Powered by Blogger.


දෙවැනි ජුවාම් පාවුළු හා විස් තුන් වැනි ජුවාම් හිටපු පාප්තුමන්ලා දෙදෙනා ශාන්තුවරයන් වශයෙන් ප්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශයට පත් කළහ.
වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දහස් ගණන් බැතිමත්හු අත්පොළසන් දෙමින් ‘ආමේන්‘ යනුවෙන් කියමින් ආසිරි පැතූහ.
හිටපු පාප් වහන්සේ දෙනම විසිවන සියවස ආලෝකවත් කළ යුග පුරුෂයන් දෙදෙනකු බවත්, ඔවුන් නිර්භීත පුරුෂයන් බවත් සිය කෙටි දේශනයේ දී ෆැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ.
වතිකානයේ ශාන්ත පීතර චත්‍රරශ්‍රයේ පැවැති මෙම උත්සවයට සොළොස් වැනි බෙනඩික් පාප් වහන්සේ ද පැමිණියහ.
පාප්වහන්සේලා දෙනමක් දේව මෙහෙයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව  ද, හිටපු පාප් වහන්සේලා දෙනමක් එකවර ශාන්තුවරුන් වශයෙන් ප්‍රකාශයට පත් කැරුණු ප්‍රථම අවස්ථාව   ද එය විය.
මේ අවස්ථාවට ස්පාඤ්ඤ රැජින ඇතුළු රාජකීයයෝ ද, සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ඇතුළු රාජ්‍ය නායකයෝ ද කාදිනල්වරු 150ක් හා බිෂොප්වරු 700ක් ද සහභාගී වූහ.




‘හෝ චි මිං‘ සමරු මුද්දරයක්
වියට්නාම් ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයකු මෙන්ම වියට්නාම හිටපු ජනපති ‘හෝ චී මිං’ සමරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විශේෂ සැමැරුම් මුද්දරයක් කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී  අද නිකුත් කළේය.
තම රටේ නිදහස  හා ස්වාධිනත්වය වෙනුවෙන් බටහිර රටවල් සමඟ එඩිතරව  සටන් කොට ජයග්‍රහණ ලබා ගැනීම නිසා හෝ චි මිං ලෝක ප්‍රසිද්ධ විය.
තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් සැමැරුම් මුද්දරය සහිත පළමු මුල් දින කවරය එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වු මෙරට වියට්නාම තානාපති ටොන් සින්හ් තාන්හ් මහතා වෙත පිළිගැන්විණි.
වාමාංශික දේශපාලනයේ නියමුවන් මෙන්ම  අමාත්‍යවරුන් වන ඩීව් ගුණසේකර,මහාචාර්ය තිස්ස විතාරණ,වාසුදේව නානයක්කාර,ඒ එච් එම් ෆවුසි යන මහත්වරු ද තැපැල්පති රෝහණ අභයරත්න මහතා ද මේ අවස්ථාවට එක් වුහ.


පුංචි එංගලන්තෙට වසන්තය උදා වේ
නුවරඑළිය වසන්ත සැනකෙලියේ මල් ප්‍රදර්ශනය හා පෙරහර බැලීමට දෙස් විදෙස් මහ පිරිස ඇදී ආහ.
නුවරඑළිය බුළු ඇළ ශ්‍රී ලංකා සදහම් අසපුවේ ගොරඬිගොල්ලේ අමිතසාර හිමියන්ගේ සහ සියලු වෙහෙර විහාර අනුග්‍රහයෙන් අද අලුයම වන තුරු අලි ඇතුන් හා සංස්කෘතිකාංගවලින් පොහොසත් වූ පෙරහර වීදි සංචාරය කළේය.



රෝමයේදී ලක් හොරු හතර දෙනෙක් ඇල්ලෙති
ඉතාලියේ රෝම නගරයේ කොර්තිනා දි අම්පේස්සෝ මාවතේ පිහිටි වැඩබිමකට , එහි ආරක්ෂිත වැට කපා ඇතුළුවී  සේවකයන්ගේ  ඇඳුම් මාරුකිරිමට යොදාගන්නා බහාලුමක ඇති ඔවුනගේ පෞද්ගලික වටිනා භාණ්ඩ  අල්මාරියක් විවෘත කිරිමට සැරසුණු බව කියන ලාංකිකයෝ හතරදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.    


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය