Powered by Blogger.

ඩෙංගු අවදානම් තත්ත්වයක් මතුව තිබීම හේතුවෙන් හංවැල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පිහිටි පාසල් 5ක් අනිද්දා දක්වා තාවකාලිකව වසා තැබේ.
එ් අනුව හංවැල්ල රාජසිංහ විද්‍යාලය, හංවැල්ල මලියදේව ප‍්‍රාථමික විද්‍යාලය, මායාදුන්න මහා විද්‍යාලය, පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය, පහළ හංවැල්ල කනිටු විද්‍යාලය යන පාසල් මෙලෙස තාවකාලිකව වසා තැබීමට නියමිතයි.
හංවැල්ල කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 9ක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇත.
(මංජුල ප‍්‍රදීප් වීරසූරිය)
http://www.rajasing.sch.lk/datastore/system_gallery/Annual%20ICT%20Day%20and%20Exhibition%202013/images/normal/1004610_483471208400612_1735257600_n.jpg 


බසයක් තුළ තවත් සමූහ දුෂණයක් ඉන්දියාවෙන්
ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ දැරියක් සමූහ දුෂණයට ලක්වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
14 හැවිරිදි දැරිය පුද්ගලයන් 5 දෙනකු අතින් සමූහ දුෂණයට ලක්ව ඇත්තේ සින්ග්රවුලි දිස්ත‍්‍රික්කයේ දී යි.
එම බස් රථයේ රියැදුරු ද දුෂණකයන්ට අනුබල දී ඇති අතර, දැරිය ලේ ගලන තුවාල සහිතව නල්හටානි ප‍්‍රදෙශයේ මාර්ගයේ දමාගොස් තිබියදී හමුවී ඇත.
එ් වනවිට දැරිය සිහිසුන්ව සිට ඇති අතර වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර පොලිසියට දැනුම් දී තිබේ.
මෙම බස් රථය මංගල උත්සවයක් සඳහා අමුත්තන් රැගෙන එ්මට යන අතරතුර දී මෙය සිදුව ඇත. බස් රථයේ පිරිසිදු කරන්නන් දෙදෙනකු හා රියැදුරු ඇතුළු 5 දෙනකු සිට ඇත.
සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. ඉන්දියාවෙන් මෙවැනි සමූහ දුෂණ වරින් වර වාර්තා වන අතර, බස් රථයක් තුළ මෑතකදී සිදුවූ දෙවැනි ඛේදවාචකය මෙයයි.

සැම්සුන්ග් ගොඩනැගිල්ල ගිනිගනී
ඊයේ (20) සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියානු ග්වාච්සෝන් හි පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ගින්නක් ඇති වී පැය හතරා මාරක කාලයක් තිබී ඇත.

ගින්න ඇති වූ අවස්ථාවේ සැම්සුන්ග් වෙබ් අඩවිය හා ස්මාර්ට් ඇප්ස් තාවකාලිකව ක්‍රියාවිරහිත වී ඇත. තවද මෙම ගින්න ඇති වීමට හේතුව වන්නේ විදුලි රැහැන් වල ඇති වූ දෝෂයක් බවට විදෙශ් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගින්න හේතුවෙන් සිදු වූ බිඳ වැටීම් යථා තත්වයට පත්කර ඇති අතර ගින්නෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

ෆුල් ෆේස් හෙල්මට් දමාගෙන ආපු හොරා අල්ලයි
 මහරගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක සම්පුර්ණ මුහුණ ආවරණයක් (ෆුල් ෆේස් හෙල්මට්) දමාගෙන පැමිණි පුද්ගලයෙකුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු පරික්ෂා කිරීමට යාමේදී සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට පහරදීමට යාමේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මව්බිමට පැවසිය.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ මේ දිනවල ව්‍යාපාරික ස්ථානවල සිදුවන මංකොල්ලකැම් බහුල වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා හමුදා නිලධාරියෙකු සිවිල් ඇඳුමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානවල යොදවා ඇති බවයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය