Powered by Blogger.



කුඩා දරුවන්ගේ පටන් වැඩිමහලු පුද්ගලයා දක්‌වා නිතර පීඩාවට පත්වන රෝගයක්‌ ලෙස මුත්‍රා ආසාදනය හැඳින්විය හැකිය.

අප බොහෝ දෙනා සිතා සිටින්නේ මුත්‍රා ආසාදනයකට ප්‍රධාන හේතුව නිසි ලෙස ජලය පානය නොකිරීම බවය. එය එක්‌ හේතුවක්‌ පමණි. නමුත් ඊට බලපාන තවත් හේතු රැසක්‌ ඇත. නාඩි වෛද්‍ය විද්‍යාවේදී මහා සෘෂිවරුන් විසින් මුත්‍රා ආසාදන ගැන පවසා ඇත්තේ "කුර්හි ඔදීර් ඔදීර්හි මධුර් මධුර් ශීර්ෂ භාගා රෝග පීඩාහි දාරක ස්‌ත්‍රී පුරුෂ පීඩා දෙහර්තිහේ හෙර්තිගේ ශීර්ෂා" ලෙසිනි.

එනම් මුත්‍රා ආසාදන ඇතිවීම සඳහා පැණි රස ආහාරපාන වර්ග ගැනීම ප්‍රධාන ලෙස බලපාන බවත්, එසේ මතුවන මුත්‍රා ආසාදනය හිස සිට දෙපතුල දක්‌වා රෝගාබාධ ඇති කරන බවත් මහා සෘෂිවරු සඳහන් කර ඇත.

පැණි රස ආහාර, පැණි රස දියර වර්ග, පැණි රස අතුරුපස වර්ග තමුන්ගේ සිරුරේÊප්‍රමාණයට වඩා ගැනීමෙන් මුත්‍රා ආසාදන සඳහා බලපෑම් ඇති කරන බව මහා සෘෂිවරු පෙන්වා දී තිබේ.

මෙහිදී පැණි රස ආහාර වර්ග යනු බත්, එළවළු, පළතුරු, අල වර්ගය. පැණි රස දියර වර්ග යනු සීනි මිශ්‍රකර සකස්‌ කළ පාන වර්ගය. අතුරුපස අතර කේක්‌, ටොෆි, චොක්‌ලට්‌ මුල් තැනක්‌ ගනී.

මෙම ආහාර වර්ග ගත යුත්තේ තමුන්ගේ ශරීරයේ බර, උස සහ වයස අනුවය. ඕනෑවට වඩා මෙම පැණි රස ආහාරපාන ගැනීමෙන් සිරුරේ සීනි ප්‍රමාණය ඉහළ ගොස්‌ ඉතා පහසුවෙන් මුත්‍රාහී විෂබීජ වර්ධනය වේ.

දරුවකු කුස තුළ හිඳින විට මව වැඩිපුර පැණි රස ආහාරපාන ගැනීමෙන් උපදින දරුවා ඉතා පහසුවෙන් මුත්‍රා ආසාදනවලට ලක්‌විය හැකිය.

මුත්‍රා ආසාදනයක ලක්‍ෂණ

බාල තරුණ මහලු ඕනෑම අයකුට මුත්‍රා ආසාදනයක්‌ ඇතිවූ විටදී මුත්‍රාවල අධික තාපයක්‌, දුර්ගන්ධයක්‌, මුත්‍රා පහකරන විට දැවිල්ලක්‌ මුත්‍රා නිසි ලෙස පිට නොවීමක්‌ ඇති වේ. මෙය නොසන්සුන් මුත්‍රා රෝග ලෙස නාඩි වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබයි.

මෙලෙස ඇතිවන මුත්‍රා ආසාදන සඳහා නිසි ප්‍රතිකාර නොකිරීමෙන් වකුගඩු නරක්‌වීම, හිසකෙස්‌ අකලට සුදුවීම, සම මත බිබිලි මතුවීම නිතර නිතර හිසරදය මතුවීම ආදී අපහසුතාවලින් පීඩා විඳීමට සිදු වේ.

මුත්‍රා ආසාදන ඇතිවීම වළක්‌වා ගැනීම සඳහා වල්අල කොළ ඇඹුල නිසි ලෙස ආහාරය සඳහා සකස්‌ කරගෙන සතියකට තුන් වරක්‌ පමණ දිවා ආහාරයට එක්‌ කරගත හැකිය.

එසේම වෙරළු කොළ යුෂ, වල්අල කොළ දණ්‌ඩෙහි යුෂ, ඇඹුල්ඇඹිලිය කොළ යුෂ, යකිනාරං කොළ යුෂ, කොතල හිඹුටු කොළ යුෂ එක පමණට ගෙන හොඳින් කකාරා උදෑසන තේ පානයට පෙර තේ කෝප්ප කාලක්‌ පමණ සතියක්‌ පමණ ගැනීමෙන් මතුව ඇති මුත්‍රා ආසාදන අපහසුතා මඟහරවා ගත හැකිය.


නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

අංක 118/2, අඟුලාන දුම්රියපොළ පාර, උද්‍යාන මාවත, අඟුලාන, මොරටුව.

දුරකථන :- 0112632225
 

සංස්‌කරණය- උපාලි ද සේරම්
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය