Powered by Blogger.

සූර්යයා දකුණු අර්ධගෝලයේ සිට උතුරට ගමන් කිරීම හේතුවෙන් හෙට සිට ලබන 15 වැනි දා දක්වා සූර්යයා ශ‍්‍රී ලංකාවට ඉහළින් ඍජුව මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එ් අනුව හෙට මධ්‍යහ්න 12.13 ට කඹුරුපිටිය, කන්දෙමෝදර, බූස්ස ප‍්‍රදේශවලට මෙලෙස සූර්යයා මුදුන් වනු ඇත.
සූර්යයා උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලය වෙත වාර්ෂිකව මෙලෙස ගමන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වන අතර ශ‍්‍රී ලංකාවට ඉහළින් ලබන අගෝස්තු මාසයේ දී ද සූර්යයා මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එ් අනුව මේ වසරේදී ශ‍්‍රී ලංකාවට ඉහළින් දෙවරක් සූර්යයා ඍජුව මුදුන් වනු ඇත.

නරක් වූ දොඩම් ලක්ෂ ගණන් අවුරුද්දට විකුණන්න තියලා

අවුරුදු සමයේ විකිණිම සදහා තබා තිබු පරිභෝජනයට නුසුදුසු දොඩම් ගෙඩි ලක්‍ෂ 2ක් වත්තල ප්‍රදේශයකින් පාරිභෝගික අධිකාරිය විසින් අද සොයාගෙන ඇත.
එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 80කි. පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදුකර තිබේ.

අතරමග කන කෑම හොඳ නෑලු 
 කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුර ගමන් සේවා බස් රථ මගීන්ගේ විඩාව නිවාගැනීම සඳහා නවත්වනු ලබන ආපනශාලාවලින් ආහාර ගන්නා මගීන්ට ලෙඩ රෝග රැසක් වැලඳීමේ අවදානමක් ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.


දුරගමන් සේවා සඳහා පිටත් වන පෞද්ගලික සහ ලංගම බස් රථ මගීන්ගේ විඩාව නිවා ගැනීම සඳහා අතරමඟ නවත්වනු ලබන ආපනශාලාවල අලෙවි කරනු ලබන ආහාර ප්‍රමිතියකින් තොර පරණ වූ ආහාර බවත් ඒවාද වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බවත් එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.


මෙකී දුරගමන් සේවා බස් රථ අතරමඟ නවත්වනු ලබන ආපනශාලා වෙනත් කඩවලින් වෙන්ව පිහිටා තිබීමද විශේෂත්වයක් වන අතර එම නිසා මගීන්ට වෙනත් විකල්පයකට යෑමට නොහැකි තත්ත්වයක් පවතී. මෙවැනි ආපනශාලා අසල බස් රථ නැවැත්වීම නිසා මේ බස් රථවල රියැදුරන්ට සහ කොන්‍ෙදාස්තරවරුන්ට විශේෂ වරප්‍රසාද හිමිවන බැවින් මෙවැනි ස්ථානවලට වැඩි ඉල්ලුමක් ඇති වී තිබේ.

එපා කිව්වට අහන්නේ නෑ
කතරගම බුත්තල පාරේ වල් අලියනට කෑම නොදෙන ලෙස වනජීවී නිලධරයන් කොතරම් කීවත් පාරේ යන එන අය එය නොසලකා හරිති.
කෑමට පුරුදු වු අලින්ගෙන් කොයි වේලාවක හෝ අනතුරක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.


බුදු රුව සුරකින හස්නක් කරත්තෙන් රට වටේ
බුද්ධ රූප හා දේව රූප පුවත්පත් හා කැලැන්ඩර් ආදීයේ මුද්‍රණය කිරීමෙන් ඇති වන නිගරුව වැළැක්වීමට නීතී පනවන ලෙස ඉල්ලා ජනතා සංදේශයකට අත්සන් එකතු කරන තරුණයෙක් රෝද දෙකේ කරත්තයක්ද තල්ලුකැරගෙන වසර තුනක් තිස්සේ රට පුරා යයි.
දැනට ලක්ෂ 15 කගේ පමණ අත්සන් ලබාගෙන ඇතැයි කියන ඔහු උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහ නා හිමියන් මගින් සංදේශය රජයට  බාර දීම අරමුණයි.
අතුරුගිරියේ යු ජී සුගත් මෙම තරුණයාය.

ගම්පහ පාසල් තුනක සිසුහු 1014 බැබලෙති
ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියන් 307 දෙනාම අපොස සාපෙළ සමත් වු බව  විදුහල්පතිනි එච් ඒ එච් ජයවර්ධන මහත්මිය කියන්නීය.
එහි  සිසුවියෝ 139 දෙනෙක් ඒ නවය ද  97 දෙනෙක් ඒ අට ද  ලැබුහ. සමත්වීමේ ප්‍රතිශතය 100% කි.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ උපොස සාපෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 433 දෙනාගෙන් 432 දෙනකු අපොස උපෙළ හැදැරීමට සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති ලාල්  දිසානායක මහතා කියයි.
සමත් වීමේ ප්‍රතිශතය 99.8% එහි සිසුහු 78 දෙනෙක් ඒ නවයද 102 දෙනෙක් ඒ 8 ද ලබා සිටිති.
ගම්පහ යශෝදරාදේවී බාලිකා විදුහලේ සිසුවියන් 310 දෙනාගෙන් 305 දෙනෙක් උසස්පෙළට සුදුසුකම් ලැබුහ.
එය 97 % ක් බව  විදුහල්පතිනි බී එම් එල් බස්නායක මහත්මිය කියන්නීය.සිසුවියෝ 67 ක් ඒ නවය 55 දෙනෙක් ඒ 8 ද ලදහ.

තිබහට වතුර තවමත් තියේ
අප්‍රේල් මාසයේ වැස්ස පටන්ගෙන ඇතැත් යාල ඇතුළු වනෝද්‍යානය වල සත්තු වතුර හිගයකට මුහුණ පා සිටිති.
මුව රංචුවක් යාල වැවකට බැස දිය බොති.   

ජර්මන් සංචාරකයෝ නැවකින් හම්බන්තොට එති
මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සංචාරකයින් 800 ක් රැගත් ‘අමාදියා ’සුඛෝපභෝගී නැව අද පැමිණියේය.
එහි සිටි ජර්මන් සංචාරකයෝ උඩවළව ඇත්අතුරු සෙවණ හා සෙසු සංචාරක ප්‍රදේශ නැරැඹිමට බස් වලින් පිටත් වුහ.ඔවුන් වෙනුවෙන් රුහුණේ නිෂ්පාදන වෙළද සල්  ජැටිය අවට විවෘත කැර ඇත.


මේ දරුවා කොයින්දෝ : කසල ගොඩෙන් ඇහින්දෝ
කසකස්ථානයේ අල්මෙට් නුවර කමිලා මුසාබෙකොවාට (69)  කසල ගොඩකින් කාඩ්බොඩ් පෙට්ටියක් හමු විය.එහි බිලිඳෙකි. කමිලා එම දරුවා හදා වඩා ගනිමින් සිටින බව කසකස්ථාන් මාධය වාර්තා කියයි.
මම එතනින් ගමනක් යන්නයි ගියේ. මට බලු පැටියකු කෑ ගහන සද්දයක්  ඇහුණා. ටිකක් විපරම් කරලා බලනකොටයි  ඩෑක්කේ පෙට්ටිය ඇතුළේ  ඉන්න මේ පුංචි පැටියව. ඉක්මනට මම පැටියව රොහලට අරගෙන ගියා.
 වෛද්‍යවරුන් කිව්වේ තව පැය කිහිපයක් දරුවා පෙට්ටිය ඈතුලේ හිටිය නම් ජිවිතය නෑති වෙන බවයි. රොහල් බලධාරින් දරුවගේ මව හෙව්වා. නමුත් හොයා ගන්න බැරි වුණා. මම දරුවව හදා ගන්න ඉල්ලුවා. මගේ වයස වැඩි නිසා දෙන්න බැහැ කිව්වා. නමුත් මම අදහස අතහැරියේ නැහැ. මගේ පුතායි ලේලියි දාලා දරුවා මගේ ගාවට ගත්තා. පැටියා දැන් හොද සනිපෙන් ඉන්නවා. කමිලා මාධ්‍ය හමුව කිවාය.


සිංහයා ළඟ පුස් පැටියා වීරයෙක් වෙයි
දකුණු අපි‍්‍රකාවේ බොට්ස්වානා වනෝද්‍යානයේ සිදු වූ අපූරු සිදුවීමක් යාරූපගත කිරීමට වනෝද්‍යානය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ක්ලෝඩියා හෝෆ් සමත් විය. ඒ වනෝද්‍යානයේ අතරමං වූ බළල් පැටියෙකු සිංහ රංචුවක් වට කර ගත් අවස්ථාවයි.
බය වූ බළල් පැටියා තම වීරකම් පෙන්වමින් වට කර ගෙන සිටින සිංහයින්ට ගොරවන අයුරුත්, සිංහයන් බළල් පැටියා ඉව කරන අයුරුත් දැක්වෙන ඡායාරූප ඒ අතර වෙයි.
බළල් පැටියාගේ හැසීරීම සිංහයන් ගණන්  ගත්තේ නැත. අවසන සිංහයෙක්, බළල් පැටියා කටින් රැගෙන වෙනත් ස්ථානයකට ගමන් ගත්තේය. බළල් පැටියාට, සිංහයන්ගෙන් කිසිදු හිරිහැරයක් සිදු නොවූ බවද පැවසේ.


අයි ෆෝනය ගන්න ගිහින් කාණුවේ හිර වේ
කාණූවට වැටුණු අයි ෆෝනය සොයා ගැනීමට කාණුවට බැස එහි හිරවු  තරුණියක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ. ඇය 16 හැවිරිදි එලා සැන්කි නැමැති තරුණිය ගොඩ ගැනීමට ලන්ඩනයේ ගිනි නිවන  භටයන් කැඳවීමට සිදු විය.
දිනක් සැන්කි තම බල්ලා සමග පාරේ ව්‍යායාම කරමින් දුරකථන ඇමතුමක් අවසන දුරකථනය තම සාක්කුවට දමද්දී අසල කාණුවකට වැටිණි. එය සති දෙකකට පෙර මිලඳී ගත්තකි.
 ඇය කාණුවෙහි පියන ගලවා කාණුවට බැස්සාය. දුරකථනය සොයා ගැනීමට නොහැකි විය.ඇයට නැවත ගොඩ ඒමට ද නොහැකි විය.
ඇයගේ කෑ ගැසීම ඇසී එහි පැමිණි මව ජොවෑන් බි‍්‍රචිනෆ් (36) හදිසි ඇමතුම් අංශයට (999) දුරකථන ඇමතුමක් දුන්නාය. වහා ගිනි නිවන භටයෝද ආහ. ඇය කාණුවෙන් ගොඩ ගත්හ. අසල සිටියෙක් රහි ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරියේය.
මෙය තමාට කිසිදින අමතක නොවන අත්දැකීමක් වන අතර දැන් එම ස්ථානය තමාට හාස්‍ය උපදන ස්ථානයක් වී ඇති බව සැන්කි සිනාසෙමින් පැවසීය. ‘දැරිවියට අනතුරක් නැති නමුත් දුරකථනය කම්මුතුයි’ යනුවෙන් විදුහලේ ඇගේ යෙහෙළියෝ විහිලූ කරති.
වත්මන් තරුණ පරපුරට දුරකථනය කොපමණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇත්ද යත් තම ජීවිතය ගැන පවා නොසිතන අන්දම පෙන්වීමට මෙය කදිම නිදසුනක් බවට එරට බලධාරීන් පෙන්වා දෙයි.

සැත්කම් රොබෝ බුරියෙන් ඇතුළට
නාභියෙන් ඇතුළත් කළ හැකි රොබෝවෙකු ආධාරයෙන් මිනිස් සිරුරේ ශල්‍යකර්මයන් කළ හැකි ක‍්‍රමයක් සම්බන්ධයෙන් ඇමරිකා ගුවන් හා ගගන ඒජන්සිය (නාසා) පර්යේෂණ කරමින් සිටී.
පර්යේෂණ කටයුතු සිදුකරන විද්‍යාඥයින් පවසන්නේ මෙම රොබෝවා යොදාගැනීමට අපේක්ෂා කරන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වාසය කරන අභ්‍යාවකාශගාමියෙකුට හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා ප‍්‍රයෝජනයට ගැනීමට බවයි.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගුරුත්වය ශුන්‍ය වන බැවින් එහිදී පෘථිවියේ මෙන් සිරුර කපා විවෘත කර ශල්‍යකර්ම සිදුකිරීම කිසිසේත් නොකළ හැක්කක් බව විද්‍යාඥයෝ කියති.සිරුර කැපීමේදී පිටතට ගලන රුධිරය,අවයව වලින් නිදහස් වන දේහ තරල,පෘථීවියේදී මෙන් ගුරුත්වයේ බලපෑමට හසුව එකම තැන රැදී නොතිබී ගුරුත්ව බලයෙන් නිදහස් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පුරා විසිර යාමේ ඉඩක් තිබීම ඒ සදහා හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති.
හදිසියේවත් එවන් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍යවුවහොත් කළ හැකි එකම දෙය වන්නේ සිරුර කපා විවෘත නොකර ශල්‍යකර්මය සිදුකිරීම බවත් ඒ සදහා හොදම විසදුම සිරුරට ඇතුළු කළ හැකි කුඩා ප‍්‍රමාණයේ රොබෝවෙකු භාවිතා කිරීම බවත් ඔවුහු පවසති.
දැනට නිර්මාණය කර ඇති රොබෝවා නාභියෙන් සිරුරට ‘‘රිංග විය‘‘ හැකි තරමට කුඩා වුවත් සිරුරට ඇතුළුවූ පසු අඩු පඩු දිගහැරගෙන විශාල වීමේ හැකියාවෙන් යුතුය.රොබෝවාගේ සියලූ කි‍්‍රයාකාරකම් පාලනය කෙරෙනුයේ පිටත සිටින ශල්‍ය වෛද්‍යවරයෙකුගේ අතෙහි ඇති දුරස්ථ පාලකයක් මගින් වන අතර එම පාලකය ආධාකරයෙන් රොබෝවා මෙහෙයවා සිරුර අභ්‍යන්තරයේ තුවාළ සිදුවී ඇත්නම් ඒවා පිරිසිදු කර මැහුම් දැමිීමට,කැපීම් සිදුකිරීමට,ඖෂධ යෙදීමට හැකිය.
නාසා විද්‍යාඥයින් දැනට ඌරන් යොදාගෙන රොබෝවා අත්හදා බලමින් සිටින අතර නුදුරේදීම මිනිස් සිරුරු වලද අත්හදා බැලීම් සිදුකිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.
වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ නාසා ආයතනයේ මේ උත්සාහය සාර්ථක වුවහොත් එය අභ්‍යාවකාශයේ සිදුකරන ශල්‍යකර්ම වලට පමණක් නොව පෘථිවිය මතදී සිදුකරන ශල්‍යකර්ම වලටත් එකසේ වැදගත් වනු ඇති බවයි.

බඩගින්නට ගල් වැටි කයි
කුසගින්නට ගල්,වැලි,මඩ,සිමෙන්ති ආදියෙහි පිහිට සොයන පුද්ගලයෙක් ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ සිටී.
පක්කිරප්පා හුන්නඩි කුසගිනි නිවාගන්නේ ගල්,වැලි,මඩ ආදිය අනුභව කිරීමෙනි.තමන්ට වයස අවුරුදු 10 සිටම මෙම පුරුද්ද පැවති බව ඔහු කියයි.
වෛද්‍යවරුන් පක්කිරප්පාගේ මේ පුරුද්ද හදුන්වාදෙන්නේ විරල ගණයේ රෝගයක් ලෙසටය.ඔවුන් පවසන ආකාරයට මෙම රෝගය වැළදුනවුන්ට සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා දේ අනුභව කිරීමට ආශා පහළ වේ.
තමන් ඉදිරියේ අමෘතය තැබුවද ගල්,වැලි ආදිය කෑමෙන් තමා ලබන වින්දනය ලබා ගැනීමට නොහැකි බව සහතික යැයි පක්කිරප්පා පවසයි.
ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වලදී කම්කරුවෙකු ලෙස සේවය සපයන ඔහුට ‘‘ආහාර‘‘ වලින් නම් අඩුවක් නැත.ගල් වැලි වලට වතුර ටිකකුත් කවලම් කර ගත් විට පංකාදුයි යැයි ඔහු කියයි.
මව යහළුවන් හා නෑ හිතමිතුරන් කොතෙක් උත්සාහ කළද තම පුරුද්ද අතහැරීමට ඔහු සූදානම් නැත.
තමන්ගේ හැකියාව ප‍්‍රදර්ශනය කර මුදල් ඉපැයීමට පක්කිරප්පා සිතාගෙන සිටී.දැනට කර්නාටක ප‍්‍රදේශයේ හොද ප‍්‍රසිද්ධියක් හිමි කරගෙන සිටින තමාට මුලූ ඉන්දියාවේම ප‍්‍රචලිත වීමට හැකි නම් අතමිට සරුවී තම මෑණියන්ද හොදින් බලා කියාගෙන සතුටින් වෙසෙන්නට හැකි වනු ඇතැයි ඔහු පවසයි.



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය