Powered by Blogger.

ඉන්දියාවේ බැංගලෝර් බලා නීති විරෝධීව රත්‍රං රැගෙන ගමන් කිරීමටඋත්සහ කල පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් රත්‍රං කැබලි 02ක් සහ අඩක් නිම කළ රන් ආභරණ 04ක් සමග අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිනී මහතා සඳහන් කළේය.

මෙම රත්‍රං වල බර ග්‍රෑම් 944ක් වන අතර එහි වටිනාකම රුපියල් හතලිස් හත් ලක්ෂ 20,000 ක් පමණ වන බව රේගුව පවසයි.

සැකකරුවන්ට රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදාහැර තිබේ.

එළුවන් ගේන්න ගොස් අකුණක් අරන් යයි
 මුරුක්කන් ප්‍රදේශයේ වෙල් යායකදී අකුණු සැරයකට ගොදුරු වූ කාන්තාවක් ජිවිතක්ෂයට පත්වී තිබේ.

තම එළුවන් රෑන රැගෙන එම සඳහා වෙල් යායට ගිය අවස්ථාවේදී කාන්තාව මෙලෙස අකුණකට ගොදුරුවී ඇ=ත.
මරණකාරිය 55ස හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාරියකි.

මේ දිනවල පවතින අධික වර්ෂාව සමග අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින් මහජනතාව එම අනතුරු වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

ටොනේඩෝවකින් නිවාස 7ක් විනාශයි
 මැදිරිගිරිය සෙනරත්පුර ගම්මානය හරහා හමාගිය සුලිසුලඟක් හේතුවෙන් නිවාස හතකට හානි සිදු වී ඇත.දහවල් 2.30ට පමණ සිදුව ඇති මෙම සිදු වීමත් සමඟ ප්‍රදේශයට අධික වැසි ඇඳහැළුණු බව ප්‍රදේශවාසීන් පවසයි.

මැදිරිගිරිය සෙනරත්පුර ප්‍රදේශය හරහා හමාගිය මෙම සුළි සුළඟ සුළු ටොනේඩෝ තත්වයක් බව පවසන මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් නිශ්ෂංක ආරච්චි මහතා මෙම සුළං තත්වය හමුවේ නිවාස හාණි සිදු වූ පුද්ගලයින් සඳහා ආධාර ලබාදීමට කටයුතු කරන බව පැවසිය.

විදුලි පහන් කණුවේ මරුවා 
ඉස්සන් කොටුවක විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කල අයෙකු විදුලි පහනක් අළුත්වැඩියා කිරීමට යාමේදී එම පහන් කණුවෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත්වී තිබේ.

වනාතවිල්ලුව, ස්මයිල්පුර ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇති අතර මරණ කරු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුදගලයෙකි.

යටියන්තොට අවි කම්හලක් 
යටියන්තොට, කඹුලුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනි නිපදවන ස්ථානයක් පොලිසිය විසින් වටලා සැකකරුවෙක් සමග ගිනි අවි අවි සහ අමතර කොටස් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.

පැසසුම් වැඩපලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ගිනි අවි නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී බෝර 12 තුවක්කු 3ක් ,ජීව උණ්ඩ 3ක්, බෝර 12 මැෂින් කොටස් 2, බොර 12 තුවක්කු බට, වායු රයිපල් කොටස් සහ යකඩ බට තොගයක් මෙහිදී අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය