Powered by Blogger.

ඔබේ සම්පූර්ණ නම මොකක්ද?
පියුමි හංසමාලි ගෝමස්.
ගෙදර අය ඔබට අමතන්නේ මොකක් කියලද?
පියමි, හංසි කියනවා. ‘පියෝ, පියෝ’ කියනවා ගොඩක් අය ‍ලේසියට.

ඔබ කැමැති නිළියක් කියනවටද මෝස්තර නිරූපන ශිල්පිනියක් කියනවටද?
මෝස්තර නිරූපණ ශිල්පිනියක් කියනවට.

ඇයි ඒ ?
මම කැමැති නෑ නිළියක් කියනවට. මොකද මම මේ ෆීල්ඩ් එකට ආවේ නිරූපණ ශිල්පිනියක් විදියට.

මතෛක් පැමිණි ගමන ගැන සතුටු වෙනවද?
අනිවාර්යයෙන්ම මම ගොඩක් සතුටුවෙනවා. මම ‍පොඩි කා‍ලේ ඉඳන්ම හීන දැක්කේ ගුවන් සේවිකාවක් වෙන්න. අහම්බෙන් මම මේ ක්‍ෂේත්‍රයට ආවේ. මම ඒ ආපු ගමන ගැන සතුටු වෙනවා.

මේ රැකියාව නොකළා නම් ඔබ කරන්නේ මොන විදියේ රැකියාවක්ද?
එහෙනම් මම රැකියාවක් කරන එකක් නෑ. මගේ හස්බන්ඩ් කැමැති නෑ මම රැකියාවක් කරනවට ඒකයි.

ඔබේ ජීවිතේ කියා හිතන්නේ මුදල්ද, ප්‍රසිද්ධියද, රැකියාවද, මව්පියන්ද, සැමියද, දරුවන්ද?
පළමුව මගේ ජීවිතේ කියලා හිතන්නේ මගේ දරුවා. ඊට පස්සේ මගේ සැමියා. ඒ වගේම මුදල් දෙමව්පියනුත් අවශ්‍යයි.

ජීවිතේ අරමුණ කුමක්ද?
මිසිස් ශ්‍රී ලංකා කිරුළ ලංකාවට ගේන එක.

හිතට දුකක් දැනුනම මොනවද කරන්නේ?
තනියම අඬනවා. නැත්නම් මම කැමැති මගේ යාළුවොත් එක්ක ඉන්න. එතකොට දුක නැතිවෙනවා. ඒකයි.

ඔබ වැඩියෙන්ම සතුටු වුණු දවස?
මගේ බබාව ඉපදුණ දවස. එදා ඇතිවුණ සතුට වචනවලින් විස්තර කරන්න බෑ.

ඔබ වැඩියෙන්ම දුක්වුණු දවස?
ඉස්කෝලෙන් අයින් වුණ දවස. ඇත්තටම මම එදා ගොඩක්ම දුක්වුණා. මොකද ආපසු ඒ කා‍ලේ එන්නේ නැති නිසා.

ඔබ කලකිරුණු දවස?
ගොඩක් වෙලාවට කලකිරුණු දවස් තියෙන්නේ එහෙම විශේෂ දවසක් මතක නෑ.

ආදරේ ගැන ඔබ හිතන්නේ කොහොමද?
ආදරේ කියන්නේ වේදනාවක්, දුකක් විතරයි කියලා මම හිතන්නේ.

පළමු පෙම්වතා කවුද?
අනිවාර්යයෙන්ම මතකයි. ඉස්කෝ‍ලේ යන කා‍ලේ ඇතිවුණ ප්‍රේමයක්. එයා අද ලංකාවේ නෑ.

ප්‍රේමය බිඳී වැටුණොත්?
ඒ ප්‍රේමය නැතිවුණා කියලා දුකක් නෑ. මොකද මුහුදේ ඉන්නේ එක මාළුවෙක් නෙමේනේ.

ආදරේ කරන කෙනෙකුට දෙන්න කැමති මොන විදියේ තෑග්ගක්ද?
එයා කැමැති දෙයක්. මම කැමැති දෙයක් දෙනවට වඩා එයා කැමැති දෙයක් අරන් දුන්නොත් එයා ගොඩක් සතුටුවේවි.

ඔබගේ උපන්දිනයට ඔබ බලා‍පොරොත්තු වෙන්නේ මොන විදිහේ  තෑග්ගක්ද?
දෙන ඕනම තෑග්ගක් සතුටින් භාරගන්නවා. මොකද ඒ අය සතුටින් දෙන නිසා. මම සතුටින් දෙන මොන තෑග්ගක් වුණත් භාරගන්නවා.

ඔබගේ ජීවිතයේ ලැබුණු හොඳම තෑග්ග මොකක්ද?
මගේ දරුවා. එයා මට මගේ මුළු ලෝකෙටත් වඩා වටිනවා.

අත්හැර ගන්න කැමැති පුරුද්දක් තියෙනවද?
එහෙම විශේෂ පුරුද්දක් නෑ.

ඔබ කැමැති පෙම්වතා මොන විදියේ කෙනෙක්ද?
මම විවාහ වෙලා නිසා තව පෙම්වතෙක් අවශ්‍ය නෑ.
තිළිණි මධූවන්ති
ඡායාරූප- චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/27/piumi%20hansamali%20(2).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය