Powered by Blogger.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සේරුවිල චෛත්‍යයේ පාදම හාරා සිදුකර ඇති නවීකරණ කටයුතු පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නීරික්ෂණයන් තවදුරටත් විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මූතූර් මහේස්ත්‍රාත් අබ්දූල් පයාස් රසාක් සේරුනුවර පොලිසියට පෙරේදා (31) නියෝග කළේය.
පාදම හාරා නවිකරණයන් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් සේරුනුවර පොලිස් ස්ථානාධිපති පාදම හාරා ඇති සේරුවිල චෛත්‍ය ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතා අධිකරණය වෙත ඉදිරිපත්කළ වාර්තාව සලකා බලා මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය නිකුත් කෙරිණි.
මේ සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිස් ස්ථානාධිපති වරයා බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය