Powered by Blogger.

අද දහවල් 1පමණ මොරටුව, ඉඩම ප්‍රදේශයේ පුද්ගලික මුල්‍ය ආයතනයකට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් එහි තිබු රුපියල් ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් කොල්ලකා තිබේ.

සම්පුර්ණයෙන් මුහුණු ආවරණය වන හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණ ඇති කොල්ලකරුවන් දෙදෙනෙකු මෙම මංකොල්ලය සිදු කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ මෙම කොල්ලය සිදුවන විට එහි මුදල් කවුළුව භාර නිලධාරියා එම ස්ථානයේ සිට නොමැති බවයි.

එලෙසම අද දහවල් 1:50 පමණ කිරුලපන ප්‍රදේශයේ පුද්ගලික බැංකුවකට කඩා වැදීමට උත්සහකල කොල්ලකරුවන් දෙදෙනෙකු වලකාලීමට එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා සමත්වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මුහුණු ආවරණය හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් එක් වරම බැංකුව තුලට ඇතුළුවන්නට උත්සහ කිරීමේදී එහි ආරක්ෂක නිලධාරියා බැංකුවේ දොර වසා දැමීමට සමත්වී ඇත.

එහිදී කොල්ල කරුවන් දොරට පහරදීම හේතුවෙන් එහි විදුරු කැඩී ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති අතර එහිදී ඔහු වෙඩි තැබීම නිසා කොල්ලකරුවන් දෙදෙනා මාර්ගයේ පැමිණි පුද්ගලයෙකුට පහරදී යතුරුපැදියක් පැහැරගෙන පලා ගොස් ඇත.


පොලිසිය මේ සම්බ්නන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය