Powered by Blogger.


Shampeanමීරිගම, පල්ලේවෙල මිහිඳුමාවත ප‍්‍රදේශයේ නිවසක රාත‍්‍රීයේ පැවති සාදයක දී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 02 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි. මත්පැන් පානය කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති බව පැවසේ. මොවුන් පානය කර ඇත්තේ ෂැන්ෆේන් වර්ගයක් බවද එය ප්‍රංශයේනිෂ්පාදනයක් බවද තොරතුරු හෙළිව තිබේ. මිය ගිය දෙදෙනාගෙන් එක් අයෙක් තැපැල් හුවමාරු ඒකකයේ පුද්ගලයෙකු වන අතර ඔහුට එතෙර සිටින මිතුරෙකුගෙන් අදාල ප්‍රංශ ෂැන්පේන් බෝතලය ලැබී තිබේ. ඊයේ හවස ඔහු එයද රැගෙන මිතුරෙකුගේ ගෙදරට ගොස් තවත් දෙදෙනෙකු හා එක්ව එය පානය කොට තිබේ. මත්පැන් විෂ වීමෙන් මිතුරාද මියගොස් ඇති අතර අසාධ්‍ය දෙදෙනා පොලිස් නිලධාරීන් බව වාර්තා වෙයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය