Powered by Blogger.

ඉන්දියාව අතිශය සම්ප‍්‍රදායික සංස්කෘතියක් ඇති රටක් වගේම සම්ප‍්‍රදායන් සිඳ බිඳ දමන රටක්. නීතියත් විටෙක ක‍්‍රියා කරන්නේ වෙනස්ම ආකරයේ තීන්දු තිරණෙ දෙමින් . ඉන්දියාවේ මෑතකදි ඵෙතිහාසික තීන්දුවකුත් දුන්නා තෙවන ලිංගික පාර්ශවයන් සිටින බව නීතියෙන් පිළිගන්න බවත්, ඔවුන්ට සාමාන්‍ය මිනිසුන් මෙන්ම රැකියා කිරීමට, අධ්‍යාපනය ලැබීමට ,දේශපාලනය කිරීමට අයිතිවාසිකම් තිබෙනව බව. ඉන්දියාව කොතරම් සම්ප‍්‍රදායික වුනත් ඒ රටේ පීඩිත ජනතාව තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් වීදී සටන් කර තම අයිතිවාසිකම් දිනාගන්නවා. අපේ රටේ තුන්වැනි ලිංගිකත්වයක් ඇති මිනිසුන්ට එම අයිතිවාසිකම් නිතියෙන් ලබන්න සටන් කරන්න දෙයක් නැහැ . බොහෝ අය තමන් ට සුදුසු,නියමිත, හැකි වෘත්තීන් හි නිරත වනවා. නමුත් ඔවුන් තමන් කව්ද යන්න සමාජයෙන් වසංකරගෙන ඉන්නෙ. සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට ඔවුන්ට සමාජයේ යම් යම් සීමාවන් පැනවී ඇති නිසා . ඔවුන්ව සාමාන්‍ය මිනිසුන් ලෙස පිළිගන්නට ඉඩක් සළසා දී නැති නිසා.
 මේ කියන්නෙත් ඉන්දියාවේ අපූරු දෙයක් ගැන. විවාහයකදි මනාලිය තනියම මධු සමය ගත කරන්න පිටත්ව ගිය එක තරමක අළුත් දෙයක්.මෙය සිදුව තිබෙන්නෙත් ප‍්‍රසිද්ධ රංගන ශිල්පිණියකට . ඒ කංගනා. ඇය තරමක් ආන්දෝලනාත්මක චර්ත මවන්නියක් සිනමාවේදීත්. ඇය යහලූ ව සිටි පෙම්වතා විවාහ වන්නට දින දෙකක් තිබියදී ඇයව අත හැර ගිහින්. මේ නිසා සම්ප‍්‍රදායික විවාහයක් ගන්නට සිටි කන්ගනා තනවම මංගල චරිත‍්‍ර කරලා අපූරු ගමනක් ගිහින් තියෙනවා. ඒ තමයි තම පෙම්වතා සමග විවාහයෙන් පසු මධු සමය ගත කරන්න සිටි නගරවල රටවල් වල තනිව සංචාරය කිරීම ඇරඹීම.කංගනා මේ ගමන් ගියේ තනිවම. ඇය ජීවිතය වින්දා, සමාජයේ විවිධ අත්දැකීම් වලට මුුන දුන්නා.
මේ සියල්ල අවසානයේ සිනමාවට නිර්මාණශීලී සිනමා පටයක් ලෙස ප‍්‍රදර්ශණය කෙරුණා. කංගනාගේ සැබෑ ජීවිතයේ අත්දැකීමක් නොවුනත් මේ ආකාරයේ බලාපොරොත්තු සුවහසක් තබා සිටි තරුණයන්ට මේ වැනි සිදුවීම් නොවනා යැයි පැවසිය හැකිද? කන්ගනා රගපෑ මේQueen චිත‍්‍රපටය අඩු වියදමින් නිර්මාණය කළ දින 40කින් රූ ගත කළ ඉන්දියාවේ ජනප‍්‍රිය බොලිවුඞ් මසාල සිනමා නිර්මාණයක් නොවුනට Queen මේ වනවිට මධුරි සහ ජූහි රගපෑ 'ගුලාබ් ගැන්ග්'සිනමා පටය අභිබවමින් බොක්ස් ඔෆීස් වාර්ථා තබමින් ඉන්දියාවේ ප‍්‍රදර්ශණය වනවා.
ශාරුක් ඛාන් හෝ ජනප‍්‍රිය නිළියන් නළුවන් නැති ජනප‍්‍රිය සිනමා අධ්‍යක්‍ෂවරයෙක් ද නොවන' විකාස් බාල් 'නම් අධ්‍යක්‍ෂවරයෙකු විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ, කන්ගනා සමග රාජ් කුමාර් රාධි නම් රංගන ශිිල්පියෙකු රගපෑ Queen චිත‍්‍රපටය වර්තමාන ඉන්දීය තරුණ තරුණියන් ආකර්ශණය කරගන්නට සමත්වෙලා තිබෙනවා.
ලංකාවේ 'සිරි දළදාගමනය' වැනි විකාර කොට සිනමා ශාලා ධර්මශාලා කරන යුගයක තමා ජීවත්වන සමාජය යුගය තේරුම් ගෙන යථාර්ථය තේරුම් ගෙන සිනමා නිර්මාණ නොකරන රටක ට මෙවැනි අඩු වියදමින් නිර්මාණ ශීීලීව ඉදිරි පත් කළ හැකි ප‍්‍රශ්ථුත කොතරම් තිබෙනවාද? අපේ සිනමාවට ප‍්‍රවිශ්ට වන තරුණ සිනමාකරුවන් ද සිනමාව යනුවෙන් මෙරට පේ‍්‍රක්‍ෂකයන් කේන්ද්‍ර කරගනිමින් සිනමා නිර්මාණ කරණවාට වඩා අද වනවිට දකින්නට ඇත්තේ විමුක්තිලාගේ පසු පසින් ජාත්‍යන්තර සිනමාව වෙත ගොස් සම්මාන ගන්නට පමණක් සිනමා නිර්මාණ කරන තරුණ පරම්පරාවකි.
ලංකාවට සිනමා කර්මාන්තයක් නැත. තනිපුද්ගලයන්ගේ අවශ්‍ය තා මත නිර්මාණය වන සිනමා නිර්මාණ මේ ආකාරයේ ජාත්‍යන්තර සිනමා උළෙල ඉලක්ක කර නිර්මාණය කිරීමට පෙළඹෙන්නේ මෙරට සිනමාවෙහි ඇති අතිවිශාල අර්භූදය නිසාය. අපේ රටේ සිනමාවේ ඇත්තේ අතීතයක් පමණි. වර්තමානයත් අනාගතයක් නැත. මේ නිසා මේ තරුණ සිනමාකරුවන් මේ ආකාරයෙන් දූපත අමතක කොට සිනමා නිර්මාණ කිරීම පිළිබඳව දොස්කීමට ද නොහැක. නමුත් අප උත්සාහ කළයුත්තේ මේ පවතින් ක‍්‍රමය වෙනස් කිරීම විනා මේ තත්ත්වය මග හැර ඉන් පිටතට දිවීම නොවේ.
මෙරට සිනමා පේ‍්‍රක්‍ෂකයන් නැතැයි කෙනෙකුට තර්ක කළ හැක. ඇත්ත වශයෙන්ම අද නරඹන්නෙක් මිසක් රසවිඳින්නෙක් නැති තරම්ය. ඒ නිසාම අරුණ ජයවර්ධනලාගේ සිනමා නිර්මාණ සිනමාශාලා හිමියෝ ඉතා ඉක්මණින් තම සිනාමශාලාවළින් ගලවා වැඩකට නැති සිනමා නිර්මාණ පෙන්වා ලාභ උපයති.
මේ වැඩකට නැති මසාලා වළට යාබද ඉන්දියාව පිළිතුරු දෙන්නේ කටින් හෝ විචාර වලින් නොව නර්මාණ වළිනි. එයට උදාහරණ ඕනෑ තරම්ය. මේ වනවිට කන්ගනා රගපානQueen නිර්මාණය මධුරි රගපෑ මසාලාව අභබවමින් තිරගත වන්නේ ඒ නිසාය.
අප ට 70 දශකයක සිනමාවක් යළිත් ගොඩ නගන්නට හැකිවන්නේ මේ රටේ වෙසෙන මිනිසුන් මේ සමාජ, ආර්ථිික, දේශපාලනික ඒකාධිකාරයේ ආශ්චර්යෙන් ගොඩ නැගෙන අධිවේගි මාර්ග නැරඹීමෙන්, උයන් වතු නැරඹිමෙන්, ගුවන්තොටුපොළ නැරඹීමෙන්, නැව් තටක නැරඹීමෙන්, කිරිවෙහෙරේ කිරි එරීම වැනි ආශ්චර්ය නැරඹීමෙන්, විවිධ සංවිධාන විසින් වරින් වර පවත්වන සංදර්ශණ නැරඹීමෙන් , චන්ඞීන් රගන නාටක නැරඹීමෙන්, කලාකරුවන් නිදහස් චතුරශ‍්‍රයේ පහන් දල්වා සත්‍යග‍්‍රහ පැවැත්වීඹ ඉවර කිරීමෙන්, අරලිය ගහ මන්දිරයේ දන් වැළඳීම අත්හැරීමෙන්  සහ යුද්ධය දිනාගත්තාය යන මානසික මායාවෙන් මිදී සිහි කල්පනාව නිසි ලෙස පැමිණිය පසුය.
එතෙක් කිරීමට ඇත්තේ සිරිදළදාගමනය, අනගාරික ධර්මපාල, කුවේනී ඇතුළු රාජ්‍ය අනුග‍්‍රහය ලබන සිනමාවක ට ඕහේ යන්නට හැර සාධු නාද දෙමින් ධර්මාශාලා වෙතට ගොස් පින් දහම් කිරීම ය .
මේ වෙනස් කිරීම කළ හැක්කේ සිනමාශාලා හිමියන්ටවත්, දේශපාලන ඒකාධිකාරීන්ටවත්, කඬේයන කලාකරුවන්ටවත් නොව මේ රටේ පොදු ජන පේ‍්‍රක්‍ෂකයන්ට බව ඔවුන් අවෝධ කොට ගත යුතුය. කරුමෙක මහත මේ ජනතාව මේ බව නෙතේරුණා සේ සිටීමය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය