Powered by Blogger.

ගෝල්ඞ් ෆිෂ් මත්සයකු වීදුරුවක් තුළ පීනමින් සිටියදී පානය කරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ බි‍්‍රතාන්‍ය තරුණයකු අත්අඩංගුවට ගෙන එරට අධිකරණය මගින් පවුම් 300ක දඩ මුදලක් නියම කර තිබේ.
22 හැවිරිදි තරුණයකු වන ගෙවින් හෝප් මෙලෙස දඬුවම් ලැබූ තරුණයායි. ඔහු බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවට ඉංජිනේරුවරයකු ලෙස අලූතින් බඳවාගැනුණු පුද්ගලයෙකි.
ගෙවින් හෝප් විසින් සකස් කරන ලද අමුතු පානයක් වූ මත්ස්‍ය ආහාර, බිත්තර මුසු කරන ලද ඇල්කොහොල් වීදුරුවක් පානය කරන අයුරුද අදාළ වීඩියෝවේ දක්වා තිබේ. ජලය තරමක් පිරවූ ඇතුළත පෙනෙන වීදුරුවක පීනන ගෝල්ඞ් ෆිෂ් මත්සයා සමඟ එය කුස තුළට දමාගන්නා හෝප්ගේ අමානුෂික සහ පිළිකුල්සහගත ක‍්‍රියාව පිළිබඳ මහත් සේ විවේචනයට ලක්ව ඇත. හෝප් එය සිදුකරන ලද්දේ සිය ෆේස්බුක් ගිණුමේ මිතුරකු කරන ලද ඔට්ටුවක් ජයගැනිමටයි. එ් සිය මිතුරකු විසින් ‘මාළුවෙක් පණපිටින් බීලා පෙන්නනකම් උඹ නියම මිනිහෙක් නෙවෙයි’ යනුවෙන් ෆේස්බුක්හි දැමු ප‍්‍රකාශයට පිළිතුරු ලෙසයි.
ඔහු ගෝල්ඞ් ෆිෂ් මත්සයකු පානය කරන වීඩියෝව පිළිබඳ උත්සුක වූ බි‍්‍රතාන්‍ය සත්ව සුබසාධන පුණ්‍යායතනයක් මගින් ඔහුට එරෙහිව කරන ලද පැමිණිල්ලක ප‍්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට ගැනිණ.
සතුන් කෲරත්වයට පත්කිරීමේ චෝදනාව මත ගෙවින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, පවුම් 300ක දඩ මුදලට අමතරව පවුම් 30ක් වරදට හසුවූ මත්සයාට ගෙවිය යුතු මුදල ලෙස ද පවුම් 431.17ක් අධිකරණ ගාස්තු ලෙස ද ගෙවීමට අධිකරණය නියෝග කර තිබිණ.
මෙම වරදට දඬුවම් ලැබීම හේතුවෙන් ගෙවින් හෝප් හමුදා සේවය අපකීර්තියට ලක්වන පරිදි හැසිරීම නිසා විනය ගැටලූ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍ය හමුදාව කටයුතු කරනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලදාරියකු පවසා තිබිණ.
Gavin Hope and the goldfish Neknomination which lead to him to being brought before Gateshead Magistrates Court
Gavin Hope and the goldfish Neknomination which lead to him to being brought before Gateshead Magistrates Court

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය