Powered by Blogger.

හුදකලා වූ විට නිහඬව සිටියද කිහිප දෙනෙක් එක්වූ මොහොතේ කිසිදු විටෙක නිහඬව නොසිටින හිටිවන කවීන් කවි රසය මතු කරනුයේ නිරායාසයෙනි.
ඇරයුමක් ඇතිව හෝ නැතිව රැස්ව සිටින්නන් කුල්මත් කරන කවීහු සිය නිසග කුසලතාවය අනුන් හමුවේ ප්‍රදර්ශනය කරමින් සෙසු කවීන්ගේද උපන් හපන්කම් මතුකර ගනුයේ අපූරු ආකාරයටය.
බොහෝ අවස්ථාවල කවිමඩු මෙන්ම කවීන් එක්වූ අවස්ථාවල කවීන්ට කවියෙන් කරන අභියෝග අසන්නට ලැබෙයි. එවන් අවස්ථාවල කැත්තට ‍පොල්ලෙන් ගසන්නාක් මෙන් නැගී සිටින අතිදක්ෂ කවීන් අභියෝග භාර ගන්නා ආකාරය සිත් බැඳගන්නා සුලුය. එය මඟුල් ගෙදරකි. පැවැතියේ දකුණු පළාතේ පිටිසරබද පෙදෙසකය. කවීන් හත් අට දෙනෙක් එක්ව සිටි මේ මොහොතේ අඩුවකට තිබුණේ කවි පමණි.
විදුලි බුබුලක් එල්ලා මිදු‍ලේ කොස්ගස් සෙවණ ආලෝකවත් කර තිබුණු අතර හිස්ව තිබූ පුටු ටික රැස්ව හුන් කවීන්ගෙන් පිරුණේ හිටි අඩියේය. වීනස් දෙවිදුවක් මෙන් හිඳගෙන සිටි මනාලිය දුටු කවියෙක් තවත් කවියකුට ඇරියුම් කර සිටියේ පුළුවන්නම් මනමාලියට කවියක් කියන ලෙසය. මධුවිත්  අමාරසයක් කරගෙන සිටි කවියා පැකිළීමකින් තොරව නැගී සිටියේය. බලන්න ඔහු මුවින් මතුවුණු කවියක අරුම.
රූපය අලංකාරය හැඩය නැත නිමී
සනසන ගුණය ඇත හැමදාම තම හිමී
සහතික ඇත්ත දුන්නොත් ගෙදර ගෙනියමී
සරතැස නිමා වන තුරු සිසිල විඳගමී

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය