Powered by Blogger.


Bulathඅනුරාධපුර පැරණි නගරයේ පිහිටි පොදු වෙළද සැලේ ඉරිදා (20) බුලත් මිල සීග්‍රයෙන් ඉහල ගොස් තිබුණි හොද තත්වයේ බුලත් කොළ 100ක් අලෙවි වූයේ රුපියල් 500-600ත් අතර මුදලකටය.

අලුත් අවුරුද්දේ නිමාවත් සමග සීග්‍රයෙන් බුලත් මිල ඉහල ගිය අතර හොදින් වැඩුණු බුලත් කොලයක තොග මිල රුපියල් 5.00-6.00 ත්අතර විය. අනුරාධපුර නගරයෙන් පිටත වෙළදසැල්වල හොදින් වැඩුණු බුලත් කොලයක් රුපියල් 6.50-7.00 ත් අතරට අලෙවි විය.
අලුත් අවුරුදු පැවැති දින කිපයේ දී බුලත් කොළ 100 ක මිල රුපියල් 300-350 ත් අතර මිලට පැවැති අතර පසුගිය දින දෙකෙහි සීග්‍ර යෙන් බුලත් මිල ඉහල ගියේය. අවුරුදු නිමාවීමත් සමග බුලත් තොග ලැබීම සීග්‍රයෙන් අඩුවීම නිසා මෙසේ මිල ඉහල ගිය බව වෙළෙන්දන් පැවසූහ.
පසුගිය වසර කිහිපයේදීවත් හොදම තත්වයේ බුලත් 100 ක මිල මෙතරම් ඉහළ නොගිය බව වෙළෙන්දන් පැවසූ අතර බුලත් මිල කොතරම් ඉහළ ගියත් අලෙවියේ අඩුවක් නොමැති බව වෙළෙන්දන් පැවසූහ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය