Powered by Blogger.

කොළඹ ජනපති මැදුරේ සුරතලයට ඇති දැඩි කරමින් සිටියදී පසුගියදා (15) ඉගිලී ගිය ගිරවුන් 4 දෙනාම සොයා ගැනීමට හැකි වූ බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා ඊයේ (18) දිනමිණ ට ප්‍රකාශ කළේය.
මෙම ගිරවුන් සිවු දෙනාගෙන් එක් අයකු කොම්පඤ්ඤ වීදිය ආරක්ෂක විද්‍යාලය අසල ගසක වසා සිටිය දී අල්ලාගත් අතර දෙදෙනකු මෝදර ප්‍රදේශයෙන් ද අනෙක් ගිරවා ඊයේ (18) කොටහේන පදිංචි බෙස්කි ප්‍රනාන්දු නැමැති පුද්ගලයකු අල්ලා කොටහේන පොලිසියට භාර දී ඇත.
මෙම ගිරවුන් සිවුදෙනාම ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් නැති වූ ගිරවුන් සොයා ගැනීම සඳහා ප්‍රචාරය ලබාදුන් මාධ්‍යයටත් මහජනතාවටත් සිය කෘතවේදීත්වය පළකරන බව විජයානන්ද හේරත් මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය