Powered by Blogger.

ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන් ක‍්‍රි.පූ.  3 වන සියවස ආරම්භයේ සිට පැවති ගුහා ආරාම සංකීර්ර්ණයක් සහ ක‍්‍රි.පු. 2 වන සියවසේ සිට ක‍්‍රි.පු. 4-5 අතර කාලයට අයත් බව සැලකෙන මැටි බදුන් කොටස්ද යාපහුවේදී කරන ලද කැණීමකින් හමුවී ඇත.
මැටි බදුන්වල පිටත අදින ලද පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර සටහන් සහිත වළං කැබලි හමුවීමෙන් මෙම ස්ථානය ස්ථීරවම ආරාමික සංකීර්ණයක් බවට අනාවරණය වී ඇත.
හමුවී ඇති සාදක අනුව මානව වාසයට සුදුසු උපරිම මට්ටමට පරිසරය සහ ආරාමය සකසාගෙන තිබූ බවට පැහැදිළි කරගත හැක.
කැණීම් කළ ගුහා අභ්‍යන්තරයෙන් තවත් ඉපැරණි ආරාමයක නටඹුන් හමුවෙමින් පවතී.
පිවිසුම් දොරටු  තුනක් සදහා පියගැටපේලි සහිත සදකඩ  පහන් හමුවී ඇත.
 
 
එංගලන්ත මන්ත‍්‍රීන් පස් දෙනෙක් මුරලිට පොලූ තබයි
එංගලන්ත මන්ත‍්‍රීන් පස් දෙනෙක් මුරලිට පොලූ තබයි ලෝක පූජිත හිටපු සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ‘Foundation of Goodness’ නම් පුණ්‍ය ආයතනය හරහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු වෙනුවෙන් සංවිධානය කළ ශ‍්‍රී ලංකා සංචාරයක් හදිසියේ අවලංගු කර තිබේ.
මෙලෙස අදාළ සංචාරය අවලංගු කර ඇත්තේ බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ ප‍්‍රබල ඉදිරිපෙළ මන්ත‍්‍රීවරයෙකුගේ විරෝධතාව මතයි.
මුත්තයියා මුරලිදරන් මහතාගේ අදාළ පදනම මගින් මෙම මන්ත‍්‍රීවරුන් පස් දෙනාට මෙරටට පැමිණීම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ප‍්‍රවේශපත් වෙන් කිරීම ඇතුළු සියලූ වියදම් දරා ඇති අතර එම පිරිස උතුරේ සංචාරයක යෙදිමට මෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයන් මුණ ගැසීමටද සැලසුම් කර තිබිණි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය