Powered by Blogger.



 සපුගස්කන්ද මහා විද්‍යාලයයේ උසස් පෙළ වාණිජ විෂයන් හදාරන කේ ඒ උත්පලා මධුභාෂිණි(18) වන තම දියනියගේ දකුණු පාදය වම් පාදයට වඩා අගල් හතක් කොටට පිහිටා ඇතැයි ද එය සැත්කමකින් නිවැරදි කිරීමට සැත්කම් ගාස්තු වශයෙන් පමණක් රුපියල් අටලක්ෂයක් පමණ වැය වෙතියි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා කියයි.

ඇයට අස්ථි බද්ධයක් කළ යුතු බවත් පාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස එකොළහක් පමණ රෝහලේ නතර වී සිටිය යුතු බවත් වෛද්‍යවරු කියති.

තවත් දරුවන් දෙදෙනකුගේ වැඩ කටයුතු කිරීමට ද  ඇති හෙයින් පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කරන තමාට මෙපමණ මුදලක් සොයා ගැනීම ඉතා අමාරු බව දැරියගේ පියා වන කේ ඒ අජිත් නිශාන්ත මහතා කියයි.ඔහුගේ බිරියට ද රැකියාවක් නැත.

පරිත්‍යාගශිලීන්ගේ උදව් පැතීම හැර තම දියණිය සුවපත් කැර ගැනීමට අන් මඟක් නැතැයි ඔහුද ඔහුගේ බිරිය ද කියති.

දියණිය සුවපත් කැර ගැනීම සඳහා උදව් කරන ලෙස ඔවුහු ආයාචනය කරති. සම්පත් බැංකුවේ මාකොළ ශාඛාවේ කේ ඒ අජිත් නිශාන්ත නමින් 120754464179  ගිණුමක් විවෘත කැර ඇත.වැඩි විස්තර පහත දුරකතන අංකයන්ගෙන් විමසිය හැකිය.011-5725528 /072-3404050 මේ ඔවුන්ගේ ලිපිනයයි : කේ ඒ අජිත් නිශාන්ත,583/5, සඟබෝ මාවත,මාකොළ උතුර ,මාකොළ

 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය