Powered by Blogger.

ලෝකේ විවිධ විෂයන් සම්බන්ධ නව අත්හදා බැලීම් කරන්න තරුණ අය හුගක් සමත්වෙනවා. පැරණි දේ අළුත් විදිහට ඉදිරිපත් කරන්න හුගක් අය කැමතියි. ලෝකෙ පරණ සිනමා නිර්මාණත් මේ වගේ අළුත් වෙනවා . ලෝකය අළුත් වෙනවද?පරුණ දේ නැවත අළුතෙන් ඉදිරිපත් කරනවද? ආදී වශයෙන් විමසුවත් මේ දෙකම සිදුවෙමින් පවතින දෙයක්. මේකත් ඒ වගේ අපූරු සංගීත යෝජනාවක්.
අපි ක්ලැසිකල් හෙවත් ශාස්ත‍්‍රිය සංගීතය රසවිඳින්න කැමතියි. නමුත් වර්තමාන පරම්පරාව මේ ක්ලැසිකල් මියුසික් අහන්න ඒ තරම් මනාපයක් නැහැ .නව ආරේ විටෙක කසිකබල් අහන නිසා. ලෝකෙ අනිත් රටවලයි අපේ රටෙයි මහ වෙනසක් නැහැ. අපේ සමහර තරුණ තරුනියෝ ක්ලැසිකල් මියුසික් අහන්න හුගක් කැමතියි. ඔවුන් බිතෝවන්, කිටාරෝ සහ තව නොයෙක් සිම්පනීස් අහනවා, රසවිඳිනවා.
ලෝකයේ ප‍්‍රසිද්ධ ක්ලැසිකල් සංගීත නිර්පාමකයෙක් වූAntonin Dvořák   ගෙ පැරණි සංගීත සිම්පනියකට කට්ටියක් නව මුහුනු වරක් දුන්නා . ඒ ක්ලැසිකල් සංගීත උළෙල සඳහා Classical-B නමින් වූ ග්රුප් එකක් විසින්. කොරියාවේ ඩාන්සින් ග්රූප් එකක් තියෙනවා  Waveya කියලා . මේකෙ කෙල්ලො ටික පැරණි  වූAntonin Dvořák  ගෙ සිම්පනියට අපූරු නර්ථනයක් ඉදිරිපත් කළා. . Classicle Comeback  කියලා තමයි ක්ලැසිකල් බී නමි වූ ග්රුප් එක  ඒක හඳුන්වලා තියෙන්නේ.
ඔබ මේ වීඩියෝව නරඹන්න පෙළඹෙන්නේ මේ කොරියන් කෙල්ලන්ගෙ කකුල් හෝ ඔවුන්ගේ අඩ නිරුවත් දැගලිල්ල බලන්න . නමුත් ඒ ක බලල ඉවර වෙනවිට ඔබ 1893Antonin Dvořák නිර්මාණය කළ  සිම්පනි නම්බර් 09 ඊ මයිනර්(The Symphony No. 9 in E minor, From the New World, Op. 95, B. 178 (Czech: Symfonie č. 9 e moll „Z nového světa“)එක අහලා ඉවරයි. ඉතින් පැරණි රසවත් දේ අළුත් පරම්පරාවට පුරුදු කරවන්න ඇබ්බැහි කරවන්න මේ ගත්ත උත්සාහයේ අපූරු බවක් තිබෙනවා . ඔබත් මේ කොරියන් කෙල්ලන්ගෙ අඩ නිරුවත් දැගලිල්ල බලන ගමන් සිම්පනියත් රසවිඳින්න . වීඩියෝව පහළින් බලන්න .
http://www.youtube.com/watch?v=g10DqPbbUuw
http://www.youtube.com/watch?v=_9RT2nHD6CQ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය