Powered by Blogger.

නව මස් වියැති දරුවෙකු ඇතුළු ඔහුගේ පවු‍ලේ සාමාජිකයින් 12 දෙනෙකු විත්තිකරුවන් කර තිබූ නඩුව පාකිස්ථාන අධිකරණය ඉවත දමා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නඩුව දෙවන වරට ත් කැඳවූ අවස්ථාවේදී  එය යළි කසිදිනෙක විභාග නොකරනු ඇති බවට  විනිසුරුවරයා පවසා ඇති බව ය.
පකිස්ථානයේ ලාහෝර්හි පදිංචිකරුවන් පිරිසක් වන ඔවුන්ට එරෙහිව ඝාතන චෝදනා යටතේ  එම නඩුව පවරනු ලැබ තිබුණේ පොලිස් නිලධාරියෙකු විසිනි.
මෙම පහර දීම සිදුව ඇත්තේ, පොලීසිය අදාළ පදිංචිකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවකදී ය.
මෙහි වි‍ශේෂත්වය වූයේ, එම පවුලේ 9 මස් වියැති ළදරුවාට ද ඝාතන චෝදනා එල්ල වීම යි.
441866-44f42bba-bf37-11e3-9a65-7ae3511942af
කෙසේ වෙතත් විත්තිකරුවන් අතර මාස 9ක ළදරුවෙකු සිටින බව අනාවරණය වී ඇත්තේ, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
පසුගිය නඩු වාරයකදී ලාහෝර් පොලීසිය විසින් එරට අධිකරණයකට ඉදිරිපත් කළ අවස්ථාවේ එම ළදරුවා ඇප මත මුදා හැරිණ.
ළදරුවා නිදහස් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ, මෙවැනි දරුවෙකු ඝාතනයක් කිරීමට උත්සහ කළ බවට කිසිදු ආකාරයකින් අධිකරණයට පිළිගත නොහැකි බව ය.
Pakistan-baby-booked
එම තීරණය දැනුම් දෙන අවස්ථාවේ මාස 9ක් එම විත්තිකාර ළදරුවා සිය මුත්තණුවන් සමග විත්ති කූඩුවේ සිට ඇත්තේ, සූප්පුවක් ද උරමිනි.
article-2597087-1CD673B600000578-432_636x382
පසුව අදාළ ළදරුවා විත්තිකරුවෙකු ලෙස නම් කළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමට එරට ළමා මානව හිමිකම් අමාත්‍යවරයා පියවර ගත්තේ ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය