Powered by Blogger.


නායකත්ව මණ්ඩලය නිසා අපි දිනුවා – මාලිංග නායකයන් කිහිප දෙනෙකු තම කණ්ඩායම නියෝජනය කිරීම ලෝක කුසලානය  ජයග‍්‍රහණය කිරීම සඳහා මහත් පිටිවහලක් වූ බව ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.
20-20 ලෝක කුසලානය ජයග‍්‍රහණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග මෙසේද කියා සිටියේය.
‘නායකයෝ හතර පස් දෙනෙක් අපේ කණ්ඩායමේ හිටියා අත්දැකීම් බහුල. ඒ වගේ ම ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වෙච්ච. මං හිතනවා ඒක ගොඩාක් පිටිවහලක් වුණා. අපට මේ තරගාවලියට එනකොට.
ඉතිං මං හිතනවා චන්දිමාල්ගෙන් පස්සේ මට ත් නායකත්වය ලැබුණා. ඉතිං ඊට පස්සේ මම හිතුවා මම නායකත්වය දරන කොට මට ඒ හැම කෙනාගෙම උදව් ලබා ගන්න ඕනේ කියලා.
මං හිතනවා මං ඒ දේ සාර්ථකව කරා කියලා. ඒකයි අද 1996ට පස්සේ නැවත ත් ලෝක කුසලානයක් මගේ නායකත්වය යටතේ දිනාගන්න හැකියාව ලැබුණේ.
ඒ වගේ ම මතයක් තිබ්බා වේග පන්දු යවන්නන්ට නායකත්වය දරන්න බෑ කියලා. මං හිතනවා මං වේග පන්දු යවන්නන්ගේ අංශයෙන් ඔවුන්ට සාධාරණයක් කරා කියලා. කඩුලු ලබා ගන්න හැකියාවක් තියෙනවා නම්, ඕනෑ ම දෙයක් කරන්න බුද්ධිය තියෙනවා කියලා’

යාළුකම වැඩි වෙන්න සෞදියෙන් රට ඉඳි ටොන් 200ක්
යාළුකම වැඩි වෙන්න සෞදියෙන් රට ඉඳි ටොන් 200ක් ශ‍්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් සෞදි අරාබියෙන් රට ඉඳි මෙටි‍්‍රක් ටොන් දෙසීයක් මෙරටට ප‍්‍රදානය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එරට අබ්දුල්ලා රජතුමාගේ උපදෙස් මත මෙම රට ඉඳි තොගය ලංකාවට ප‍්‍රදානය කකර ඇති අතර මේවා දිවයිනේ දිස්ත‍්‍රික් විසි පහ ආවරණය වන පරිදි බෙදා හැරීමට ද නියමිත යැයිද අමාත්‍යංශය කියයි.

අපේ‍්‍රල් මෝඩයන් වී බන්ධනාගාර නිළධාරීන් මහ පාටියක් දමලා
අපේ‍්‍රල් මෝඩයන් වී බන්ධනාගාර නිළධාරීන් මහ පාටියක් දමලා පසුගිය අපේල් පළමුවැනිදා සිට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා වෙනත් ස්ථානයකට මාරු වී යන්නේ යයි පැතිර ගිය ආරංචියත් සමඟම බන්ධනාගාර කීපයක උසස් නිළධාරීන් එක්ව ඉහළ පෙළේ මධුවිත සාදයක් පවත්වා ප‍්‍රීතිය පළ කර ඇතැයි වාර්තා වෙයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සිය ධූරයට පත්ව පසුගිය අපේ‍්‍රල් පළමු වැනිදාට වසරක් සම්පූර්ණ වී තිබින.
ඔහුගේ සේවය අවසන් වී ඇතැයි සිතා සිටි බන්ධනාගාර අධිකාරිවරයකු සමඟ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් තිදෙදෙනකු ද ජේලර්වරුන් කීප දෙනෙකු ද බන්ධනාගාරයේ රඳවා සිට ඇප මත මුදා හැර සිටින මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරුවෙකුට අයත් රාත‍්‍රී සමාජ ශාලා දෙමටගොඩ ප‍්‍රදේශයේ රාත‍්‍රී සමාජ ශාලාවක මේ ප‍්‍රීති සාදය එදින පහන් වන තුරුම පවත්වා ඇතැයි පැවසේ.

කුණු ලොරියක් ගිනි ගනී.. බේස්ලයින් පාර හිරවේ
කුණු ලොරියක් ගිනි ගනී.. බේස්ලයින් පාර හිරවේ කොළඹ බේස්ලයින් පාරේ දෙමටගොඩ ප්‍රදේශයේදී කුණු ලොරියක් ගිනිගැනීම නිසා දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.
මේ වන විට ගින්න පාලනය කර ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

යුක්රේනය බංකොලොත් වීමට ඉතා ආසන්නයි – මූඞීස්
යුක්රේනය බංකොලොත් වීමට ඉතා ආසන්නයි – මූඞීස් යුක්රේන රජයේ බැඳුම්කර අගය එක් එ්කකයකින් පහත දැමීමට මූඩි ආයෝජකයන්ගේ සේවාව විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ගුණාත්මකව දුර්වල ආයෝජන අවස්ථා සහ අධික අවදානමක් හැඟවීම සඳහා දෙනු ලබන Caa ශ්‍රේණියේ 2වන එ්කකයේ සිටි යුක්රේනය මේ සමග 3වන එ්කකයට පහත වැටී තිබේ.  Caa3 අගය මගින් බංකොලොත් වීමට ආසන්න සහ ප‍්‍රතිසාධනයට ඉඩකඩ අඩු යන අර්ථය හඟවනු ලබයි.
ශ්‍රේණිගත කිරීම් වල පහත දැමීමට ප‍්‍රධාන හේතූන් ත‍්‍රිත්වයක් බලපාන බව මූඩි ආයතනය විසින් පවසා තිබේ.
යුක්රේනයේ දේශපාලන අර්බුදකාරී තත්වය, කියෙව්හි සිදුවූ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණය සහ ක‍්‍රිමියානු සිදුවීම් මින් එක් හේතුවක් බව පවසන එය දක්වා ඇත්තේ යුක්රේනය දැවැන්ත ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දී ඇති බවයි.
විදේශ සංචිත ප‍්‍රමාණය වේගයෙන් ක්ෂය වෙමින් පැවතීම, රුසියානු ආර්ථික සහයෝගය බිඳ වැටීම සහ ගෑස් ආනයන මිල ඉහළ යාම මෙය විදහා දක්වන බවයි.
එමෙන්ම විශාල අයවැය හිඟයක් පැවතීම තෙවන කරුණ ලෙස දක්වා ඇති අතර මේ වසර අවසාන වන විට ණය ප‍්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතය වෙත දරන අනුපාතය 55-60% මට්ටමට එනු ඇතැයි මූඩි ආයතනය අපේක්ෂා කරයි.
එ් සමග දළ ජාතික නිෂ්පාදිතයේ ශීඝ‍්‍ර කඩාවැටීමක් සහ මුදල් වටිනාකම අවප‍්‍රමාණය වීමක් සිදුවෙනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර ඇත.
යුක්රේනයේ කඩා වැටෙමින් තිබූ ආර්ථිකය ගලවා ගැනීමට රුසියාව විසින් ඩොලර් බිලියන 15ක ණයක් සහ සහන රැසක් ප‍්‍රදානය කිරීමට නියමිතව තිබූ අතර යානුකොවිච් පාලනය පෙරළා දැමීමෙන් පසුව එය අවලංගු කර දැමිණි.

ජාන වර්ධිත ආහාර රුසියාවේ තහනම්
ජාන වර්ධිත ආහාර රුසියාවේ තහනම් රුසියාව ජාන වර්ධිත ආහාර වර්ග ආනයනය නොකරන බව අගමැති ද්මිත‍්‍රි මෙද්වෙදෙව් පවසා තිබේ.  ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතා නියෝජිතයන්ගේ හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ එ් සඳහා දිරි දීමට හේතුවක් රජයට නොමැති බවයි.
ඇමරිකානුවන්ට අවශ්‍ය නම් ජාන වර්ධිත ආහාර පරිභෝජනය කළ හැකි බවත් රුසියාවට කාබනික ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍ය තරම් ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය දැඩි විමර්ශනයකට ලක්කිරීමට තමා උපදෙස් දී ඇති බව මෙද්වෙදෙව් පවසා ඇත.  ඔහු දක්වා ඇත්තේ දැඩි නීති යටතේ පවා ජාන වර්ධිත ආහාර සහ බීජ ප‍්‍රමාණයක් රුසියානු වෙළඳපොළට පැමිණ ඇති බවයි.
රුසියාව ජාන වර්ධිත නිෂ්පාදන වලින් ඉවත් විය යුතු බව මින් පෙරද කෘෂිකාර්මික අමාත්‍ය නිකොලාය් ප්යොෙදාරොව් විසින් පවසා තිබිණි.  ජාන වර්ධිත නිපැයුම් ලියාපදිංචිය සහ අලෙවිය අත්හිටුවන ලෙස පෙබරවාරි මසදී ඩූමා සභාවේ කෘෂිකර්මාන්ත කමිටුව විසින් රජයට යෝජනා කරන ලදී.
ඔවුන් පවසා ඇත්තේ ඒවා මිනිසුන්ට සහ ස්වභාවික පරිසරයට සිදුකරන බලපෑම හැසිරවිය හැකි ක‍්‍රමවේදයක් විශේෂඥයින් විසින් ගොඩනගන තුරු ජාන වර්ධිත බෝගයන්, සතුන් සහ ක්ෂුද්‍රජීවීන් බිහිකිරීම නවතා දැමිය යුතු බවයි.
මේ වන විට ජාන වර්ධිත රසායනිකයන් අඩංගු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අලෙවිය පිළිබඳ නීතියක් නොමැති අතර යම් ආහාරයක එවැනි රසායනිකයන් 0.9%සීමාව ඉක්මවන විට එය පාරිභෝගිකයාට දැන්විය යුතු බවට වන රෙගුලාසියක් පමණක් පවතී.

MH-370 සිදුවීම නේටෝ කුමන්ත‍්‍රණයක්
MH-370 සිදුවීම නේටෝ කුමන්ත‍්‍රණයක් මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් වීම නේටෝ සංවිධානයේ මෙහෙයුමක් බව ඉන් පසු සිදුකළ ප‍්‍රකාශයන් සහ එ්වාවල ඇති පරස්පරයන් හරහා පැහැදිලි වන බව මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු හා මාධ්‍යවේදියකු වන ටෝනි ගොස්ලින් පවසා තිබේ.
ඔහු පවසන්නේ 70 දශකයේ බර්මියුඩා ති‍්‍රකෝණයේ කථාව මෙන්ම ගුවන්යානය මුහුදට කඩා වැටුණු බව දැන් දැන් ප‍්‍රතික්ෂේප වෙමින් යන බවයි.
මැලේසියානු රජය සතුව ගුවන් යානයේ ගමන් පථය පිළිබඳ රේඩාර් දත්ත ග‍්‍රහණය කිරීමට අවශ්‍ය තාක්ෂණය නොමැති බැවින් ඔවුන් චන්ද්‍රිකා හිමි තාක්ෂණික දැවැන්තයන්ගෙන් සහය බලාපොරොත්තු වුවද එ් පිළිබඳ තොරතුරු නොලැබීම පසුපස ඇත්තේ මැලේසියාව තම මිතුරෙක්ද යන පැණය බව ගොස්ලින් පවසා තිබේ.
මැලේසියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ යම් සාපේක්ෂ ස්වාධීනත්වයක් දරන බවත් බටහිර රාජ්‍යයන් ඊට එරෙහි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් සඳහන් කරන ටෝනි ගොස්ලින් පවසා ඇත්තේ චීනය සමග වන බටහිරට ඇති විරසක භාවයද මේ සිදුවීමේදී භාවිතා කරන බව චීනයට ෙදාස් පැවරීමට ඉඩ හැරීමෙන් තහවුරු වන බවයි.
ගුවන් යානය අතුරුදන්වී දිනකට පසුව එය තවත් පැය 5ක් පමණ පියාසර කර ඇති බව රෝල්ස් රොයිස් සමාගම විසින් නිවේදනය කිරීමත් මාලදිවයින් පුවත්පතක් විසින් මැලේසියානු ගුවන්සේවයේ වර්ණ වලට සමාන යානයක් දකුණු දෙස බලා ඉතා පහතින් පියාසර කළ බව වාර්තා කිරීමත් යටගැසීමට බටහිර මාධ්‍ය මෙහෙයුම් විසින් උත්සහ කළ බව ගොස්ලින් පවසා තිබේ.
මේ තුළ යානය දුරස්ථ පාලකයක් හරහා කොල්ලකෑ බවට වන සැකය වඩාත් ශක්තිමත් වෙමින් ඇති බව ඔහුගේ අදහසයි.

ළමා අපචාර නිසා ඇමරිකානු කතෝලික පල්ලියට බිලියන 3ක් වැයවෙලා
ළමා අපචාර නිසා ඇමරිකානු කතෝලික පල්ලියට බිලියන 3ක් වැයවෙලා පූජකවරුන්ගෙන් සිදුවූ ළමා අපචාර හේතුවෙන් ඇමරිකානු කතෝලික පල්ලියට 2004 සිට 2013 දක්වා කාලය තුළ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.
වන්දි ගෙවීම්, වින්දිතයන්ට ප‍්‍රතිකාර කිරීම්, විත්තිකාර පාර්ශ්වයට සහය ලබාදීම් සහ නීතිඥ ගාස්තු ආදිය සඳහා මේ මුදල වැයවී ඇතැයි පැවසේ.
මෙය අනාවරණය වී ඇත්තේ එක්සත් ජනපද කතෝලික බිෂොප්වරුන්ගේ සමුළුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගිනි.
ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරිම සඳහා ප‍්‍රඥප්තිය ක‍්‍රියාවට නැංවීමේ වර්ධනයන් දැක්වීම සඳහා එම සමුළුව විසින් 11වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබිණි.
එහිදී ජෝසප් ඊ. කර්ට්ස් ආච්බිෂොප්වරයා පවසා ඇත්තේ ලිංගික අපචාරයට ලක්වූවන්ගේ යහ පැවැත්ම තම ප‍්‍රමුඛ අරමුණ බවයි.
2012 ජුලි 1වනදා සිට 2013 ජුනි 30 අතර කාලය තුළදී පුද්ගලයන් 857 දෙනෙකු විසින් ලිංගික අපචාර පිළිබඳ චෝදනා 936ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් 136ක් ඔප්පුවී ඇති බවත් වාර්තාවේ දක්වා ඇත.
කතෝලික පූජකවරුන් 730 දෙනෙකු මෙම චෝදනාවට ලක්ව ඇති අතර වාර්තාවේ දැක්වෙන්නේ ඉන් 204 දෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවයි.
1920 පමණ සිට සිදුවූ ලිංගික අපචාර පිළිබඳ පැමිණිලි කිරීමට ජනතාව ඉදිරිපත් වීම මෙයට හේතුව බව පැවසේ.
අපචාරයට ලක්වූවන්ගෙන් 80%ක්ම පිරිමින් වන අතර අතර 40%ක් වයස අවුරුදු 10-14 පරාසයේ සිට ඇතැයි වාර්තා වේ.  මෙවැනි සිදුවීම් බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ 70 දශකයේදී වීම තවත් විශේෂත්වයකි.

ලෝක ශූරයින් වූ අපට ලැබෙන ඩොලර් මල්ලෙ තරම මෙන්න..
ලෝක ශූරයින් වූ අපට ලැබෙන ඩොලර් මල්ලෙ තරම මෙන්න.. ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශයේදී 2014 විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත්විය.
2014 විස්සයි-විස්ස ලෝක කුසලානයේ නිළ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව මෙවර ජයග්‍රාහී කණ්ඩායම සඳහා ලැබෙන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 කි. මේ අනුව, මෙම මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
අනුශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම සඳහා ඩොලර් 5,50,000 ක මුදලක් හිමිවේ.
මීට අමතරව, අවසන් පූර්ව තරගයට පැමිණ පරාජය වූ කණ්ඩායම් දෙක සඳහා ඩොලර් 275,000 ක් බැගින් හිමිවන බව සඳහන්ය.
මීට අමතරව, අවසන් වටයට පැමිණි කණ්ඩායම් දහය අතර පැවති තරග වලදී ලබාගත් සෑම ජයග්‍රහණයක් සඳහාම ඩොලර් 40,000 ක මුදලක් කණ්ඩායමකට හිමිවේ.
මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුම වශයෙන් ඩොලර් ලක්ෂ 11 ක ශූරතා ත්‍යාග මුදල සමග අවසාන වටයේ තරග ජයග්‍රහණ වෙනුවෙන් හිමිවන ඩොලර් 40,000 ක ත්‍යාග මුදල් කිහිපයක් හිමිවනු ඇත.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ ලංකාව ශූරයින් වුවහොත් කණ්ඩායම සඳහා ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදීමට තීන්දු කර තිබෙන බවයි.
මෙම මුදල් මෙම තරගාවලියෙන් ලැබෙන මුදල් වලින් මෙන්ම ක්‍රිකට් ආයතනයේ තැන්පතු මුදල් වලින් ගෙවනු ඇතැයි අපි මීට පෙර සඳහන් කළේය.

මහේලයි මායි නැති වුණත් දිනන්න තරම් අපේ කණ්ඩායම දක්‍ෂයි.. – සංගා
මහේලයි මායි නැති වුණත් දිනන්න තරම් අපේ කණ්ඩායම දක්‍ෂයි.. – සංගා ලෝක කුසලානය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට ලැබීම තමන් ලැබූ භාග්‍යයක් බව ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පවසයි.
ලෝක කුසලාන අවසන් තරඟයෙන් අනතුරුව මාධ්‍ය හා අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කලේය.
‘මම ඉතාමත් සන්තෝෂ වෙනවා. විශේෂයෙන් ඉතාමත් ආඩම්බර වෙනවා, මේ වගේ කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ලැබීම ගැන. ඒ වගේ ම ලංකාව නියෝජනය කරන්න ලැබුණු භාග්‍ය ගැන.
මම හිතන්නේ අපේ මේ ක්‍රීඩකයන් ඉතා විශිෂ්ට දෙයක් කරා මේ මුළු තරගාවලියෙදී ම. ඒ වගේම අපේ ලාබාල ක්‍රිඩකයින්. ඔවුන් ඉතාම ත් විශ්ෂ්ට සේවයක් කරලා දුන්නා.
ඉතිං මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට ත්, සියලු ම ලාංකික ප්‍රේක්ෂකයන්ට ත්. මේක දිනා ගන්න ඒ ගොල්ලන්ගේ උදව් නැතිව කරන්න බෑ.
අපේ කණ්ඩායමේ මං හිතන්නේ ඉදිරි ගමන ගැන මම හිටියත් මහේල හිටිය ත්. මම ගිය ත් මහේල ගිය ත් කවුරු ගිය ත් මම හිතන්නේ කණ්ඩාය‍මේ ලාබාල ක්‍රීඩකයෝ ඔප්පු කරලා තියෙනවා.
අපි හිටියත් නැත ත් ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ක්‍රීඩාවඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා’

විහාරස්ථාන 550කට පන්සිය පනස් ජාතකය ඇතුළත් විද්‍යුත් දාගැබ් බෙදයි
විහාරස්ථාන 550කට පන්සිය පනස් ජාතකය ඇතුළත් විද්‍යුත් දාගැබ් බෙදයි රට පුරා පිහිටි විහාරස්ථාන පන්සිය පනහකට පන්සිය පනස් ජාතක කතා දේශනා ඇතුළත් විද්‍යුත් දාගැබ ලබා දීමේ ජාතික පින්කම මේ මස 27 දා එකම වේලාවක සිදු කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
මෙම ජාතක කතා දේශනා ඇතුළත් විද්‍යුත් දාගැබ පරිහරණය කරන්න තමන් කැමති  ඕනෑම වේලාවක හැකියාවක් ඇති අතර, එසේම එහි ඇතුළත් තමා කැමති ජාතක කතා දේශණාවක් ඒ සැණින් ශ‍්‍රවණය කිරීමට ඉඩකඩ සලසා තිබේ.

ලංකාව දිනූ සතුටට මහ පාරේ හෙළුවෙන් නටලා
ලංකාව දිනූ සතුටට මහ පාරේ හෙළුවෙන් නටලා 20-20 ලෝක කුසලාන තරඟාවලියේදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති අවසන් පූර්ව වටයෙන්  ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම පරදවා ජය ලැබීමේ සතුටින් උද්දාමයට පත් වූ ශ‍්‍රී ලාංකික කි‍්‍රකට් ක‍්‍රීඩා ලෝලියෙකු තමා ඇඳ සිටි වස්ත‍්‍ර ඉවත් කර ජයග‍්‍රහණය සමරමින් සිටි අවස්ථාවේදී කොල්ලූපිටිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු ප‍්‍රසිද්ධ ස්ථානයක බීමත්ව අශෝභන ලෙස හැසිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගැණුනු එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 2500 ක දඩයක් ගෙවීමට නියම කර ඇත.
මහ පාරේ පුළුල් තිරයකින් ඔහු එම තරගය නරඹමින් සිටියදී ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්ව හැඳ සිටි වස්ත‍්‍ර ගලවා ඉහළට ඔසවා ජයග‍්‍රහණය සමරා තිබිණ.

පස් හැවිරිදි රෝගී දරුවෙකුට දොස්තර අත්න් පයින් ගුටි අනී
පස් හැවිරිදි රෝගී දරුවෙකුට දොස්තර අත්න් පයින් ගුටි අනී උණ රෝගය වැළඳීම නිසා මාතලේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ගිය පස්හැවිරිදි දරුවකුට වෛද්‍යවරයකු අතින් පයින් පහරදීමේ සිද්ධියක් ගැන මාතලේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගිය 04 වැනිදා මෙම දරුවා පස්වුරුවේ සිය මව සමඟ රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යරයා මෙම පහරදීම සිදු කර ඇති බව හෙළිව ඇත.
වෛද්‍යවරයා මෙසේ පහර දී ඇත්තේ දරුවා බාහිර ‍රෝගී අංශයේ කාමරයක දොරට තට්ටු කිරීම ‍ නිසා උරණ වීමෙන් යයි දරුවාගේ මව පොලිසියට පවසා ඇත.
වෛද්‍යවරයා කාමරයේ සිටියදී පිටත පෝලිමේ සිටි ළමුන් පිරිසක් එහි දොරට ගැසූ බවත් කෝපයෙන් පිටතට පැමිණි වෛද්‍යවරයා කිසිවක් නොවිමසා තම දරුවාට පයින් පහරවල් දෙකක් ගැසූ බවත් මව වැඩිදුරටත් පොලිසියට දන්වා ඇත.

ඉන්දියාවේ ගයා ප‍්‍රදේශයෙන් ප‍්‍රබල බෝම්බයක් හමුවෙයි.
ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ ගයා ප‍්‍රදේශයේ පාසලක් අසළ තිබී ප‍්‍රබල බෝම්බයක් අද හමුවී තිබෙනවා. පොලිස් සුනඛයන් විසින් හඳුනා ගනු ලදුව පසුව නිශ්ක‍්‍රීය කෙරුණු මෙම බෝම්බය කිලෝග‍්‍රෑම් 20ක බරකින් යුක්ත වූ බව සඳහන්. මෙය අද ආරම්භ වූ ඉන්දීය මහමැතිවරණය කඩා කප්පල් කිරීමේ සිද්ධියක් ලෙසයි ඉන්දීය මාධ්‍ය හැදින්වූයේ. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ගයා නගරයට කිලෝමීටර් 13 ක් පමණ සමීපයෙන්.

එළුවන් 42 ක් ප‍්‍රවාහනය කළ කුඩා වෑන් රථයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට.
කන්තලේ - අල්ල මාර්ගයේ 18 කණුව ප‍්‍රදේශයේදී හිංසාකාරී ලෙස කුඩා වෑන් රථයකින් එළුවන් 42 ක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියපුර පොලීසිය සඳහන් කළේ අද අලූයම අත්අඩංගුවට ගත් මෙම වෑන් රථයේ සිටි සතුන්ට දැඩි ලෙස  තුවාල සිදුවී ඇති බවයි. සැකකරුවන් කුරුණෑගල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය