Powered by Blogger.


සිංහල අලුත් අවුරුදු දා (14 වැනිදා) පස්‌වරුවේ පොලොන්නරුව, හල්පොත ප්‍රදේශයේ පිහිටි නිවසක්‌ ගින්නක්‌ හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ගොස්‌ ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ මෙහෙයවන පුලස්‌තිපුර පොලිසිය සඳහන් කළේ වැඩිහිටියන් නිවසේ නොමැති අවස්‌ථාවක කුඩා දරුවකු විසින් දල්වන ලද නිලා කූරකින් පොල්අතු වහලය ගිනිගෙන තිබෙන බවයි.

ගින්න හේතුවෙන් එම නිවසේ තිබූ බඩු බාහිරාදිය සියල්ල විනාශයට පත් වී ඇති අතර, නිවැසියන්ට ඉතිරි වී ඇත්තේ ඔවුන්ගේ ඇඳිවත පමණි.

පුලස්‌තිපුර පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක විපුල බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය