Powered by Blogger.

තසිය 5 හැවිරිදි දියණියට වස පොවා මවද වස පානය කිරීමේ පුවතක් හපුතලේ මාගිරිවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. වස ශරීරගත වූ මවත්, දියණියත් දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ. 43 හැවිරිදි මේ මවගේ සැමියා විදේශ රටක සේවය කරන බවත්, පවුලේ උදවිය සමඟ ඇතිවූ ආරවුලක් මත මව සිඟිති දැරියට වස පොවා ඇයද වස බී ඇති බවත් පොලිස් උසස් නිලධාරියෙක් ‘මව්බිම’ට කීඩ.හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.



මුහුණම වැහෙන හෙල්මට් තහනම අත ළඟයි
 සම්පූර්ණ මුහුණු ආවරණ’ සහිත හෙල්මට් පැලැඳ සිදු කෙරෙන කොල්ලකෑම් ඉහළ ගොස් ඇති නිසා එම හෙල්මට් තහනම් කිරීම පිළිබඳව පවතින නීතිය යළි ක්‍රියාත්මක කිරීම කෙරෙහි පොලිසියේ අවධානය යොමුවී තිබේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි. ඒ පිළිබඳව කඩිනම් සමීක්ෂණයක් පැවැත්වීමටත්, එවැනි හෙල්මට් පැලැඳගෙන යන යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් රහසිගතව සෙවිල්ලෙන් සිටීමටත් සිවිල් ඇඳුමින් සැරැසුණු පොලිස් නිලධාරීන් යෙදවීමේ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැලැඳි කොල්ලකරුවන් විසින් පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිට මේ දක්වා කොල්ලකෑම් 14ක් සිදුකොට ඇති අතර එයින් මෙතෙක් විසඳීමට හැකිවී ඇත්තේ කොල්ලකෑම් දෙකක් පමණක් බවද ඔහු සඳහන් කෙළේය. තවත් එවැනි අන්දමේ කොල්ලකෑම් 11ක් විසඳීමට ඇති බවද ඔහු සඳහන් කළේය.

කිරුළපන බැංකු කොල්ලය ව්‍යර්ථ කළ ආරක්ෂක නිලධාරියාව යම් ඇගැයීමකට ලක් කරන්නේනම් ඒ සඳහා පොලිසියේ සහාය ලබා දීමට සූදානමින් සිටින බව ඔහු මෙහිදී අනාවරණය කළේය.  

හිරගෙදර පාරේදී හිරගෙදර යන්න සෙට් වෙයි 
ගාල්ල හිරගෙදර පාරේදී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

හිරගෙදර මාර්ගයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි මෙම පුද්ගලයා පිළිබඳව ගාල්ල පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ඇතිවූ සැකකයක් මත පරික්ෂාවට ලක් කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගෙන ඇත.

සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාල්ල පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය