටි පිඩ්රු වත්තේ ලවර්ස් ස්ලිප් දිය ඇල්ල අසල ප‍්‍රදේශයේ අද පස්වරුවේ හටගත් ගින්නෙන් අක්කර 10ක් පමණ විනාශ වී තිබේ.

අද පස්වරු 1.30 ට පමණ එම ගින්න ඇති විය.

ප‍්‍රදේශයේ පවතින දැඩි නියඟයත් දැඩි සුළං තත්ත්වයත් හමුවේ ගින්න සීඝ‍්‍රයෙන් පැතිර යාමට බලපා තිබේ.

මෙම ගින්න තැබූ සැකකරුවන් තිදෙනෙක් නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අවු 14, 15 වයසේ පාසල් ළමුන් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් හෙට නුවරඑළිය මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා නුවරඑළිය යුද හමුදා කඳවුරේ භට පිරිස් ප‍්‍රදේශවාසීන් වන රක්‍ෂණ නිලධාරීන් දැඩි උත්සාහයක විය.

මෙම ගින්න හටගත් ස්ථානය දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන ස්ථානයක් බවද පොලීසිය සඳහන් කරයි.

නුවරඑළියේ වසන්ත උදානය..!

http://sinhala.adaderana.lk/news_images/65973737main-M.jpg

නුවරඑළිය වසන්ත සැණකෙළිය අද (01) පාසල් තුර්ය වාදක සංදර්ශනයත් සමග ආරම්භ විය. ඊට පාසල් තූර්ය වාදක කණ්ඩායම් 32ක් එක්ව සිටියහ. වසන්ත සමයේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරය අත්විඳිය හැකි අතර මෙවර සඳතැන්න පාරිසරික උද්‍යානය මෙන්ම ග්‍රෙගරි උද්‍යානයේ දෙවන අදියරද සංචාරකයින්ට විවෘතය. එසේම මොටර් රථ, යතුරු පැදි, තුරඟ තරඟ, ජල ක්‍රීඩා, මල් ප්‍රදර්ශන ආදී විශේෂාංග රැසක් ද සංචාරකයින් වෙනුවෙන් සුදානම්ව පවතී.

මෙවර වසන්ත සමයේදී නුවරඑළියට සංචාරකයින් ලක්ෂ 15ක් පමණ පැමිණෙනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බව නගරාධිපති මහින්ද කුමාර මහතා පවසයි. එසේම සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයිමට නුවරඑළිය මහානගර සභාව සුදානම්ව සිටින අතර පරිසරය විනශ නොකර නුවරඑළියේ සුන්දරත්වය අත්විඳින ලෙසද නගරාධිපතිවරයා සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී. නුවරඑළිය මහනගර සභාව වාර්ෂිකව මෙම වසන්ත සැණකෙළිය සංවිධානය කරයි‍‍‍

ලංකාවේ වසරකට ඔටිසම් රෝගී දරු උපත් 4000ක්!

ලෝක ඔටිසම් දිනය හෙට (02) යෙදී තිබේ.

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා සෑම නිවසකම නිල් පැහැති විදුලි බුබුළක් දල්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

මනෝ වික්ෂිප්තතා රෝගය හෙවත් ඔටිසම් රෝගය මොළයේ අසාමාන්‍ය වර්ධන තත්ත්වයන් හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයකි.

ලොව සෑම පුද්ගලයින් එකසියහැටකගෙන් එක් අයෙකුම ඔටිසම් රෝගයෙන් පෙළෙන බව සමීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම රෝගී තත්ත්වය බහුල වශයෙන් පිරිමි දරුවන් අතර පවතින බව ද ලංකාවේ වසරකට ඔටිසම් රෝගය වැළඳුනු දරුවන් 4000ක් පමණ උපදින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මිථ්‍යා විශ්වාස හේතුවෙන් මෙම දරුවන්ට ප්‍රතිකාර කිරීම ප්‍රමාද නොකොට එම දරුවන් විධිමත් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තුළින් ඔවුන් සතු සුවිශේෂී දක්ෂතා ඉස්මතු කළ හැකි බව එම අමාත්‍යාංශය කියයි.

ලීසිං කොම්පැණියකට ගෙනගිය ලක්ෂ 50ට මගදීම විදලා

මතුගම,අගලවත්ත ප්‍රදේශයේදී පුද්ගලික ලීසිං සමාගමකට කොළඹ සිට මුදල් රැගෙන යමින් සිටි වෑන් රථයකින් ලක්ෂ 50 ක මුදලක් කොල්ල කා තිබේ.

අද (01) පෙ.ව 11.40 ට පමණ අගලවත්ත අදාළ ලීසිං සමාගම ආසන්නයේදී මෙම කොල්ලකෑම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මුහුණු ආවරණ පැළඳි දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර පලාගොස් ඇති බවත්, මතුගම පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි

සූතිකාගාර පුහුණුවට වෙදුන් - හෙද සංගම් ගැටෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින අතිරේක ලේකම්වරයෙකුගේ අවශ්‍යතාව මත හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ අදාළ අතිරේක ලේකම්වරයා නීත්‍යානුකූල නොවන ලෙස අදාළ තනතුරේ කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන්ගේ බලපෑම් මත හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම නතර කිරීමට උත්සාහ කරන බවයි.

ඉදිරි දින දෙක තුළ සිය ගැටලුවට කඩිනම් විසඳුම් නොලැබුණහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි

කරු ජයසූරිය ‘මව්බිමෙන්’ රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලයි

පළ වූ ලිපි දෙකක් ‍හේතුවෙන් තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා සිලෝන් නිව්ස් පේපර්ස් පෞද්ගලික සමාගමට එන්තරවාසි දෙකක් යවා තිබේ.
මල්ලවාරච්චි නීතීඥ සමාගම මගින් යවා ඇති මෙම එන්තර වාසි දෙකේ දක්වා ඇත්තේ 2013 නොවැම්බර් 11 සහ 16 යන දිනවල මව්බිම පුවත්පතේ පළ වූ ලිපි දෙකකින් තම සේවා දායකයාගේ කීර්ති නාමයට හානි වී ඇති බව ය.
මෙම ලිපි දෙක කරු ජයසූරිය මහතා පිළිබඳව හිතාමතා, අසත්‍ය තොරතුරු මත අපහාසාත්මක අයුරින් පළ කර ඇතැයි, එම එන්තරවාසියේ සඳහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ, එම එක් ලිපියකින් තම සේවාදායකයාට සිදු වූ හානිය රුපියල් මිලියන 500 ක් ලෙස තක්සේරු කර ඇති බව ය.
මේ අනුව අදාළ ලිපි දෙකෙන් සිදුවූ හානියට අදාළ වන්දිය ලෙස රුපියල් බිලියනයක මුදලක් කරු ජයසූරිය මහතාට ගෙවන ලෙස 2014 මාර්තු 26 වන දාතමින් එවා ඇති එන්තර වාසියේ සඳහන් ය.
එහි දැක්වෙන්නේ එම මුදල සති දෙකක් තුළ ගෙවීමට සිලෝන් නිව්ස් පේපර්ස් පෞද්ගලික සමාගම අපොහොසත් වුවහොත් සිදු වූ හානිය පියවා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ය.

පෙම්වතිය සහ පෙම්වතියගේ මව මැරූ සැකකාර පෙම්වතාට ඇප

සිය පෙම්වතිය සහ ඇගේ මව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පියාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත ව සිටි සැකකරුට අද ඇප නියම කෙරිණ.
ඒ උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා හමුවේ අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී ය.
අනුරාධපුර ලෝලුගස්වැව ප්‍රදේශයේදී සැකකරු එම අපරාධය සිදු කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස 9 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
සැකකරුගේ මව අධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත අනුව ඇප නියම අධිකරණය නි‍යෝග කළේ, රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් නියම කරන ලෙස ය.


පාසල් සිසුවෙකුගෙන් තව ත් සිසුවෙකුට පිහි ප්‍රහාරයක්

බලංගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු තියුණු ආයුධයකින් කළ පහර දීමකින් තවත් සිසුවෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, බස් රථයක් තුළ ඊයේ සවස මෙම පහර දීම සිදුව ඇති බව ය.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.

 


 


 




0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය