Powered by Blogger.

දේශීය වෛද්‍ය ක්‍රම සහ බෙහෙත් වට්ටෝරු පිළිබඳ රහසිගත තොරතුරු ඇතුළත් පුස්කොළ පොත් 36ක් මහරගම, නාවින්නේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද
පර්යේෂණායතනයෙන් අතුරුදන් වී තිබේ. විශ්වවිද්‍යාලයීය පර්යේෂණයක් සඳහා යැයි සටහන් තබා පර්යේෂණායතනයෙන් ලබාගෙන ඇති මෙම පුස්කොළ පොත් 36 මෙතෙක් ආපසු භාරදී නැති බව එම පර්යේෂණායතනයේ ඉහළ නිලධාරියකු අනාවරණය කෙළේය. අධ්‍යයන කටයුතු සඳහා මේ පුස්කොළ පොත් නිකුත් කරන්නේ සීමිත කාලයකට පමණක් බවද එම නිලධාරියා සඳහන් කෙළේය.

පසුගිය කාලය පුරාම මේ පර්යේෂණායතනයේ ඇති රහසිගත ආයුර්වේද බෙහෙත් වට්ටෝරු ඇතුළත් පුස්කොළ පොත් ලබාගැනීමට ආයුර්වේද රෝහල් හිමි ව්‍යාපාරිකයන් දෙදෙනකු උත්සාහ කළ බවද හෙළිදරව් කරන එම නිලධාරියා අදාළ ව්‍යාපාරිකයන් උපක්‍රමශීලීව මේ පුස්කොළ පොත් ලබා ගත්තේද යන සැකය මතු වී ඇති බවද සඳහන් කෙළේය.

එසේම නාවින්න බණ්ඩාරනායක පර්යේෂණායතනයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ පුස්කොළ පොත් අතුරුදන්වීමට අදාළ
පරීක්ෂණයක් ආරම්භ කර ඇතත්, එය ඉතා මන්දගාමීව සිදුවෙතැයි පෙනෙන්නට ඇති බවයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය