Powered by Blogger.


පොතුහැර දුම්රිය පොළේ නවතා තිබු රජරට රැජින දුම්රියේ තවත් දුම්රියක් ගැටීමෙන් අඩු ගණනේ 61දෙනෙක් තුවාල ලබන්නට ඇතැයි පොලීසිය කියයි.
ඒ අතර අත දරුවන් ද හමුදා සෙබළකු හා දුම්රිය නියාමකයකු ද සිටින බව කියයි.



හමුදා රියයි ඝණ්ඨාර රියයි හැපේ
හයක් රෝහලේ
පුත්තලම කරුවලගස් වැව මාර්ගයේ දොළොස්වැනි සැතපුම් කණුව ළඟදී හමුදා රියක් හා වෑන් රියක් හැපී හමුදාවේ තිදෙනකු ඇතුළු හය දෙනෙක් තුවාල ලදහ.
යාපනයට ඝණ්ඨාර රැගෙන යමින් සිටි වෑන් රිය හා වව්නියාවේ සිට එමින් සිටි හමුදා රිය මේ අනතුරට ලක් වී ඇත.
 
මැදිරියක් වෙළට වැටුණා
තව දෙකක් ගොඩනැගිල්ලකට හේත්තු වුණා
‘දඩාස් ගාලා සද්දයක් ඇහුණා. දුම්රිය මැදිරියක් වෙළට වැටුණා.තවත් මැදිරි දෙකක් ගොඩනැගිල්ලකට හේත්තු වුණා.‘අනුරාධපුර පාසල් ගුරුවරියක වන  අයිරීන් චන්ද්‍රකාන්ති මහත්මිය පොතුහැර දුම්රිය අනතුර විස්තර කරන්නිය.
පෙරැළි ගිය මැදිරිවලට මැදිරි හතරක්  එහා මැදිරියක ඇය සිටියාය.
‘වේලාව උදේ 8.15 විතර ඇති. මා ආවේ රජරට රැජින දුම්රියේ.වෙනත් දුම්රියකට ඉඩ දීම සඳහා රැජින නවත්වාගෙන මිනිත්තු 15 ක් පමණ සිටියා.අපේ මැදිරිය අමුතු විදියතට ගැස්සුණා.දිරි දිරි වගේ සද්දයක් ඇහුණා. අපේ මැදිරියේ සිටි බොහෝ දෙනා ආසන අල්ලා ගත්තා .ඒ සමඟ දඩාං ගාලා මහා සද්දයක් ඇහුණා.මගීන් එහෙ මෙහෙ වැටෙනවා දැක්කා ඔවුන්ට තුවාල වෙන්නටත් ඇති ‘යැයි ඇය විස්තර කළාය.
දුමිරිය දෙකේ ඇන්ජින් දෙක එකට ගැටී ඇති බව ඕ කීවාය.
පොතුහැර දී දුම්රිය දෙකක් ගැටේ
පොතුහැර දුම්රිය ස්ථානයේ නතරකැර තිබූ දුම්රියක් හා රජරට රැජන දුම්රිය ගැටී මගීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරංචිමාර්ග කියයි.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය