Powered by Blogger.


Kidneyඉන්දියාව හා ලංකාව අතර මහා පරිමාණයේ වකුගඩු ජාවාරමක් ක්‍රියාත්මක බවත් පසුගිය කාලයේදී අන්ද්‍රා ප්‍රදේශ් හි සිට පුද්ගලයින් 21 දෙනෙක් වකුගඩු අලෙවි කිරීමට ලංකාවට පැමිණ ඇති බවත් ඉන්දීය ‍පොලීසිය පවසයි. වකුගඩුවක් රුපියල් ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා මිල ගණන්වලට අලෙවි කර ඇති බවත්
ඉන්දීය ‍පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
වකුගඩු අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් මෙම මුදල ලබා ගත්තද වකුගඩුව ලබාදෙන පුද්ගලයින්ට ලබාදී ඇත්තේ ලක්ෂ 5ත් 15ත් අතර මුදලක් පමණක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවන් හි දැක්වේ. වකුගඩුවක් අලෙවි කිරීම සඳහා ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ජාවාරමට ලංකාවේ වෛද්‍යවරයෙක්ද සම්බන්ධ බව සැකකරුවන් පවසා ඇත.
මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් ඉන්දියාවේ පුනේ, මුම්බායි, අහමාබාද්, හයිද්‍රාබාද්, තරු යන ප්‍රදේශවල සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය