Powered by Blogger.

බොරැල්ල රජයේ වෛද්‍ය පර්යේෂණායතනයේ

ජ්‍යෙෂ්ඨ තාක්ෂණ විද්‍යාඥ
කීර්ති වික්‍රමරත්න
තෙල් සහිත කැවුම් අතිරස, මුංකැවුම්, දොදොල්, විවිධ පැණි රස කෑම වර්ග මෙන් ම ලුණු වැඩි ආහාර ද අච්චාරු වර්ග ද මේ අවුරුදු සමයේ හැමෝම වගේ ආහාරයට ගනිති. නෑ හිතවතුන්ගෙන් අවුරුදු කෑමට ලැබෙන ආරාධනා මේ මාසය පුරාම ලැබේවි.
වයස්ගත අයට පමණක් නොව තරුණ අයට පවා දියවැඩියාව, කොලෙස්ටරෝල් අධිකව පවතියි. ‍‍
මහලු අය පමණක් නොව තරුණ අය ද මේ අවුරුදු සමයේ පාලනයකින් තොර ආහාර තමන්ගේ ලෙඩට හොඳ නැති අහිතකර ආහාර ගැනීම තුළ මෙකී රෝගයන් වැඩි වී වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගොස් ලේ මුත්‍රා පරීක්ෂණ හා රසායනාගාර පරීක්ෂණවලට මුහුණ දෙන්නේ අවුරුදු කෑමෙන් පසු කාපු බීපු දේ පවා මතක් කරමිනි.
දියවැඩියාව හා කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය තියෙන අයද ඖෂධවලට මුල්තැන දී ඒවා පාවිච්චි කොට එම රෝග පාලනය කර ගන්නවා විනා කෑමට රුචි වී අවුරුද්ද සමරන්නට යාමෙන් සිදු වන්නේ ඉදිරි කාලය විඳවන්නටය.
ඉහත රෝග තත්ත්වයන් තිබෙන අයට වෛද්‍යවරයා පරීක්ෂණ නියම කර තිබේ නම් මේ දවස්වල අවුරුදු උත්සව ඉවරයක් නෑ. පාටි තියෙනවා. නොගියොත් තරහ වෙනවා ඒ නිසා මේ පරීක්ෂණ තව සතියක් දෙකක් ගියාට පස්සේ නැතිනම් මැයි මාසයේදීම සිදු කර ගන්නවා කියා කල් දැමීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ.
විශේෂයෙන්ම අවුරුදු ගමන්බිමන් යන විටත් රුධිරයේ සීනි, කොලෙස්ටරෝල්, රුධිර පීඩනය පාලනය කිරීමට වෛද්‍යවරයා ඖෂධ ලබා දී තිබෙනවා නම් එම ඖෂධ ළඟ තබාගෙන යාමටත් අමතක නොකරන්න. අවුරුදු කෑමකට සාදයකට ගියත් ආහාරයෙන් පසු හෝ පෙර නියම කර ඇති ඖෂධ ගැනීමටත් අමතක කරන්න එපා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය