Powered by Blogger.

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පැවැත්මට හානි වන අන්දමෙන් මීටර් 500ක් ඇතුළත සිදුකෙරෙන සියලු ඉදිකිරීම් වහාම නවතා දමන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට නියෝග කළේය.
එසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට හෝ අවට පරිවාර බෝධීන් වහන්සේලාගේ පැවැත්මට හානි වන අන්දමේ කිසිදු ඉදිකිරීමකට ඉඩ නොතබන ලෙසත් ජනාධිපතිවරයා අනුරාධපුර නගරාධිපතිවරයා වෙත උපදෙස් දුන්නේය.
ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩසිටින පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින රථ ගාලක් හේතුවෙන් සිදුවන හානිය පිළිබඳ පළවු මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා මේ උපදෙස් නිකුත් කළේය.
ඉදිකෙරෙමින් පවතින රථගාල ශ්‍රී මහා බෝ සමිඳු අභියසින් අඩි 500ක් ඈතට ගෙන යන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ අවට කලාපයේ පරිහරණය සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන පමණක් යොදා ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය