Powered by Blogger.

ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් තවදුරටත් සිරගතකර තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබේ.
ව්‍යවස්ථා මණ්ඩලය විසින් ඔවුන් පිළිබඳ තීන්දුවක් ලබාදීමට කටයුතු කරනු ලබන අතර ඔවුන්ගේ තීන්දුවක් ලැබෙන තුරු වරදකරුවන් සිරගතව සිටිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයඑලෙස තීන්දු කර ඇත.
කෙසේවෙතත් තමිල්නාඩු රජයට අදාළ වරදකරුවන් නිදහස් කිරීම පිළිබඳ එතෙක් කිසිදු තීරණයක් ගැනීමේ හැකියාවක් නොමැති බවට ද අධිකරණය සිය තීන්දුව මගින් අවධාරණය කර තිබේ.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ව්‍යවස්ථා මණ්ඩලයේ තීන්දුව ලබාදීමට පත්කරන බව ද අධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇතැයි එරට වාර්තා සඳහන් කළේ ය. 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය