Powered by Blogger.

අකැමැතිම දේශපාලන චරිතය? මැරිච්ච සදාම් හුසේන්

ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට පුළුවන් තමා මේ ජීවිතේ කරන දේවල් මේ ආත්මෙම පල දෙනවා කියන එක සදාම්ගෙන් ඉගෙනගන්න. මැරුවේ බල්ලෙක් ගානටනේ. සදාම් කියන්නේ දරුණුම මහා එපා කරපුම පාලකයෙක්. පුංචි ළමයින්ව මරලා දැම්මා. බලෙන් අපචාර කළා. ජරාම පාලකයෙක්. නැද්ද හා....?

යන්න අකැමැතිම රටක්? මේ දවස්වල නම් සිම්බාබ්වෙට
මොකද කියනවා නම් මේ දවස්වල සිම්බාබ්වේ දේශපාලන තත්ත්වය ඇඟට ඒ තරම් ගුණදායක නැතිලු. දවස් දෙකතුන මිනිස්සු පෝලිම්වල හිටගෙන ඉන්නවලු. කෑම බීම එච්චරට හිඟවෙලාලු. මොනවා නැතත් කෑමබීම නැතුව ඉන්න පුළුවන්ද යුරේනිට? හිතන්නවත් බෑ ඒ ගැන. ඒකත් ඒකාධිපති පාලනයක් තියෙන රටක්. මුගාබේගේ හිතුවක්කාර පාලනයෙන් ඒ රටේ මිනිස්සු පුදුම තරම් දුකට පත් වෙලාලු. මං නම් ගිහින් එන්නවත් යන්න කැමැති නෑ.

අකැමැතිම භාෂාවක්? බොරු කියන්න බෑනේ දෙමළ නම් අහන් ඉන්න ආස නෑ?
ටික වෙලාවක් දිගට ඇහුණම කන රිදෙන්න ගන්නවා. මිහිරි නෑ. දෙමළ, තෙළිඟු, මලයාලම් ඒ ඔක්කොම එකට යන භාෂා. වැඩේ තියෙන්නේ අහන් ඉන්න අමාරුයි.

ඉස්කෝලෙ යන කාලේ අකැමැතිම විෂයක්? සයන්ස්... සයන්ස්
අම්මෝ මං ආස නෑ. සයන්ස් කිව්වමත් එපා වෙනවා. මං නම් පාඩම් කළේම නෑ. පොතක් අතින්වත් ඇල්ලුවේ නෑ. හැබැයි 'ඩී' එකකුත් තිබුණා මට. ආසනම් නෑ.

අකැමැතිම සින්දුවක්? කොළ කැඳ බී... පල්ලා බී... පල්ලා...
ඒ සින්දුව ගිය කාලේ මං ලංකාවේ හිටියේ නෑ. හොඳ වෙලාවට කොළ කැඳ බොමුද? බොමුද? රතු බත් කමුද? කමුද? කොළ කැඳ බී පල්ලා බී.... පල්ලා... රතු බත් කාපල්ලා... කාපල්ලා... කවුද ඒක කියන්නේ මෙලෝ රහක් නෑ. සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම සින්දුව වෙලා තිබුණෙත් ඒක. රටේ ලෝකෙ සම්මාන යන්නෙත් ඔය වගේ සින්දුවලටනේ ඉතින්.
පාවිච්චි කරන්න අකැමැතිම වාහනයක්? මරුටිය පොඩියි බටුයි.

හැරෙන්නවත් බෑ. ඉබ්බෙක් එක්ක යනවා වගේ. ඊට වඩා ඉක්මනට ෆුට් සයිකලයකින් යන්න පුළුවන්.
අකැමැතිම කැත පුරුද්දක්? අනුකම්පාව තමයි භූමිකම්පාව වෙන්නේ.

හපෝ ඉවසීමක් නෑනේ චුට්ටක්වත් මට. ඒ විතරක් නෙවෙයි පව් කියලා හිතෙනවා අනිත් අය ගැන හරියට. බෑ කියා ගන්න බැරි වෙනවා. ඒක ඉතා ඉක්මනින් නැති කරගන්න ඕන කැත පුරුද්දක්. මොකද ඒකෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්න බලනවා. සෑහෙන අවාසි වෙලා තියෙනවා මට ඔය කැත පුරුද්ද නිසා. කවුරු හරි මනුස්සයකුගේ හිත රිද්දන්න බැරිකමට දේවල් කරන්න ගිහින් සෑහෙන අමාරුවේ වැටිලා තියෙනවා මං.
අකැමැතිම දුරකතන ඇමැතුමක්? පින්තුර බලලාත් ආතල් ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.

මට ආව අන්තිම පහත්ම දුරකතන ඇමැතුම තමයි ඒ. සමාජේ කොච්චර පිරිහිලාද මිනිස්සු කොච්චර පහත්ද කියලා හිතුණා.
අකැමැතිම චිත්‍රපටයක්? චිරිස් බිරිස් ගාලා මිනිසුන්ගේ ඔළු කඩන චිත්‍රපට

එපධදඨ බභපද වගේ මිනිස්සුන්ගේ අත පය අඹරවන, චිරිස් බිරිස් ගාලා ඔළු කඩන චිත්‍රපට නම් එකක්වත් බලන්න කැමැති නෑ. අන්තිම දරුණුයි.
අකැමැතිම ක්‍රීඩාවක්? අම්මෝ ඒ කන්සෙෆ්ට් එකටවත් මං කැමැති නෑ.

රෙස්ලින් සාහසික විදියට ඇඟවල් කඩන ඒවා බලන්න මං ආස නෑ. අනිත් අතට ඒක සමාජෙට හොඳ ආදර්ශයක් දෙන ක්‍රීඩාවක් නෙවෙයි. ඒ කන්සෙෆ්ට් එකටවත් කැමති නෑ. විනෝදාත්මකයි. ඒත් හොඳ ක්‍රීඩාවක් නම් නෙවෙයි.
කියවන්න අකැමැතිම පොතක්? ලව් ස්ටෝරිස් නම් බෝරිං?

වැඩිපුර කියවන්නේ ඉංග්‍රීසි පොත්. නවල් නම් ආස නෑ. ඒකෙත් ලව් ස්ටෝරිස් නම් ආසම නෑ. එක්කෝ කොල්ලා පොහොසත් කෙල්ල දුප්පත් නැත්නම් ඒකෙ අනිත් පැත්ත.
කොල්ලෙකුගේ දකින්න අකැමැතිම ගතිගුණයක්? බොරු ඕන නෑනේ.
මං ආස නෑ බොරු කියන කොල්ලන්ට. කොල්ලෙක් වුණාම ඨඥදභඪදඥ වෙන්න ඕන.

සුභාෂිණී ගුණරත්න
ඡායා - අසන්ත ගමආරච්චි
http://www.mawbima.lk/ct-admin/images/news/55601_1.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය