Powered by Blogger.

ගම්පහ නගරය ආසන්නයෙන් ගලා බසින අත්තනගලු ඔයේ බදාදා (02) අලුයම සිට මසුන් මිය යාමට පටන්ගෙන තිබේ. ගම්පහ උද්භිද උද්‍යානය පිටුපස ඇනිකට් එක ආසන්නයේ අස්ගිරිය ප‍්‍රදේශයේ විශාල වශයෙන් මසුන් ජලයෙන් උඩට පැමිණ වාතය ලබාගන්නා අයුරු දැක ප‍්‍රදේශවාසීන් ගම්පහ පොලිසියට හා මහජනසෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දැනුම් දී තිබේ.
ඇතැම් මාලුන් අඩි හතරක් පහක් දිග බවත්,තනියම උස්සන්නට බැරි තරමේ මාලු ඒ අතර වූ බවත් සමහරුන් පැමිණ එවැනි මාලු අල්ලගෙන ගිය බවත් ප්‍රදේශවාසීහු කීය. ජලයේ කිසියම් විෂක් අන්තර්ගතව ඇතැයි සැක පහළ කරන ප්‍රදේශවාසීන් තවදුරටත් පවසන්නේ කර්මාන්ත ශාලාවකින් බැහැර කළ විසක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවන්නට ඇති බවය.
‘අපි ජල සාමිපල් ලබාගත්තා ඒවා පරීක්‍ෂණ වලට යවලා තියෙන්නේ. වාර්ථාව එනකන් නිගමනයකට එන්න බෑ. කොහොම වෙතත් මේ මසුන් ආහාරයට ගන්න එපා කියලා අපි ජනතාවට කීවා. නමුත් සංවිධානාත්මක පිරිස් මේ මසුන් අල්ලා විකිනීමට උත්සහා කරාවි’ගම්පහ සහකාර වෛද්‍ය නිලධාරී ආර්. ආර් රාජපක්‍ෂ මහතා පැවසීය.

Death-Fish2Death-Fish3

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය