Powered by Blogger.

කුරුවිට සහ කුරුණෑගල ප්‍රදේශවලට පෙරේදා (13 වැනිදා) රාත්‍රී ඇතිවූ දැඩි සුළඟකින් නිවාස 60 කට වැඩි ප්‍රමාණයකට දැඩි අලාභහානි සිදුවී ඇත.

බ/පත්බේරිය, පත්බේරිය, කදංගොඩ, පාතගම, කිතුල්පේ, කොස්‌ගොඩ, උ/එක්‌නැලිගොඩ යන ග්‍රාමසේවා වසම් හරහා දැඩි සුළඟක්‌ හමා ඇත. ඇතැම් නිවාස මතට ගස්‌ කඩාවැටී ඇති අතර තවත් නිවාසවල වහළවල් සුළඟේ ගසාගෙන ගොස්‌ තිබේ. කිතුල්පේ ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති අතර නිවැසියන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. අධික වර්ෂාවත් සමග කුරුවිට පාතගම මාර්ගයේ දෝනා පතලයක්‌ ගිලා බැසීමෙන් වාහන ධාවනය ඇනහිට ඇත.

මේ අතර කුරුණෑගල ප්‍රදේශයට බලපෑ දැඩි සුළඟ හේතුවෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විදුහලේ දෙමහල් ගොඩනැඟිල්ලක වහලය සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස්‌ ඇත. කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ගොඩනැඟිල්ල මතට දැවැන්ත ගසක්‌ කඩාවැටී එය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය