Powered by Blogger.


ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ‍පෝල් ෆාබ්‍රේස් සිය තනතුරින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේන බව පැවසේ.ලිඛිතව ඒ බැව් දන්වා තිබේ. අනතුරුව ඒ මහතා එංගලන්ත සහය පුහුණුකරු තනතුර භාර ගැනීමට සූදානමින් සිටින බවට වාර්තා වෙයි.
ඉකුත් විස්සයි විස්ස ලෝක ක්‍රිකට් තරගාවලියෙන් පසුව එංගලන්තයට ගිය ෆාබ්‍රේස්මහතා එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකාර ධුරය භාර ගැනීමටසූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සෙනසුරාදා  නිවේදනය කළේ, එංගලන්ත සහාය පුහුණුකරු ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් ෆාබ්‍රේස්මහතා තමන් සමග අදහස් හුවමාරු කර නොගත් බව ය.
කෙසේවෙතත් ෆාබ්‍රේස් මහතාට සහාය පුහුණුකරු ධුරය ලබා දීම සඳහා උනන්දුවෙන් සිටින බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ට පැවසූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදන‍යේ දැක්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය