Powered by Blogger.

නීති විරෝධී අයුරින් මරන ලද කිරි ඉබ්බන් සහ කැබැල්ලෑ මස් ළඟ තබාගෙන සිටි චීන ජාතිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට වරායේ දෙවන අදියර කටයුතු සිදුකෙරෙමින් පවතින ප්‍රදේශයේ චීන ජාතිකයින් ලැගුම් ගන්නා ස්ථානයක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී මරණ ලද කිරි ඉබ්බන් 06 දෙනෙකු හා, මැරීමට සුදාන්ම් කර තිබු කිරි ඉබ්බන් 04 දෙනෙකු මෙලෙස සොයාගෙන තිබේ.

එමෙන්ම කැබැල්ලෑ මස් කිලෝ 04 ක ප්‍රමාණයක් මෙහිදී සොයාගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් ක‍ළේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

ගොදුරක් හොයාගෙන ඇවිත්....?

http://sinhala.adaderana.lk/news_images/635688978LL.jpg

ගල්ගමුව, මීගලෑව, කත්නෝරුව නිවසකට ඊයේ රාත්‍රියේ පැමිණ ඇති කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා බැඳ තබා තිබේ. කිඹුලා දැක ගැනීමට වැඩිහිටියන්, කුඩා ළමුන් බොහෝ දෙනෙකු අද උදෑසනම එම ස්ථානයට පැමිණ සිටියහ. කිඹුලා විල්පත්තු වනයට මුදාහරින බව වනජීවි නිලධාරීන් කියයි

බල්ලොත් එක්ක බෑ දෙයියොත් දන්නේ නෑ

රංගන ශිල්පී විජය නන්දසිරි
ගිරිරාජ්ගේ අලුත්ම නිර්මාණය වන ‘සුහද කොකා’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වුණා. ඒත් එක්කම මේ දවස්වල ජාතික රූපවාහිනියේ ‘කොළඹ අහස’ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. එහි රූගත කිරීම්වලටත් සහභාගි වන නිසා මම වැඩ කටයුතු ගොඩකට හිර වෙලා.
ඒ අතර බල්ලොත් එක්ක බෑ, දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාජ්ජේ කියන වේදිකා නාට්‍යත් සමඟ රට වටාම සැරිසරනවා. ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයත් සමඟ ළඟදීම ඔස්ට්‍රේලියාවේ සංචාරයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.






රේල් පීලි හොරා පස් අවුරුද්දකට රිමාන්ඩ්

රුපියල් එක්ලක්ෂ අනු දහසක් පමණ වටිනා රෙල් පීලි සහ ඇන තොගයක් පැහැරගෙන ලොරි රථයකින් ප්‍රවාහනය කළ බවට අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවෙකුට පස් වසරක අත්හිටවු සිර දඬුවමක් නියම කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් එක්ලක්ෂ 30,000 ක දඩ මුදලක් ගෙවන ලෙසත්, එය ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර 02ක සිර දඬුවමක් ලබදෙන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ කැකිරාව මරදන්කඩවල, වටරවුම් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මස 25 වන දින හෝ ඊට ආසන්න දිනක දී මෙම වරද සිදුකර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව සැකකරු සමඟ රේල් පීලි තොගය පදවිය ප්‍රදේශයේ දී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් රජයේ පොදු දේපළ පනතේ විධි විධානයන්ට යටත්ව විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තිබුණි

පරිභෝජනයට නුසුදුසු මුහුදු මාළු තොගයක් හමුවෙයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු මුහුදු මාළු තොගයක් ධීවර සංස්ථාවේ අනුරාධපුර තොග ගබඩාවේ තිබී සොයාගෙන තිබේ.

අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ සෝදිසියක දී මෙම මුහුදු මාළු තොගය සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබු නරක් වු මුහුදු මාළු කිලෝග්‍රෑම් 1892ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බාරයට ගෙන තිබේ.

එම මුහුදු මාළු තොගයේ මාළු වර්ග 18කට අයත් මුහුදු මාළු තිබු බව සඳහන් වෙයි.

ගබඩාවේ අධිශීත කාමර වල මෙම මුහුදු මාළු අසුරා තිබී ඇති අතර එම ශීත කාමරවල පැවති දෝශයක් හේතුවෙන් මාළු තොගය නරක් වී ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

දිද්දෙණිය කර්මාන්තශාලාවක ගින්නක්

හංවැල්ල, දිද්දෙණිය පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

ඊයේ(29) පස්වරුවේ ප්‍රදේශයේ යකඩ දැල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි.

ගින්නෙන් කර්මාන්ත ශාලාවේ සේවකයින් තිදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

පෑස්සුම් කටයුතු සඳහා යොදාගන්නා උපකරණයක් පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන් වෙයි.

ගින්න එම අවස්ථාවේදීම මැඩපවත්වාගෙන ඇති අතර සිදුවු අලාභය මෙතෙක් තක්සේරුකර නොමැත





0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය